සිංගප්පුරු රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමන බයගෝතා සහ සිත නිවන කතා

සිංගප්පූරුවේ රෝහලකට වී අධිකරණයට වෙට්‍ටු දමමින් සිටින බය ගෝතා හැකි ඉක්මනින් මවුබිමට පැමිණ ජනතා බලාපොරොත්තු ඉටුකිරීමට කැප වන්නේයයි ප්‍රකාශ  කළ බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කොට ඇත. කිසිම හේතුවක් මත පසුබැසීමට සූදානම් නැති බවත් ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම අභියෝග යකට මුහුණදීමට සූදානම් යයි ඔහු කිවූ බව වාර්තා කොට තිබුනි. ගෝඨාභය එසේ පවසා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුගේ සුවදුක් බැලීමට සිංගප්පූරුවට ඊයේ (3) ගොස් සිටියදීය. එපමනක් නොව ලංකාවට පැමිණීමෙන් පසුව, ජූලි එකොළොස්වන්දා කැළණිය රජමහා විහාරය වැද පුදා ගෙන, තමන් ජනාධිපතිවරණ සටනට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දීම සඳහා ගෝඨාභය සූදානමින් සිටින බව එකී වෙබ් අඩවි වාර්තා කොට ඇත.


ගෝටා සුරංගනා කථා කීවද  රටේ මිනිසුන් මැරී ඉපදුනේ නැත. ගෝටා සිංගප්පුරු රෝහලට ඇතුල්වී කළේ ගෝනි සෙල්ලමකි. එකී සිංගප්පූරු  රෝහල් නාටකයෙන් ගෝටා බලාපොරොත්තු වූ අරමුණු කිහිපයකි

1.විශේෂ මහාධිකරණයේ විභාගයට ගත්  සොහොන් නඩුව මග හැරීම

2. ගෝටා නොමැති  වුවහොත්  රාජපක්ෂ ‍රැල්ල ඉච්ඡා භංගත්වයට පත් වන බව මහින්දට ඒත්තු ගැන්වීම

3. ජනපති අපේක්ෂකයා ලෙස ගෝටාගේ නම සම්මත කර ගැනීමට පක්ෂ ක්‍රියාකාරීන් පොළඹවා ගැනීම

4.  හෘද සැත්කම පාදක කොට ගත් මනෝ මූල මෙහෙයුමක් ගොඩනැගීම

5. අනුකම්පාව සහ අවධානය දිනා ගැනීමේ සම්‍යප්‍රයෝගයක් දියත් කිරීම

ගෝටා කැළණිය වැද පුදා ගෙන ජනාධිපතිවරණ සටනට පැමිණෙන බව නිල වශයෙන් දැනුම් දීමට සූදානමින් සිටින බව ඔහුට හිතවාදී වෙබ් අඩ්වි වාර්තා කලද එය එසේ වීමට හේතු නැත. ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ මහින්දය. මහින්දගේ  බලාපොරොත්තුව ගෝටාට කිරුළු පැලදවීම නොවේ, රට දැය බේරා ගැනීම නොවේ. මහින්දගේ එකම  බලාපොරොත්තුව නාමල්ට හෙටක් තැනීමය.

ගෝටාගේ හිතවාදීන් කියන කථාවේ ඇත්ත නැත්ත ක‍ටුනායක ගුවන්තො‍ටුපොලෙන් බලාගත හැක. මීට පෙර තුන් වතාවකදී  විදේශ ගතව පැමිනෙන ගෝටා රථ පෙරහැරින්  ‍රැගෙන යාමට සැලසුම් කළහ. ඒවා සැලසුම් කලේ ගෝටාවාදීන්ය . නමුත් මහින්දගේ , නාමල්ගේ සහ බැසිල්ගේ විරෝධය නිසා ඒ සියල්ල අත් හැර දැමීමට ගෝටාවාදින්ට සිදු විය.

සිරිසේනගේ අළුත්ම උපක්‍රමය වී ඇත්තේ  එජාපයට සහ පොහොට්‍ටුවට යන දෙකටම පහර දීමය. ගෝටා මෙදා පොටේ  උඩ පැන්නොත් තත්වය භයානකය. සිරිසේනගේ නීතිපති හෙන්චා වන දප්පුලයා ඔහුගේ ගෙල සිර කරනු නියතය. ගෝටාබයට එරෙහිව නැගී සිටි වෙල්ගම සහ වාසුදේව දැන් සිටින්නේ සිරිසේනගේ ඔඩොක්කුවේය. මෑතකදී මාධ්‍ය හමුවේ ගෝටා එන බවක් තමන් නොකී බව බැසිල් කීවේය. කරුණු එසේ හෙයින් ගෝටාවාදින් කුමක් කීවද ඒවා උන්ගේ  හිත නිවන කථා පමනි.

By තුෂාරා වන්නිආරච්චි

Editor – Lanka news app