ජනපති අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය උදුරා ගැනීමේ සැලැස්මක් මා සතුව නැත – කරු

මීළඟ ජනාධිපතිවරණය සඳහා තරග කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය තුළින් ඉල්ලීමක් ඉදිරිපත් කරන්නේ නම් එය සලකා බැලීමට සූදානම් බව කථානායක කරු ජයසුරිය පවසයි.ඔහු ඒ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන්නේදැයි බීබීසී සිංහල සේවය සමඟ ෆේස්බුක් සංවාදයකට එක්වෙමිනි.

පක්ෂය මා සුදුසුයි කියා සිතනවා නම් ඊට අවනත වෙමි

“මගේ නම බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. රට වෙනුවෙන් නිසි කැපකිරීම කරන්නමා සූදානම්. සියලු දෙනාගේ ආශීර්වාදය ලැබුනොත් ජනාධිපතිවරණයට තරග කිරීම ගැන සලකා බලනවා”කියා පැවසුවේය

අපේක්ෂකත්වය ඉල්ලා සටන් කිරීමට මා සූදානම් නැත

එහිදී කතානායකවරයා අවධාරණය කර සිටියේ පක්ෂ නායකත්වයේ ආශීර්වාදය ඒ සඳහා ලැබිය යුතු බවය. කෙසේ වුවද, ජනාධිපති ධුර අපේක්ෂකත්වය පක්ෂයේ වෙනත් සාමාජිකයකු වෙත ලබා දීමේ සුදානමක් ඇත්නම් එය “උදුරා ගැනීමට අවශ්‍යතාවක් නොමැති” බව කරු ජයසුරිය කියා සිටියේය.

අපේක්ෂකත්වය පිළිබදව කිසි දවසක රනිල් සමග සාකච්ඡා කොට නොමැත

ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ “මම ගිහින් එතුමා සමග ඒ ගැන සාකච්ඡා කර නැහැ. එහෙම සාකච්ඡා කරන්න, ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ” යනුවෙනි.

විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු නැවැත්වීම ජනසම්මතවාදයට එරෙහි වීමක්

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු නැවැත්වීම ජනසම්මතවාදයට එරෙහි වීමක්, මක්නිසාදයත් තේරීම් කාරක සභාව යෝජනා කර සිටියේ පොහොට්ටු පාර්ශවයට සම්බන්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද සමන්විත පක්ෂ නායකයන්ගේ එකතුවකින් බව ඔහු කීවේය

තේරීම කාරක සභාවේ කටයුතු සජීවීව විකාෂණය කරන්නේ රටේ මූලික නීතියට සහ ජාතික ආරක්ෂාව පිළිබද ව්‍යාතිරේඛයන්ට අනුවය

සජීවී විකාෂණය සිදුවන්නේ තොරතුරු දැනගනීමේ අයිතියට සහ පාර්ලීමේන්තු වරප්‍රසාද පිළිබද ව්‍යාතිරේඛයන්ට අනුව බව කීවේය . එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඇමරිකාව ඇතුළු දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍ය හරහා විකාශය කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට බලය තේරීම් කාරක සභාවේ සභාපතිට ඇති බව කීවේය

නීතිපති හෝ ජනාධිපති එවන නියෝග වලින් පාර්ලීමේන්තුව යට කිරීම ඒකාධිපතිවාදයකි

පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු නැවත්වීමට ජනපති දුන් නියෝගයට අවනත නොවීම පිලිබදවද එහිදී විමසා තිබුනි. තේරීම කාරක සභාවේ කටයුතු නැවැත්වීමට අදාලව ජනපති වෙනුවෙන් නීතිපති අත්සන් කල ලිපියක් ලැබුනු බව සත්‍යයක් . නමුත් නීතිපති අත්සන් කල පමනින් එය ජනපතිගේ නියෝගයක් නොවන බව කරු පැහැදිලි කළේය .ජනපති අත්සන් කල පමනින්ද යමක් නීතියක් නොවන හැටි කරු උදාහරණ සහිතව පැහැදිලි කළේය

ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවට පටහැනි යමකට ජනපති අත්සන් කලද එය නීතියක් වන්නේ නැත

මෙහිදී කුප්‍රකට මරා-සිරා ඔක් කුමන්ත්‍රණය ගැනද විමසුවේය . මහින්දගේ අනීතික ආන්ඩුවට පාර්ලිමේන්තුවේ පහසුකම් සලසන ලෙසට ජනාධිපති කල දැනුම්දීම අනුව තමන් ඒ සඳහා පහසුකම් සලසන අතරම එහි යුක්ති යුක්ත භාවය වෙනුවෙන් අරගලයක් කළ බව ඔහු කීවේය. අවසානයේ අරගළය ජයගත් බව සදහන් කළේය. දියත් කළ අරගලය නිසා ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතභාවය භාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වූ බව කීවේය

By තුෂාරා වන්නිආරච්චි

Editor – Lanknewsapp.com