කාශ්මීර අර්බුදය අඳුරේ අතපත ගාන ලාංකිකයෝ

අගමැති මෝදි තමා ලබා ගත් ජනවරමට අනුගත වෙමින් ජාති­ක­වා­දය ඉදි­රි­යට ගෙන යන ආකාරය  ත්‍රාසය මුසු ජවනිකා පෙලකි. පසුගිය දින කිහිපය පුරා සමාජ මාධ්‍ය තුල ලාංකිකයන් කාශ්මීර අර්බුදය අඳුරේ අතපත ගාන අයුරු දැකිය හැකි විය. එහි සිදුවන දෑ පිළිබද නිවරදි අවබෝධයක් නොවූ ඇතැමුන් එය බෞද්ධ ප්‍රාන්තයක උපතකට  සීමා කළෝය

සිදු වුයේ කුමක්ද?

ඉන්දීය රජය විසින් දශක ගණනාවක් පුරා ගත නොහැකිව ළත  වූ ඓතිහාසික තීන්දු  දෙකක් ගනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය සහ 35A වගන්තිය අහෝසි කිරීම

ඉන්දීය ව්‍යවස්ථාවේ උක්ත වගන්ති දෙක නේහ්රු-ගාන්ධි හවුල මැදිහත්ව සෙසු ප්‍රාන්ත සහ එහි ජනයා බාල්දු කොට “ජම්මු සහ කාශ්මීරය “ යන ප්‍රාන්තය සහ එහි ජනයා අධික වරප්‍රසාද වලට උරුමකරුවන් කොට ,සිය පටු දේශපාලන වාසි සඳහා ඇතුලත් කොට තිබු අසාධාරණ සහ තර්කානුකුල නොවන, දේශපාලන මගඩියකි. රටේ නීති විශාරදයන්, විද්වතුන්, ආරක්ෂක විශේෂඥයන් සහ දේශමාමකයන් දශක 7ක් පුරා සිදු කළ ප්‍රයත්නයන්ගේ ප්‍රතිඵලයක් ලෙසයි මෙම වගන්තින්ගේ අහෝසි කිරීම දැක්විය හැක්කේ.

370 වගන්තිය යනු කුමක්ද?

370 වගන්තිය මගින් ජම්මු සහ කාශ්මීරය යන මුල් ප්‍රාන්තය (ලඩක් ඇතුළුව) සඳහා වෙනම ධජයක්, වෙනම ව්‍යවස්ථාවක් සහ ස්වයං පාලන අයිතිය ලබා දී තිබිණ. එනම් රටේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබා දෙන  සියලු වරප්‍රසාද සහ ප්‍රතිපාදන භුක්ති විඳින අතර, ප්‍රාන්ත ආණ්ඩුවේ සුවිශේෂී බලය හරහා ප්‍රාන්තයේ දේශපාලන නායකයන් හට  සිය සිතු මනාපයට ක්‍රියා කළ හැකි වීමයි. ජවහර්ලාල් නේහ්රුගේ නීත්‍යානුකුල නොවන සහෝදරයකු ලෙස සැළකෙන ශේඛ් අබ්දුල්ලාහ් ගෙන් පැවත එන අබ්දුල්ලාහ් පවුලත්, කුප්‍රකට මුෆ්ටි පවුලත් ප්‍රාන්තය සිය පුද්ගලික දේපලක් ලෙස භුක්ති විඳිමින් බෙදුමවාදය ප්‍රසිද්ධියේ පෝෂණය කලේ මෙම මගඩිය හරහාය.

35 A වගන්තිය යනු කුමක්ද?

ජම්මු සහ කාශ්මීරය යන ප්‍රාන්තයේ පුද්ගලයෙකුට ඉන්දියාවේ ඕනෑම ප්‍රදේශයක ඉඩම් මිලදී ගැනීමට, ප්‍රාන්ත රජයේ රැකියා කිරීමට සහ පදිංචියට අදාලව චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය දුන්නද, රටේ අන් ප්‍රදේශවල අයට ජම්මු සහ කාශ්මීරය යන ප්‍රාන්තයේදී මේ කිසිදු දෙයක් කිරීමට අයිතිය ලබා නොදේ. කෙටියෙන් කිවහොත්, කාශ්මීරයේ වැසියෙකුට මුළු ඉන්දියාවම අයිති වුවද අනෙක් ඉන්දියානුවන්ට කාශ්මීරය අයිති නොවේ. මෙය කුමන අසාධාරණයක්ද???

ඊට එහා ගිය 90 දශකයේ හින්දු ජන සංහාරය

තත්වය තවත් උඝ්‍ර කරමින් 90 දශකයේදී කාශ්මීරයේ සිටි සුළුතර හින්දු ආගමිකයන් සමුළ ඝාතනය කොට, ඔවුන්ගේ ස්ත්‍රීන් දුෂණය කොට ප්‍රාන්තයෙන් පළවා හැරීමේ අමානුෂික මෙහෙයුමක් ඉස්ලාමීය අන්තවාදීන් දියත් කරන ලදී. එසේ පලා ගොස් වෙනත් ප්‍රදේශවල ස්ථීරව පදිංචි වූ හින්දුන්ට එම වගන්ති යටතේ තම ඉඩ කඩම් සහ නිජ බිම් අහිමි වූ අතර කාශ්මීරය ඉස්ලාමිය අන්තවාදයේ තෝතැන්නක් බවට පත් විය.

370 වගන්තිය සහ 35A වගන්තිය අහෝසි කිරීම යනු

එනම් මෙම මුග්ද වගන්ති අහෝසි කොට සියලු ඉන්දියානුවන්ට දේශය පුරා සම අයිතිවාසිකම් භුක්ති විදීමට අවස්තාව සැපයීම සඳහා ගත් ඓතිහාසික පියවරයි. මානව හිමිකම්, සමානාත්මකතාවය සහ ප්‍රජතන්ත්‍රවාදය ගරු කරන සැම ඊට සහයෝගය දැක්විය යුතුය.

ලඩක් ට සිදුවුයේ කුමක්ද?  

ලඩක් වෙනම රාජ්‍යක් බවට පත් කළා යැයි ඇතැම් ලාංකිකයන් සමාජ මාධ්‍ය වල දක්වන අදහස් ද සිනහ උපදවන සුළුය. සිදු වුයේ ලඩක් “Union Territory” එනම් මධ්‍යම රජය හරහා සෘජුව ව පාළනය වන ඒකාබද්ධ  ප්‍රදේශයක් බවට පත් වීමයි.

ලඩක් ජම්මු කාශ්මීර” ප්‍රාන්තයෙන් වෙන් කලේ ඇයි?

හේතු ගණනාවකි. දෙකක් ඉන් විශේෂ වේ. ඉස්ලාමීය බෙදුම්වාදය සහ අන්තවාදය රජයන කාශ්මීරය මෙන් නොව ලඩක් බෞද්ධ බහුතරයක් සහිත ප්‍රදේශයන්ගෙන් යුක්ත වේ. කාශ්මීරයේ හින්දුන්ට සිදු වූ ව්‍යසනය ලඩක් හි බෞද්ධයන්ට සිදු නොවීමට වග බලා ගැනීම මධ්‍යම රජයේ වගකීමකි. මෙය ඒ සඳහා ගත් එක පියවරකි. තවද මෙම මුල්  ප්‍රාන්තය ලඩක් වෙන් කිරීමට පෙර අති විශාල ප්‍රදේශයක්ව පැවතින.ජම්මු සිට ලඩක් දක්වා අධික කඳුකර මාර්ග හරහා 700km ට අධික දුරකි. මේ දුර ගමන් කිරීමට අධික දුෂ්කර මාර්ගයන් හරහා පැය 20ක් පමණ ගත වේ. (මාගේ පුද්ගලික අත්දැකීමෙන් පවසමි). ලඩක් ප්‍රදේශය මව් ප්‍රාන්තයෙන් වෙන් කිරීම හොඳ බුද්ධිමත් තීරණයකි. මේ කිසිදු නව බල ප්‍රදේශයකට  (නව ජම්මු කාශ්මීර් ප්‍රාන්තයට හෝ ලඩක් ඒකාබද්ධ ප්‍රදේශයට) ස්වයං පාලන අයිතියක් හෝ වෙනම රාජ්‍යක් හිමි නොවේ.

ලාංකිකයන් මෙම සිදු වීම අරඹයා සිදු කරන ප්‍රකාශ සහ මෝඩ අර්ථ දැක්වීම් අප රටේ බොහෝ පිරිසකගේ බුද්ධි මට්ටම මනාවට පෙන්වයි. පැය ගණන් gossip අඩවි වල ගත කරන ඔවුන් එක පැයක් Wikipedia සඳහා යෙදෙව්වා නම්, මෙය පහසුවෙන් තේරුම් ගත හැකි ඉතාමත් සරළ සිදුවීමකි.

ශාමිනි මුදලිගේ – හිටපු දූත සේවා නිලධාරිණි