අගෝ 3 සහ 4 අමුතු ආකරයේ ඇප් ‍රැගෙන අමුතු නෑ ගමන් එන පොහො‍ට්ටු කාරයන් ගෙට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බලන්න

ඔබ සටහනක් අන්තර්ජාලයේ තියන විට , ඔබගේ ස්ථානය, සිතේ ස්වභාවය සහ ඔබ නැඹුරු වී ඇති මතවාද පිලිබඳ ඉඟියක් එක්සත් ජනපදයේ ලැන්ග්ලි හි පිහිටි CIA සංවිධානයේ මූලස්ථානය දක්වා ගමන් කරයි. ඔබ ක්‍රෙඩිට් කාඩ් පතක් භාවිතා කල මොහොතේදීම, එහි අගය සහ ඉතිරි වී ඇති ණය ශේෂය ලොව පුරා සෑමබැංකු පද්ධතිය යාවත්කාලීන වෙයි. ඔබ තව දුරටත් ඉන්දීය සාගරයේ පුංචි දූපතක තම නෑදෑ හිතෛශීන් සමඟ, සිය පුද්ගලිකත්වය රැක ගෙන ජීවත් වන පුද්ගලයෙක් නොවේ.

ලෝකය තනි යායක් වූයේ අන්තර් ජාලය නිසාවෙනි. ලොව පුරා පරිශීලකයන් බිලියන ගනනක පෞද්ගලික තොරතුරු අන්තර් ජාලය සතුය . මේව අප කවුරුත් දන්නා කරුණුය. ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ කැම්පේන් එකේදී මිලියන ගණනක අන්තර්ජාලය හරහා ලබා ගත් දත්ත අව භාවිතා කොට ඇති බව කේම්බ්‍රිජ් ඇනලටිකා සිද්ධියේදී හෙලිදරව් විය. කේම්බ්‍රිජ් ඇනලටිකා යනු පළමු සිදුවූම හෝ අවසාන සිදුවීම නොවේ.

කුප්‍රකට පැනමා පේපස් සිද්ධිය ඔබට මතක ඇති. එහිදී සිදුවන්නේ මොසාක් ෆොන්සේකා නම් නීති සමාගමක් සතු වූ දත්ත සොරා ගැනීමකි. සොරාගත් දත්ත මතුවූයේ සවුත් ජර්මන් පොස්ට් නම් පුවත් පත් කාර්යාලයකි. ඇත්තෙන්ම එහිදී සිදුවූයේ අනන්‍යතාවය හෙලි නොකල පුද්ගලයෙකු එකී දත්ත සවුත් ජර්මන් පෝස්ට් කාර්යාලයට ලබා දීමය. එකී දත්ත ටෙරාබයිට් 23 තරමේ ප්‍රමානයක් විය .

එවැනි විශාල දත්ත ප්‍රමාණයක් විශ්ලේෂණය කිරීමට සවුත් ජර්මන් පොස්ට් පුවත් පතට ශ්‍රම බලකායක් නොවූ හෙයින් ලොව පුරා නම් දැරූ මාධ්‍ය වේදීන් 400ක් සිය වියදමින් ජර්මනියට ගෙන්වා ගත්තේය .

මොසාක් ෆොන්සේකා සමාගම ලොවපුරා බලගතු පුද්ගලයන්ගේ කළු මුදල් ශූක්ෂම ලෙස ආයෝජනය කිරීමට පහසුකම් සැපයූ ආයතනයකි . සොරා ගත් දත්ත හරහා ලොව පුරා රාජ්‍ය නයකයන් ගනනාවකගේ කළු මුදල් හෙලි විය . හැමදෙනාම සිතුවේ එය පට්ටම සොයා ගැනීමක් ලෙසය .

නමුත් ඇත්ත කථාව පසුව හෙලිවිය. සැබැවින්ම මොසාක් ෆොන්සේකා සමාගමේ දත්ත සොරාගත්තේ මොසාඩ් සංවිධනය විසිනි . සවුත් ජර්මන් පෝස්ට් පුවත් පතට එකී දත්ත ලබා දුන්නේ මොසාඩ් ඒජන්තයෙකි . එහි වූ දත්ත සියල්ල මොසාඩ් සංවිධානයයට දඩයම කිරීමට අවශ්‍ය වූ පුද්ගලයට ආදාල ඒවාය . තමන් විසින් එය හෙලිදරව් කරනවා වෙනුවට ඔවුන් පට්ටම ගේමක් දුන්නේය.

ඔවුන් ඒ සදහා සවුත් ජර්මන් පෝස්ට් පුවත්පත බලල් අතක් ලෙස භාවිතා කළේය . කිසිවක් නොදත් ඔවුන් ලොව පුරා මාධ්‍ය වේදීන් 400 ක් ගෙන ආවේය . සත්‍ය හෙලිවන විට සියල්ල සිදුවී හමාරය . මොසාඩ් තමන්ට අවශ්‍ය වැඩේ අනුන් ලවා කර ගත්තේය . අන්තර්ජාලය යනු ගින්දර මෙනි . ප්‍රවේශමෙන් භාවිතා කල යුතුය , නැතහොත් විනාශයකි.

අගෝ 3 සහ 4 අමුතු ආකරයේ ඇප් ‍රැගෙන අමුතු නෑ ගමන් එන පොහො‍ට්ටු කාරයන් ගෙට ගැනීමට පෙර ඔබ දෙවරක් සිතා බලන්න…


තුෂාරා වන්නිආරච්චි