91-92 කාලයේ ගෝටාට මතුවූ මානසික ආතතිය ලෙඩේ යලිත් වැළදෙයි

89 ජවිපෙ භීෂණ කාලයේ ගෝටා සේවය කලේ  දකුනු පලාත සහ මාතලේ ප්‍රදේශවලය. මාතලේ රෝහලට යාබදව හමුවූ සමූහ මිනීවලේ අයිතිකරුවන් වූයේද  ගෝටාගේ  ගජබා රෙජිමේන්තුවයි. නමුත් ජවිපෙ භීෂණය අවසන්වීමත් සමගම  මහින්ද අත ගැසූ  අළුත් වැඩ සටහන නිසා සියල්ල උඩු යටිකුරු විය. මහින්ද හමුදාවෙන් මරාදැමූ සිය ගනනකගේ ඡායා රූප  ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළේය . එම ඡායා රූප බොහොමයක් ලබා දුන්නේද ගෝටාබයයි. මහින්ද ජිනීවා මානව හිමිකම යාමත් සමගම ජනපති ආර්. ප්‍රේමදාස සහ ආරක්ෂක ඇමති  රන්ජන් විජේරත්න ජාත්‍යන්තර අපවාදයට  ලක් විය.

රාජකාරි කිරීමට තරම්  මානසික මට්ටම හොද නැතැයි කියා ඉල්ලා අස්වීම

ඌරගේ මාළු ඌරගේම පිට තියා කැපූ රන්ජන් විජේරත්න  ගෝටාබයට එරෙහිව යුධ අපරාධ චෝදනා ගොනු කිරීමට සැරසුනේය. තමාට ෆයිල් වීමට යන නඩු හබ ගැන දැනගත් ගෝටා සිය  ඉල්ලා අස්වීමේ ලිපිය යැවුයේය. නමුත් ඊට රන්ජන් විජේරත්නගෙන්  හොද ප්‍රතිචාරයක් නොලැබිනි . කරකියා ගැනීමට දෙයක් නොමැතිවු ගෝටා අන්ත අසරණ විය. මේ අතර රාජකාරී කිරීමට තරම් හොද මානසික තත්වයක් නැතැයි කියා  ගෝටා රෝහල් ගත විය. දිගින් දිගටම  අසනීපය අල්ලගෙන ගිය ගෝටා අවසානයේ ඒ පිට දමාම  සේවයෙන්ද ඉවත් විය

ඇමෙරිකාවෙ නඩු දෙක , ලංකාවේ සොහොන් නඩුව සහ ජනපති අපේක්ෂකත්වය නොලැබීම නිසා යලි ”ඩිප්‍රෙස් ” වීම


මහජන මුදල් අවභාවිත කරමින් සොහොන් තැනීම පිළිබද නඩුව  විභාගයට ගැනීම සහ  ඇමෙරිකානු අධිකරණ 2කින් සිතාසි ලැබීමත් සමගම ගෝටා ‘ඇබ්නෝර්මල්’ වී ඇත .ඒ සමගම  ඔහුගේ පෙර අසනීපය යලිත් මතු වූයේය . දැන් තමා ” ඩිප්‍රෙස් ” බව තමා බැලීමට   රෝහලට එන එන අයට ගෝටා කියන්නේය . ගෝටගේ චිත්ත ධෛර්ය නංවනු වස් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජුනි මස 20දා සිංගප්පූරු බලා යාමට නියමිතය

පොහොට්‍ටු මන්ත්‍රීන් ගෝටාගේ හිත හැදීමට සිංගප්පුරු රෝහලට යයි

 ගෝඨාභයගේ උපන් දිනය එදිනට යෙදී ඇති අතර දේශපාලනයට ප්‍රවේශවීම සඳහා ගෝටාගේ හිත හැදීම සිංගප්ප්පූරු බලා යන මන්ත්‍රී පිරිසේ අරමුණ වී ඇත .හදිසියේ ඇතිවූ ‘ඩිප්‍රෙස්’ අසනීප තත්වයත්, ගොනුවෙමින් පවතින නඩු හබත්, ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොහොට්ටුවේ පවතින කුලල්කා ගැනීමත් නිසා දේශපාලන කටයුතු වලින් ඉවත්වීමට තමා තීරණය කර ඇතැයි රෝහලට ගිය හිතවතුන් කිහිප දෙනෙකුටම ගෝඨා  ප්‍රකාශකර ඇත.

ගෝටා තමා බේරා ගන්න යයි ඉල්ලා රනිල් සහ මෛත්‍රී ඉදිරියේ බැගෑපත් වෙයි

මධ්‍යම කැලිෆෝනියාවේ දිස්ත‍්‍රික් උසාවියේ ගෝඨාභයට එරෙහිව පවරන ලද සිවිල් නඩු දෙකෙන් ඔහු ගළවාගනු පිණිස, රාජ්‍යතාන්ත‍්‍රික මුක්තිය ලබාදෙන මෙන් එක්සත් ජනපද ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමේ සූදානමක් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහා සැලසුම් කෙරෙමින් තිබෙන බව ඉරිදා පුවත්පත් වාර්තා කොට ඇත. ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන්ට අනුව ගෝඨාභය බේරාගැනීමේ සඳහා විදේශ අමාත්‍යාංශය හරහා දැරෙන මේ උත්සාහය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙන්ම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ අනුදැනුමත් ඇතිව සිදුවෙමින් තිබෙන බව ආරංචි මාර්ග කියයි.

ඇමෙරිකාවේ පැවරූ නඩුව 1

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ලසන්තගේ දියණිය අහිම්සා වික‍්‍රමතුංග විසින් 2019 අපේ‍්‍රල් මාසයේදී පවරන ලද එක් නඩුවක් සඳහා නීති ආධාර සපයනු ලබන්නේ යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය  විසිනි(Justice and Respondents contribution). යුක්තිය සහ වගඋත්තරදායකත්වය සඳහා වූ මධ්‍යස්ථානය  මීට පෙර නීති ආධාර ලබා දුන් නඩු  

  1. චිලියේ ජෙනරාල් අවුගුස්තෝ පිනෝචේගේ මිලිටරි ඒකාධිපති පාලනය විසින් ඝාතනය කරන ලද ගායක වික්ටර් හාරාගේ පවුලේ සාමාජිකයන්
  2. එල් සැල්වදෝරයේ හමුදා ඝාතක කණ්ඩායම් විසින් මරා දැමූ අගරදගුරු ඔස්කාර් රොමේරෝ ඇතුළු සැල්වදෝර පුරවැසියන්ගේත් අයිතීන්

ඇමෙරිකාවේ පැවරූ නඩුව 2

කැනේඩියානු පුරවැසි දෙමළ වින්දිතයකු වූ රෝයි සමාදානම් විසින් කරන ලද පැමිණිල්ලක් මත ගෝඨාභයට එරෙහි දෙවැනි නඩුව පැවරීමට මුල් වී ඇත්තේ දකුණු අප‍්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර පදනම්ව ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර යුක්තිය හා සත්‍යය සඳහා වූ ව්‍යාපෘතියයි. 2007 වසරේදී තමන් අත්අඩංගුවට ගෙන තුන් වසරක් නිකරුණේ රඳවා තබා දරුණු වධහිංසාවන්ට පාත‍්‍ර කිරීම සම්බන්ධයෙන් රෝයි කළ පැමිණිල්ලක් මත මෙම නඩුව පවරා ඇත්තේ වධහිංසා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ය.

By තුෂාරා වන්නිආරච්චි

Editor – lanka news app .com