හැංගි හැංගි වෙස් බැන්දාට නටන්නේ එලි පිටය – සිරිසේන -සජිත් කල්ලියේ මුදල් මැෂිම හෙලිවෙයි

ක්‍රි. පූ.103 දී රජ වූ වලගම්බාවන්ට රට පාලනය කිරීමට හැකි වූයේ මාස 5 කි. බාහිර සහ අභ්‍යන්තර කුමන්ත්‍රන වලින් රට ගිණි ගත්තේය. රෝහණ දේශයේ “තීය” නම් බමුණෙක් රජු ට විරුද්ධව කැරලි ගහන අතර ආක්‍රමනික  සොලීන් පිරිසක් මාන්තොටින් ගොඩ බටහ. උපක්‍රමශීලී වූ වලගම්බා  තීය බමුණාට පණිවිඩයක් යැව්වේය.

“දැන් රාජ්‍ය නුඹගේ ය, නුඹ සොලීන් හා සටන් කොට රාජ්‍ය ගනුව”

සොලීන් සමග සටනට ගිය බමුනා පරාජය විය. සොලීන්  ඉන් අනතුරුව අනුරපුරය ආක්‍රමනය කලේය. එහි රජ්‍යත්වය දැරූ වලගම්බා දකුනට පලා ගියේය. අශ්ව රථය තීර්ථකාරාමය පසු කරද්දී “ගිරි” නම් නිඝන්ඨයෙක්,”මහා කළු සිංහලයා පලා යනවෝ” යැයි කියා උපහාසයෙන් ඝෝෂා කළේය. එදා වලගම්බාවෝ පලා නොගියේනම් අප මේ කියවන ඉතිහාසය මීට වඩා වෙනස් වීමට ඉඩ තිබුනි.

අවමන් සහිතව ඝෝෂා කල නිඝන්ටයා සිහිපත් කරමින් වැඩ අල්ලුවේ හේතු ඇතිවය.

විසිපස් වසරක විපක්ෂ දේශපාලන අවසන් කරන විට පක්ෂයේ  සහ සාමාජිකයන්ගේ ජීවන තත්වය

2015 පිහිටවූ එ.ජා.ප රජයට එරෙහිවද  බාහිර සහ අභ්‍යන්තර උවදුරු ගනනාවක් පැමිනියේය. දිවුරුමේ තීන්ත වේලීමටත් පෙර නිර්පාක්ෂික වනවා යයි කියූ සිරිසේන නිදහස් පක්ෂය කිහිල්ලේ ගහ ගත්තේය. සිරිකොතට ගල් ගැසූ උන් උපදේශකයන් ලෙස බදවා ගත්තේය. මැතිවරණයෙන් පරාජයට පත් වූ  සොයිසා , එස්.බී,  ඩිලාන් වැනි කානු කටවල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලීමේන්තුවට ගෙන ආවේය. සිරිසේන සැලසුම් සහගතව සජිත් – රනිල් ගැ‍ටුම අවුළුවේය . එපමනක් නොවේ  සිරිසේන සජිත් සමග එක්ව රනිල්ට එරෙහිව කුමන්ත්‍රණය කලේය. රාජපක්ෂලාගෙන් එල්ල වූයේද සුළු ප‍ටු අභියෝග නොවේ. ජාතික තලයේද එ.ජා.ප සිටියේ දුර්වල අඩියකය.2015 එජාප ආන්ඩුව පිහි‍ටු වූයේ අවු 25 ක පමන විපක්ෂ දේශපාලනය අවසන් කරමිනි. අරමුදල් හිගකම නිසා සාමාජිකයන්ගේ සුභසාදනය සහ  බිම් මට්ටමේ පාලනය  කඩා වැටී තිබුනි.

එජාපයේ සහායට  මුද්‍රිත සහ විද්‍යුත් නාලිකාවක් නොමැති වීම පරාජයකි

හිරු සහ දෙරණ   රාජපක්ෂලා උස්සමින්  එ.ජා.පයට පහර දුන්නේය. සිරස සිරිසේන උස්සමින් එ.ජා.පයට පහර දුන්නේය. රාජ්‍ය මාධ්‍ය තුල වූයේද සිරිසේනගේ ආධිපත්‍යකි. දිනිත් ජයවීර යනු රබර්සෙරෙප්පු දෙකක් දමාගෙන කොලඹ පැමිනි අයෙකි . අද ඔහු බිලියනපතියෙකි . දිනිත් ජයවීර ඒ තැනට පත් වූයේ රාජපක්ෂලාගේ  අනුග්‍රහයෙන් කල ජාවාරම් වලිනි. මියෙන තුරා ඔහු  රාජපක්ෂ වහලෙකි. රෙනො සිල්වාගේ කථාවද ඊට වෙනස් නොවේ. සිරස නාලිකාව විසින් කුහක සහ අවසථාවාදියෙකු වූ සජිත් පිම්බීමට මෙන්ම රනිල්-කිලී  විරසකයට හේතුවද ප්‍රසිද්ධ රහසකි . අවුලට හේතුව කිලී මහරාජාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 10 ක් දීමට රනිල් එකග නොවීමය. දිවයින ඇතුලු පුවත්පත් ආන්ඩුව බිහිවූදා පටන් කලේ එජාපයට  පහර දීමය.

බැදුම්කර  බෑනා සමග එක්සත් ජාතික පක්ෂය

ව්‍යාපාරිකයෙකු වූ  අර්ජුන් මහේන්ද්‍රන් එ.ජා.ප හිතැති  මාධ්‍ය බලකො‍ටුවක් තැනීමට අඩිතාලම දැමුවේ මෙවන් වාතාවරණයකදීය. නමුත් ඔහුට එරෙහිව බැදුම්කර චෝදනා නගා ඔහු නිෂ්ක්‍රීය කළේය.රජයක් ආදායමට වඩා වියදම් කරන විට එම පරතරය පියවා ගැනීම සඳහා ණය ගනියි. දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ලබා ගන්නේ භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර නිකුත් කිරීම මඟිනි. සමාගම් බැදුම්කර වල ආයෝජනය කරන්නේ පුන්‍ය සේවාවක් ලෙස නොව උපරිම ලාභයක් ලැබීමටය .රාජපක්ෂලාගේ කාලයේ බැදුම්කර ගනුදෙනු සිදු කලේ රත්වත්තේලා සහ යෝශිත  මෙහෙයවූ එන්ට්‍රන්ස්ට් සමාගමය. පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම මෙන්ම එන්ට්‍රස්ට් සමාගමද බැදුම්කර ගනුදෙනුවලින් අධික ලාභයක් ලැබූහ. එකල්හි එන්ට්‍රස්ට් සමග එක්වූ  අජිත් නෙවාඩ් කබ්රාල්  මහජන මුදලින්වි විධාකාරයේ ගෝනි සෙල්ලම්ද පෑහ.

හිතේ හැටියට මහජන මුදල්  කබාසිනියා කල රාජපක්ෂ සමය

පොඩි රාජපක්ෂලාට වූ රගර් උන කවුරුත් දන්නා එකකි. ඔවුන්  ඉන්දියාවේ අයි.පී.එල් ක්‍රිකට් තරග මෙන් ලංකාවේ රගර් තරග සංවිධන කලහ. අයි.පී.එල් තරග සදහා ක්‍රීඩකයන් මිලදී ගන්නේ  ඉන්දියාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන්ය. තවද අයි.පී.එල් තරග නැරබීමට ලොව පුරා කෝටි සංඛ්‍යාත ජනකායක් සිටියි . නමුත් ලංකාවේ රගර් නැරබීම ක්‍රීඩා කරන උන් මිස බල්ලෙක් නැත. නමුත් රාජපක්ෂලා අයි.පී.එල්. පන්නයේ රගර් තරග පැවැත්වූයේය. ඒ සදහා රගර් කන්ඩායම් නිර්මානය කලහ. යෝෂිත ක්‍රීඩා කලේ වෙස්ට්ර්න් වොරියර් ටීම් එකටය. ක්‍රීඩකයන් වෙන්දේසි දැමූ විට ඉහලම මිලකට අලෙවි වූයේ යෝෂිතය . මිලියන දෙකකකට අමතරව බී.එම්.ඩබ් මෝටර්   රථයක ලන්සුවක් ඔහුට විය . එම ලන්සුව තැබුවේ එන්ට්‍රස්ට් සමාගමය.

පර්පෙචුවල් ට්‍රේෂරීස් වගේද එන්ට්‍රස්ට් සහ රාජපක්ෂලාගේ කෙරුවාව

කාල්ටන් Super 7’s   තරගාවලියේදී යෝෂිතගේ Western warriors සියලු වියදම් දැරුවේ එන් ට්‍රස්ට් සමාගමය. තවද කෝටි ගණන් මුදල් ගෙවා ෆීජී රටෙන් ක්‍රීඩකයන් ගෙන්වීය. අජිත් නෙවාඩ් මහ බැංකුවේ  රන් මෙටි‍්‍රක් ටොන් 40ක් Japuda Holdings හරහා ජපානයේ Suisse Securities සමාගමට විකුනා කෝටි ගනනක කොමිස් ගැහුවේය. 2011දී ග‍්‍රීක රාජ්‍යයේ බැඳුම්කර වල ආයෝජනය කොට බිලියන ගනනක පාඩුවක් සිදුකලේය .සේවක අර්ථසාධක අරමුදලට හිමිව තිබූ ජෝන් කීල්ස් සමාගමේ කොටස් khazanah nasional berhad වෙත විකුනා කෝටි ගනනක කොමිස් ගැහුවේය. කැබිනට් අනුමැතියකින් තොරව ඩොමිනික් ස්ට‍්‍රස්වුස්කාන්ගේ IMF Head Dominic Strauss-Khan ලිංගික අපචාර නඩුවේ නීතිඥයින්ට මුදල් මුදල් ගෙව්වේය.  (Accusations are outrageous and blatantly inaccurate – Ajith Cabraal) . ගෝල්ඩන්කී, සක්විති , සෙලින්කො ශ්‍රී රාම්, දඩුවම් මුදලාලි වැනි සියලු මූල්‍ය ආයතන සුද්ද කලේද මොවුන්ය .

රනිල් එලවා සජිත් අගමැති කිරීමට  සිරිසේන දියත් කල පලමු කුමන්ත්‍රණය

කිසිදු සමාගමක් ලාභයක් නොමැති තැනක ආයෝජනය කරන්නේ නැත. අර්ජුන් මහේන්ද්‍රගේ පර්පෙචුවල් සමාගම කලේද ආයෝජනයකි. ඒ තුල වංචා සිදුව ඇතැයි කියා පරීක්ෂණ අධිකරණයක් ගෙන ආවේ සිරිසේනය. සිරිසේනගේ සැලසුම වූයේ බැදුම්කරය හරහා  ජනතාවගේ ඇසට වැලි ගසා  රනිල් අගමැති කමෙන් එලවීම සහ හිස්වන තනතුරට සජිත් පත්කිරීමය. සජිත් මෙම කුමත්‍රණයේ කොටස්කරුවෙකි. අර්ජුන් මහේන්ද්‍රන්ගේ පර්පෙචුවල් සමාගම පැවතියේ නම් ඔහුගේ මාධ්‍ය ජාලයද ක්‍රියාත්මකය. එසේ වී නම් රාජපක්ෂලාට ස්පොර්ට් කරන දෙරණ  සහ හිරු මෙන් එ.ජා.පයේ සහයෝගයටද මාධ්‍ය ජාලයක් හිමිය. එය පක්ෂයට ශක්තියකි. නමුත් සජිත්ට  පක්ෂය ශක්තිමත් කිරීම  අවශ්‍ය නොවුනි. ඔහුට අවශ්‍ය වූයේ තමා පුම්බා ගැනීමය.තමා පොර වීමය. සිරස නැමති  ජඩ නාලිකාව එය සිදු කලේය.

‘‘මට දඬුවම් දෙන්න, ඉතිහාසය විසින් මා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත’’

සිරිසේනගේ සැලසුම වූයේ රනිල් එලවා එ.ජා.ප දුර්වල කිරීමය.  දුර්වල වන එ.ජා.පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූට්‍ටු කොට 2020 දී ජනපති අපේක්ෂකයා හෝ අගමැති අපේක්ෂකයා වීමය. සිදුවීමට යන විනාශය තේරුම් ගත්  රවි කරුණානායක සිය ධූරයෙන් වහා ඉල්ලා අස්වූයේය. ‘‘මට දඬුවම් දෙන්න, ඉතිහාසය විසින් මා නිදොස්‌ කොට නිදහස්‌ කරනු ඇත’’ ඓතිහාසික ප්‍රකාශය අනුව ගිය ඔහු පක්ෂය ‍ වෙනුවෙන් බෙල්ල දුන්නේය.   රනිල්ට එරෙහිව ඉදිරිපත්වූ  විශ්වාසභංහය පරාජය විය. ලංකාවේ විශාලතම තනි දේශපාලන  පක්ෂය තව දුරටත් ආරක්ෂා විය. නමුත් සිරිසේන – සජිත් කුමන්ත්‍රනය අවසන් වූයේ නැත. සජිත් – සිරිසේන හවුල පක්ෂයට ශක්තියක් වීමට සිටි  අර්ජුන මහේන්ද්‍ර  ඇතුලු ව්‍යාපාරික ජාලය විනාශ කලේය

නන්දන ලොකුවිතාන, සිරිසේන,  සජිත් ,මලික් සහ මංගල එක වේදිකාවකට පැමින ඇත

සිරිසේන- සජිත් කල්ලියට හිතැති ව්‍යාපාරිකයන් යහපාලන රජයෙන් උපයා ගන්නා ලද ලාභය හා සැසදීමේදී  අර්ජුන් මහේන්ද්‍රන් ළූනු සිවියකි. සිරිසේන – සජිත් කුමන්ත්‍රණය හිතුවාට වඩා බැරෑරුම්ය. මුදල් ඇමති මංගල සමරවීර සහ ජාත්‍යන්තර වෙලද කටයුතු ඇමති මලික් සමරවික්‍රමද කුමන්ත්‍රනකරුවන් අතර විය. මොවුන් අතෙකින් එ.ජා.පයට  ශක්තියක් වන ව්‍යාපාරිකයන්  විනාශ කරන අතර සජිත්- සිරිසේන කල්ලියට හිතැති ව්‍යාපාරිකයන් පෝෂණය කළේය.

අද සජිත්- සිරිසේන කල්ලිය  වෙනුවෙන් මුදල් පොම්ප කරන්නේ නන්දන ලොකුවිතානය. ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු සහ රාජපක්ෂලාගේ කළු මුදල් සුදු කරනවා යැයි චෝදනා ලැබුවේ මොහුය. හොල්සිම් සිමෙන්ති  සහ හොරණ ටයර් ෆැක්ටේරිය  ඔහුට ලැබුනේ සිරිසේනගේ අනුග්‍රහයෙනි. සිරිසේන නන්දන ලොකු විතාන ගැන කට හොල්ලන්නේ නැත. හොරෙන් හොරෙන් වෙස් බැන්දාට නටන්නේ එලි පිටය . අද නන්දන ලොකුවිතාන, සිරිසේන,  සජිත් ,මලික් සහ මංගල එක වේදිකාවකට පැමින ඇත.

දුගී බවේ යදොර බිද සවිමත් දේශයක් ගොඩ නගමු

එදා වලගම්බාවෝ ආක්‍රමනිකයා ගෙයි එලිපත්තටම පැමිනි විට  උපක්‍රමශීලීව දකුනට සංක්‍රමය විය . දකුටට විතැන්වූ වලගම්බා සේනාව ‍රැස්කොට ආක්‍රමනිකයා පරාජය කලේය. තමන්ට අපහාස කල ගිරි නිඝණ්ඨයාගේ තිප්පොල බිමට සමතලා කොට එකී භූමිය  ධර්මයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කලේය. සිරිසේන සජිත් ප්‍රේම්දාස සමග එක්ව  පහර පිට පහර එල්ල කරන විට සද්ධන්තකුලයේ රවි කරුණානායක  උපක්‍රශීලීව පසු බැස්සේය. ජනයා අතරට ගිය එජාපයේ සද්දන්ත කුලයේ සෙන්පතීන් දැඩි විශ්වාසයෙන් සහ කැපකිරීමෙන් සංවිධාන කටයුතු කළහ. දැන් ඔවුන් සතුරු බලමුළු බිමට සමතලා කිරීමට සූදානම්ය. සිරිසේන වැනි නිව‍ටුන්ට ආවඩන  නිඝන්ටයන් ලෙස නොව දැය නගන  සද්ධන්තකුලයේ සේනාව සමග ඔබත් එක් විය යුතු නොවේද ? ජාතිවාදී විෂම පවුරින් වටවූ දුගී බලකො‍ටුවේ  යදොර බිදින  සද්ධන්ත කුලයේ සේනාව සමග ඔබත් එක්විය යුතු නොවේද ?

By තුෂාරා වන්නිඅරච්චි

One thought on “හැංගි හැංගි වෙස් බැන්දාට නටන්නේ එලි පිටය – සිරිසේන -සජිත් කල්ලියේ මුදල් මැෂිම හෙලිවෙයි

  1. ඒක පට්ට පොලිස්පති ආරක්ෂක ලේකම් හිරේ ගිහින් රිෂඩ්ට ඇමතිකම් දීපු එකේ ඕක මෙකද්ද

Comments are closed.