අපේක්ෂකයා මහින්ද , පලමුව එන්නේ පළාත් සභා – එලඹෙන සතියේ උඩු යටිකුරු වන දේශපාලනය

පාස්කු ප්‍රහාරයෙන් රට ලේ විලක්ව තිබියදී සිරිසේන ක‌ෙළේ තම කූඨ දේශපාලන සැලසුම් දියත් කිරීමය. පාස්කු ප්‍රහාරයෙන් පසු  මිනිසුන් බලාගත් අත බලා සිටිද්දී සිරිසේන රජයේ ඉහලම තනතුරු කිහිපයක වෙනස් කම් කළේය . සිරිසේන තමන්ට හිතවත් නිතිපතියෙකු සහ අගවිනිසුරෙකු පත් කර ගත්තේය. අධිකරණයේ ඉහලම පු‍ටු වලට තමාට හීලෑ දෙබානක් පත් කළේ අන් කිසිවෙකට නොව තමාගේ දේශපාලන වයාපෘති වලට වාසිදායක තීන්දු ලබා ගැනීමටය

19 වන සංශෝධනයෙහි යුක්ති යුක්තභාවය

එලඹෙන සතියේ තීරණාත්මක දේශපාලන ප්‍රශ්න ගණනාවක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට නියමිතය. සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණ මතය විම්සීමට සැරසෙන එක් කාරනාවක් වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යුක්ති යුක්ත භාවය පිලිබදවය . ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව  ජනතාවගේ පරමාධිපත්‍යට බලපාන කරුනු පර්ලීමෙන්තුවේ 2/3ක බහුතරයකින් පමනක් සම්මත කළ නොහැක. එවන් කරුණු ජනමත විචාරණයකටද ලක් කල යුතුය.19 සංශෝධනය පැහැදිළිවම ජනතා පරමාධිපත්‍යට බලපෑම් කරන්නකි. නමුත් යහපාලන රජය එය ජනමත විචාරණයකට ලක් කළේ නැත.

යහපාලකයන් 19 පස්සා දොරෙන් බලාත්මක කිරීමේ විපාක

යහපාලන රජය 19 වැනි සංශෝධානය බලාත්මක කළේ පාර්ලීමේන්තුවේ 2/3න් පමනි. කරුණු එසේ හෙයින් 2015 වසරේ බලාත්මක කළ 19 වැනි ආන්ඩුක්‍රම සංශෝධනය ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට වලට පිටින් ගෙන ආ බවට තර්කයක් ඇත . ජනමත විචාරණයක් මගින් සම්මත කරගත යුතු වගන්ති  පාර්ලීමේන්තුවේ 2/3 න් පමනක් සම්මත කර ඇති නිසා එහි වලංගුතාවය පිලිබද අර්ථ නිරූපනයක් ඉල්ලා සිටීමෙහි වරදක් නොමැත. බොහෝ විට එම තීන්දුව මරා-සිරා කල්ලියට වාසිදායක තීන්දුවක්  වනු ඇත

මහින්දට තවත් වරක් තරග කළ හැකිය- ගෝටාබයට අබ සරණයි

යම් හෙයකින් 19 වැනි සංශෝධනය බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළහොත් නැවතත් 18 වැනි සංශෝධනය ක්‍රියාත්මක වන අතර සිරිසේනගේ නිල කාලය වසර 6ක් දක්වා දිගුවෙයි.ඒ සමඟ මහින්දට ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධකයද අවසන් වෙයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුම කරන්නේ මරා- සිරා කල්ලියේ මෙහෙයුමකි . මහින්දගේ පොරොන්දම ගැලපෙන්නේ රටේ ජනතාව හෝ ගෝටා සමග නොව සිරිසේන නැමති නීචයා සමහ බව අපි ඊයේ සදහන් කලෙමු. ෆැන්ටසිවල ගිලී සිටින ගෝටාවාදීන් දැන්වත්  පියවි සිහියට පැමිණිය යුතුය

පලමුව එන්නේ පලාත් සභා මැතිවරණයයි

තවද පලාත් සභා මැතිවරණය පළමුව පැවැත්වීමට  මරා- සිරා හවුල තීරණය කොට ඇත . ආන්ඩුව පලාත් සභා මැතිවරණය කල්දමා ඇත්තේ  සාධාරණ හේතු මත යයි කිව නොහැක. ආණ්ඩුව විවිධ තාක්ෂණික හේතු නිර්මාණය කොට පලාත් සභා මැතිවරණය කල දමා ඇතැයි පැවසීම නිවරදිය. කරුණු එසේ හෙයින් පලාත් සභා කල් දැමීම පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරනයෙන් මත විමසුමක් කිරීමට නියමිතය. එයද මරා- සිරා හවුලට වාසි දායක තීන්දුවක් වනු නිසැකය . එනම් පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්වෙනු ඇත . පලාත් සභා මැතිවරණය කැදවීමේ  ගැසට්‍ටුව තව නොබෝ දිනකින් නිකුත් වනු ඇත

ලංකා නිවුස් ඇප් විශේෂ ලියුම්කරු