පූජිත සහ හේමසිරි අත්අඩංගුවට ගැනීම පි‍ටුපස කෙස් කෙලින් කරන කුමන්ත්‍රණයක්

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර ජුලි මස 9 වනදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළාය. මෙකී අවනඩුව පි‍ටුපස සිටින්නේ සිරිසේනගේ නීතිපති දප්පුල ඩී ලිවේරාය . දප්පුල චූදිතයන් දෙදෙනාට එරෙහිව  චෝදනා ගොනුකර තිබුනේ මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේය. 296 වගන්තිය සාපරාධී මනුෂය ඝාතනයකට අදාල පරිඡේදයයි . දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මනීමැරීමට වරදකරු වුවහොත් මරණීය දණ්ඬනය නියම කළ යුතුය.අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව ඇප ලබාදිය නොහැකි වරදකි .එමෙන්ම වරෙන්තු රහිතව සැකකරු අත්අඩංගුවට ගතහැකි වරදකි.

296 යටතේ චෝදනා ගොණු කිරීම සහ ඒ පි‍ටුපස ඇති  දේශපාලන ඇම

දප්පුලගේ තර්කය වන්නේ පූජිත සහ හේමසිරි ප්‍රහාරය එල්ලවන දිනය වේලාව හා ස්ථාන දැන සිටීම, මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම, අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිෂ්චිතවම දැන සිටි නිසා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක සැකකරුවන් වන බවය. පූජිතට සහ හේමසිරිට මනුෂ්‍ය ඝාතන  පිලිබද චෝදනා ඉදිරිපත් කරන්නේ යුක්තිය පසිදලීමට නොව දේශපාලන ගේමක ඇමක් ලෙසිනි . සිදුවීමට යන අනතුර පූජිත හෝ හේමසිරි යන කිසිවෙක් අගමැති රනිල්ට දැනුම් නොදුන් බව  දප්පුලගේ චෝදනා පත්‍රයේ සදහන්ව ඇත . එනම් යම් හෙයකින් පූජිත හෝ හේමසිරි ප්‍රස්කු ප්‍රහාරය පිලිබදව අගමැතිට දැනුම් දුන් බව ප්‍රකාෂ කළ හොත් දෙදෙනාම නිදහස්ය, සිරිසේන සුදනා වී රනිල් ද්‍රෝහියා වන්නේය. 296 යටතේ චෝදනා ගොනු කලේ පූජිත සහ හේමසිරි බිය ගන්වා සිරා- දපා  සැලසුමට ඔවුන් නම්මා ගැනීමටය

හේමසිරි සහ පූජිත අත්අඩංගුවට ගත්තේ තේරීම් කාරක සභාවේ සාක්ෂි දුන් නිසා නොවේ

පූජිත සහ හේමසිරි අත් අඩංගුවට ගත්තේ පාර්ලීමෙන්තු තේරීම් කාරක සභාවේ  සාක්ෂි දුන් නිසායයි සිතීම අසත්‍යකි. ඊට වඩා කෙස් කෙලින් කරන දේශපාලන  ”ගේම් එකක්”  මේ පි‍ටුපස ක්‍රියාත්මකය. සිරිසේනගේ  සැලසුම වන්නේ ප්‍රහාරය පිලිබදව රනිල් දැනුවත්ව සිටි බවට සාක්ෂි ඉදිරිපත් කිරීම සහ ඒ හරහා ඔහු සමග ගොනුවී ඇති මුස්ලිම් දේශපාලන සංධානය කඩා බිද දැමීමය. විමල් වීරවංශ මෙම කුමන්ත්‍රණයේ කසකාරයාගේ භූමිකාවට පිවිසෙමින් සිය වෙබ් කඩමාළුවේ අද අපූරු පුවතක් පල කළේය. ‘‘Mr. ක්ලීන් දැවැන්ත හොරෙක්.. පාස්කු ප‍්‍රහාරයේ සැගවු කතාව විජේදාස හෙලි කරයි’’, යන ශීර්ෂය යටතේ ආත භූත පුවතක් අද වාර්තා කළේය

දප්පුලට දුන් අගවිණිසුරු කැරට් අලය

පාස්කු ප්‍රහාරයෙන් රට ලේ විලක්ව තිබියදී සිරිසේන කලේ තම කූට දේශපාලන සැලසුම් දියත් කිරීමය . පාස්කු ප්‍රහාරයෙන් පසු  මිනිසුන් බලාගත් අත බලා සිටිද්දී සිරිසේන රජයේ ඉහලම තනතුරු කිහිපයක වෙනස් කම් කළේය . සිරිසේන තමන්ට හිතවත් නිතිපතියෙකු සහ අගවිණිසුරෙකු පත් කර ගත්තේය. අගවිණිසුරු ධූරයට පත්කළ ජයන්ත ජයසූරිය පොල් මෝඩයෙකු වුවද නීතිපති ධූරයට පත්කල දප්පුල ක්ෂේත්‍රයේ වැඩ්ඩෙකි,දසයෙකි. දැන් සිරිසේන දප්පුලට අග විණිසුරු කැරට් අලය පෙන්වා වැඩ ගන්නේය. අගවිණිසුරු පු‍ටුවට කෑදර දප්පුල  සිරිසේන වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට ලෑස්තිය. කරුනු එසේ හෙයින් දප්පුලයා  පාස්කු බෝම්බ කථාව උඩු යටිකුරු කළ හොත් පුදුම විය යුතු නැත.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්