රටට අවශ්‍ය වන්නේ හිට්ලර් පන්නයේ ගෝටාද? චර්චිල් පන්නයේ කරුද? සිරිසේනට එහා ආතල් දෙන සජිත්ද?

2014 වකවානුව මැතිවරණ උණුසුම උච්ඡ වූ කාලයක් විය. වසර මැද ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වූ අතර වසර අග ජනපතිවරණය පැවැත්වුනි. 2014 මාර්තු 13 කිලිනොච්චිය ධර්මපුරම්හිදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබුවා යයි පුවතක් ප්‍රචාරය විය. වෙඩි වැදී තුවාල වූ බව කියූ පොලිස් නිළධාරියා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කීවේ ඔහු පිළිබඳ වැඩි විස්තර හෙළි කළ නොහැකි බවයි. 2014 මාර්තු මස 14 දින උතුරේ ප්‍රදේශ කිහිපයක අමුතුම ආකාරයේ පෝස්ටර් පෙලක් අලවා තිබුනි. ඊළාම් දේශය ගොඩනැගීමට ආයුධ සන්නද්ධ අරගලයක්‌ දියත් කළ යුතු යැයි එකී පෝස්ටර් වල සඳහන් විය. එම සිදුවීම් වලින් දින කිහිපයකට පසු කොටි සංවිධානය නව නායකයෙකු පත් කොට ඇතැයි ආන්ඩුවට හීලෑ මාධ්‍ය මගින් ප්‍රකාශ විය.

ගෝටා-ශවේන්ද්‍ර කල්ලිය 2014 වසරේ පෙන්වූ ”ගෝපි සහ කොටි නැගිටිනවෝ” නාටකය.. 
————————————
කොටි සංවිධානයේ නව නායකයාගේ නම පොන්නයියා සෙල්වනායගම් හෙවත් ‘ගෝපි’ බවද ඔහු පොට්‍ටු අම්මාන්ගේ සමීපතමයෙකු බවද ප්‍රකාශ විය. යුරෝපයේ වෙසෙන නෙදියවන් කොටි සංවිධනයට යලි පණ දී ඇති ඇති බව සඳහන් විය. ඒ සමගම ‘ගෝපි’ අල්ලා ගැනීමට ඔත්තුවක් ලබා දෙන අයෙකුට රු මිලියන 3ක් පිරිනමන බව රජය නිවේදනය කළේය. 2014 සිංහල අලුත් අවුරුද්දට ඔන්න මෙන්න තියා පුලියන්කුලම ප්‍රදේශයේ හමුදා කඳවුරු කිහිපයක නිවාඩු අවලංගු කරමින් විශේෂ මෙහෙයුමකට සූදානම් විය . හමුදා භටයින් 2500 ක්, නිලධාරීන් 35ක් වාහන 28 ක් යොදාගනිමින් විඩත්තල්තීවු කැලෑව හමුදාව විසින් වට ක‌ෙළේය. 2014 අප්‍රියෙල් 11 දිනමිණ පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පළවූයේ මෙවැන්නකි ‘‘එල්.ටී.ටී.ඊ.යේ නව නායක ගෝපී වෙඩි කා නසී, ගෝපිගේ සගයන් වන තේවියන් හා අප්පනුත් මරුට, වෙඩි හුවමාරුවේදී කෝප්‍රල්වරයෙකුත් දිවි දෙයි’’. දිනමිණ එසේ කීවද ඇත්ත කථාව එය නොවීය.

ගෝටා‌ගේ ගෝනි සෙල්ලම් වලට බුද්ධි අංශ සාමාජිකයන් 4 දෙනෙකු බිලි දුන් හැටි.. 
————————————
ඇත්ත කථාව කෙස් කෙලින් කරන්නකි. කොටි ලේබලය ඇලවූ ගෝපි, තේවියන් හා අප්පන් හමුදාවෙන් වැ‍ටුප් ලැබූ ඔත්තු කරුවන්ය. දිවිදුන් හමුදා කෝප්‍රල් සිංහළ අයෙකු නොව දෙමළ අයෙකි. ඔහු සේවා අංක 776927 සෙල්වරාජා කමලරාජාය. මොවුන් සියලු දෙනා මරා දැමුවෙ හමුදාව විසින්මය. ඇත්තටම සිදුවූයේ ”කොටි නැගිටිනවෝ” නාට්‍ය පෙන්වීමට කෝප්‍රල්වරයෙකු ඇතුළු හමුදා ඔත්තුකරුවන් 4 දෙනෙකු බිලි දීමය. 2014 වන විට බල පෙරළියක සලකුණු කරලියට පැමිණ තිබුනි. රාජිතලා චම්පිකලා පමනක් නොව විමල් වීරවංශ පවා රාජපක්ෂලා ගැන කළකිරී සිටියහ. රාජපක්ෂලා ගිලිහෙන බලය ‍රැක ගැනීමට හමුදා බුද්ධි අංශය යොදවා ගත්තේය. බුද්ධි අංශය හරහා ව්‍යාජ කොටි පෙරමුණක් ගොඩ නැගුවේය . හදිසි නීතිය මධ්‍යයේ 2500 හමුදා බල ඇණියක් යොදවා ව්‍යාජ මෙහෙයුමක් කළේය. තම බලය ‍රැක ගැනීමට හමුදා ඔත්තුකරුවන් 4 දෙනෙකු බිලි ගත්තේය.

තව්හිද් ජමාත් කල්ලිය ඊනියා අයි.එස් ‘ප්‍රොක්සියක්’ දක්වා මෙහෙය වූයේ කවුද ? 
————————————
සහරාන්ගේ මහගෙදර වූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් මූලස්ථානය හැදීමට ඉඩම දුන්නේ ගෝටාබය රාජපක්ෂ ය. ක‍ටුවාපිටිය බෝම්බකරු මොහොම්මදු හස්තූන් ඇතුලු 26 දෙනෙකුට ගෝටාගේ බුද්ධි අංශය වැ‍ටුප් ගෙව්වේය. සහරාන්ගේ පිරිසට මුලින්ම අවි පුහුණුව දුන්නේ ”සින්න තම්බි” නම් කරුණා කන්ඩායමේ සාමාජිකයාය. සහරාන්ගේ තව්හිද් ජමාත් කල්ලිය ඊනියා අයි.එස් ‘ප්‍රොක්සියක්’ දක්වා මෙහෙය වූයේ ගෝටාබයයි. පිත්තල හංදියේ බෝම්බය ”ගෝටාස් ගෝනි සෙල්ලම්” වල පළමු වැන්න හෝ ගෝපිගේ ව්‍යාජ එල්.ටී.ටී.ඊ ය එහි අවසානය නොවේ. 88- 89 කාලයේ මාතලේ ප්‍රදේශය භාරව සිටියේ ගෝටාබයයි. ගෝටා එකල්හි කෑම බීම පවා ගත්තේ ශවේන්ද්‍රගේ මහ ගෙදරිනි. ගෝටාගේ අලුගෝසුවා වූයේ ශවේන්ද්‍ර සිල්වාය. ලංකාවේ විශාලතම සමූහ මිනී වල සොයා ගත්තේ මාතලෙනි. මිනී වල තුල තිබී හමුවූ ‘ජොනි’ විස්කි බෝතල් වලට කථා කළ හැකිනම් ගෝටා- ශවේන්ද්‍ර සෙල්ලම් සහසුද්දයෙන් කියනු ඇත.

ගෝටා- ශවේන්ද්‍ර කල්ලිය මෙවර පෙන්වීමට යන ”අයි.එස් නැගිටිනවෝ” නාටකය.. 
————————————
ගෝටා- ශවේන්ද්‍ර සෙල්ලම් දැක ගත හැකි තවත් යුගයක් දැන් උදාවී ඇත. රටේ හමුදාපති ශවේන්ද්‍රය. ජනාධිපති අපේක්ෂකයා ගෝටාය. හුදෙක් ගෝටාගේ ප්‍රතිරූපය පිම්බීමට පිත්තල හන්දියේ බෝම්බ ගැසූ ශවේන්ද්‍රලා ගෝටා ජනපති කිරීමට ඕනෑම දෙයක් කරනු නියත ය. ගෝටා 2014 වසරේ පෙන්වූ ”ගෝපි සහ කොටි නැගිටිනවෝ” නාටකය වෙනුවෙන් වැය වූ හමුදා බුද්ධි අංශ ජීවිත ගණන 4 කි. මෙවර ගෝටා පෙන්වීමට යන්නේ ”අයි.එස් නැගිටිනවෝ” නාටකය යි. ඒ වෙනුවෙන් ශවේන්ද්‍රගේ බුද්ධි අංශයට අවශ්‍ය වන්නේ එක් සාමාජිකයෙකි. ගෝපි පන්නයේම හමුදා ඔත්තු කරුවෙකු ඒ සඳහා යොදා ගත හැක. බෝම්බකරු දන්නේ ජනා කීර්ණ ස්ථානයක ”අල්ලාහු අක්බර්” කියා සූදානම් වන විට තමා අත් අඩංගුවට පත් වන බවය . නමුත් තුන්වැන්නකු විසින් දුරස්ථ පාලකයකින් බෝම්බය පුපුරවනු ඇත. “අයි.එස්. උවදුරින්” රට බේරාගත හැකි එකම ගැලවුම් කරුවන් බවට ගෝටා සහ ශවේන්ද්‍ර පත් වනු ඇත.

ගෝටාස් ගෝනි සෙල්ලම් වල හිටපු ප්‍රධාන ක්‍රියාධරයන් යලි කරළියට පැමිණීම.. 
————————————
ශවේන්ද්‍ර හමුදාවේ වෙනස්කම් සිදුකරන්නේ , මාධ්‍ය සමග අමුතු ඩීල් දමන්නේ එවැනි ”ෆෝල්ස් ෆ්ලෑග්” (False Flag) මෙහෙයුමකට පෙර සූදානමක් ලෙසිනි. යුධ හමුදා බුද්ධි ප්‍රධානියාවූ (DMI) චූලා කොඩිතුවක්කු එළවා එම තැනට අනුර ශාන්ත හේවාවිතාරණ පත් ක‌ෙළේ එහි පළමු පියවර ලෙසිනි. ශවේන්ද්‍ර තමාගේ මිලිටරි ලේකම් ලෙස පත් කර ගත්තේ කර්නල් හෙෂාන් සිල්වා ය. හෙෂාන් සිල්වා ගෝඨාභයගේ හිටපු අධි සහායක ය. (ADC -Aide De camp). ආරක්ෂක ප්‍රධානියා ලෙස පත් කර ගත්තේ බ්‍රිගේඩියර් රන්ජන් ළමාහේවා ය. මොවුන් දෙදෙනාම ගෝටාස් ගෝනි සෙල්ලම් වල හිටපු ප්‍රධාන ක්‍රියාධරයන්ය. 2005- 2009 කාලයේ කොළඹ සිදුවූ පැහැරගැනීම්, කප්පම් ගැනීම්, ඝාතන, පිත්තල හන්දියේ බෝම්බය වැනි නාටක මෙහෙය වූයේ එකළ හමුදා ප්‍රධානීන් ලඟ සිටි අධි සහායකයන් සහ ආරක්ෂකයන්ය. ශවේන්ද්‍ර එන්නේ මොකාටද කියා දැන් පැහැදිලිය.

ශවේන්ද්‍ර මේ සැරසෙන්නේ ලෙයින් සහ යකඩින් ගෝටාගේ ජනපති සටන මෙහෙය වීමටය..
————————————
‘නිශාන්ත ගජනායක’ යනු එකල ගුවන් හමුදාපතිගේ අධි සහායක තනතුර දැරූ පුද්ගලයා ය. කොළඹ පැහැර ගැනීම්, කප්පම් ගැනීම් සහ ඝාතන මෙහෙයවූ එක් ප්‍රධාන හස්තයක් වූයේ ඔහුය. ‘නේවි සම්පත්’ ‌හෙවත් Lt Cmdr NRP 0945 ‘සම්පත් මුණසිංහ’ සහ Lt Cmdr NRP 1185 ‘චන්දන ප්‍රසාද් හෙට්ටි ආරච්චි’ යනු නාවික හමුදාපති ලඟ සිටි ආරක්ෂකයන් දෙදෙනාය. කප්පම් සිද්ධිය පාර්ලීමේන්තුවේ හෙළිදරව් කිරීමට සැරසුණු රවිරාජ් මරා දැමුවේ මොවුන්ය. කරුණාගේ කන්ඩායම සමග එකතුවී කප්පම් ගත්තේ ඝාතන සිදුක‌ෙළේ මොවුන්ය . අද ශවේන්ද්‍ර ගේ මිලිටරි ලේකම් ‌හෙවත් එදා ගෝටාගේ අධි සහායක වූ හේෂාන් සිල්වා යනු කොළඹ සිදුවූ පැහැරගැනීම්, ඝාතන වලට උල්පන්දම් දුන් පුද්ගලයාය. ශවේන්ද්‍ර මේ සැරසෙන්නේ අන් කිසිවකට නොව ලෙයින් සහ යකඩින් ගෝටාගේ ජනපති සටන මෙහෙය වීමටය. මෙහි අවසානය හිට්ලර් පන්නයේ විශාල විනාශයකි .

රටට අවශ්‍ය වන්නේ හිට්ලර් පන්නයේ ගෝටාද? චර්චිල් පන්නයේ කරුද? සිරිසේනට එහා කාලකන්නි ආතල් දෙන සජිත්ද?
————————————
මේ වන විට මුස්ලිම් තරුණයන් සිය ගණනක් සිටින්නේ ‍රැඳවුම් භාරයේය. අත් අංඩගුවේ සිටින වැඩිදෙනා අවි ප්‍රතික්ෂේප කොට සහරාන්ගෙන් ඉවත් වූවන්ය. හමුදා කඳවුරු තුළ රඳවා ඇති මොවුන් ඔ්නෑම ආකාරයකට යොදවා ගත හැකිය . ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන මිනිසුන් තැනීමට වසර දහයක් ගත විය. නමුත් ගෝටා වසර 2ක් තුළ එනම් අළුත්ගම සහ දිගන ප්‍රහාර හරහා මරාගෙන මැරෙන මිනිසුන් තැනුවේය. ඉහටත් උඩින් විදේශ අතපෙවීම් ඇති ‌මෙකල සහ සංහිඳියාව ඉරිතලා ඇති මොහොතක අවශ්‍ය වන්නේ රට සුවපත් කළ හැකි නායකයෙකි. . හිට්ලර් සහ චර්චිල් දෙදෙනාම හමුදා නිලධාරීන්ය. හිට්ලර්ගේ ජර්මානු ස්වොත්තමවාදය ලොවටම පිළිකාවක් විය. චර්චිල්ගේ කෘතහස්ත දේශපාලනය ලොවට දිව ඔසුවක් විය. කුරිරු මිනීමරුවකු වූ හිට්‌ලර් ගෙන් ලෝකය ආරක්‌ෂා කර ගත්තේ චර්චිල්ය. අද රටට අවශ්‍ය වන්නේ හිට්ලර් පන්නයේ ගෝටාද? චර්චිල් පන්නයේ කරු ජයසූරියද? සිරිසේනට එහා කාලකන්නි ආතල් දෙන සජිත් වැන්නෙකුද? යන්න ජනතාව විසින් තීන්දු කළ යුතුය.

LEN