සජිත් – සිරිසේන කුමන්ත්‍රණ කල්ලියට මංගලත් එකතු වෙයි

ඊලග ජනපති අපේක්ෂකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස යයි මංගල සමරවීර නිකුත් කල ප්‍රසිද්ධ ප්‍රකාශය මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් කර ඇත. ඒ අනුව අළු යට ගිණි පුපුරු මෙන් පැවති එ.ජා.පයේ සීතල යුද්ධය ප්‍රසිද්ධ වේදිකාවට පැමින ඇත.මිට පෙර අජිත් පී පෙරේරා, සුජීව සේවසිංහ ඇතුළු තරුණ මන්ත්‍රීන් ගනනාවක් ප්‍රසිද්ධියේ සජිත්ට සහයෝගය පල කළෝය. මංගලගේ ප්‍රකාෂයේ අරමුණ සජිත්ට සහයෝගය දෙන පිරිස් ප්‍රසිද්ධ වේදීකාවට කැදවීමය

දේශපාලන විශ්ලේෂකයින් සදහන් කරන්නේ සජිත් කරලියට ගෙන ඒම සිරිසේනගේ කුමන්ත්‍රණයක් බවය. මක්නිසාදයත් 2020 ජනපතිවරණයට තරග කිරීමට සජිත් ප්‍රේමදාස ස්ථිර තීන්දුවක් නොගෙන ඇති පසු බිමක ඔහුව ඔසවා තැබීමෙන් සිදුවන්නේ එජාපය දෙකඩ වීමය. මෙම කුමන්ත්‍රණය පි‍ටුපස සිටින්නේ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න වැනි සිරිකොතට ගල් ගැසූ සිරිසේනගේ බත් බැලයන් පිරිසකි. සිරිකොතට ගල් ගැසූ උන්ට දුලංජලී සිසිල් පැන් බෙදූ බව ප්‍රසිද්ධ රහසකි. සිරිකොතට ගල් ගසා හිරේ ගිය 23 දෙනාට සජිත් ප්‍රේමදාස සිය පෞද්ගලික මුදලින් රු 100000 සිට 25000 දක්වා ගෙවූ බව බොහෝ දෙනෙකු නොදන්නා සත්‍යකි. සජිත් කීවේ එය මුදල් ත්‍යාගයක් නොව මතක සැමරුම් තිළිණයක් බවය

යම් හෙයකින් සජිත්ගේ කල්ලියට උන්හිටි තැන් අහිමි වුවහොත් එක්කො පොහොට්‍ටුව සරණ යායුතුය නැතහොත් සිරිසේනගේ පක්ෂය සරණ යායුතුය. ඒ අනුව ‘දේශපාලන සජිත් ගෝනි සෙල්ලමෙන්’ සිරිසේන දිනුවත් දිනුම්ය , පැරදුනත් දිනුම්ය. මංගල මෙම කුමන්ත්‍රණයට සහයෝගය දක්වන්නේ ඔහුගේ අගමැති සිහිනය සැබෑ කර ගැනීමටය.කුරගල පුද බිමට විදුලිය ලබාදීමට රවි කල මෙහෙයුම අල කලේද සජිත්- සිරිසේන කල්ලියයි . මංගල – රාජිත විරසකයද ඔවුන්ගේම කුමන්ත්‍රණයකි .එ.ජා.පය අරාජික කිරීම කුමන්ත්‍රණ කරුවන්ගේ මූලික සැලසුම වී ඇත . ගෙදර යන ගැට්ටේ සිටින සිරිසේනගේ දේශපාලනය වියරුවක් බව දැන් මනාව පැහැදිලිය

තුෂාරා වන්නිආරච්චි

Editor Lanka news app