සජිත්ට රනිල්ගෙන් අනුමැතිය – ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම් යයි කියන සජිත්ට ඇල්පිටිය මැතිවරණය දිනා පෙන්වන ලෙස රනිල් කියයි

අධිකරණ නියෝගයක් අනුව එළඹෙන ඔක්තෝබර් 11 වනදා පැවැත්වීමට නියමිතව ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවා පෙන්වන ලෙස එජාප නායක, රනිල් වික්‍රමසිංහ විසින් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස වෙත භාරදී තිබේ. තමන් ඕනෑම අභියෝගයක් බාරගැනීමට සූදානම් යයි වේදීකා දෙවනත් කරන සජිත්ට එය ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට ඇල්පිටිය මැතිවරණය කදිම අවස්ථාවකි.ඇල්පිටිය ජයග්‍රහනය කර පෙන්වුව හොත් 2020 අපේක්ෂකත්වය දිමට රනිල් එකග වී ඇත .

2014 ඌව පළාත් සභා මැතිවරණය සමයේද සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය ඉල්ලා අරගල කළ අතර ඌව පළාත් සභාව දිනවා පෙන්වන ලෙස දුන් අභියෝගයගෙන් ලිස්සා ගිය බව ප්‍රසිද්ධ කථාවකි. මස් රාත්තලම ඉල්ලු සජිත් එහිදී වැඩේ කරන තැනට නොව නොකෙරෙන තැනට වැඩ කළේය . පලමුව නායකත්වය දියයුතු බවත් දෙවනුව ඌව මැතිවරණය බවත් ඔහු කියා සිටියේය .ජන 8 විප්ලවයේ පළමු වෙඩි මුරය වූයේ ඌව මැතිවරණයයි

රනිල් සහ රවි ඌව මැතිවරණයේ මහ මොළකරුවන් වූ අතර හරින් පෙරමුණේ රාල විය. සජිත් ඌව මැතිවරණය පලාතක ආවේ නැත. සජිත්ගේ එකම ප්‍රාර්ථනය වූයේ එ.ජා.පයේ අන්ත පරාජයකි . ඔහු ඒ වෙනුවෙන් හොරෙන් හොරෙන් මහින්ද – චමල් සමග ගනුදෙනුද කළේය . එජාපයේ අන්ත පරාජයකින් පසුව පක්ෂ නායකත්වය ඩැහ ගැනීම පමනක් සජිත් සැලසුම් කළේය.

සජිත් ඉතිහාසය පුරාවට කලේ ඔ‍ටුන්න හිමි කුමාරයාට ඇද ගෙන ජනයා සහ සිය සගයන් ‍රැවටීමය. සජිත් ජනයා ‍රැවටීමට සහ දේශපාලන කුමන්ත්‍රන සදහා කුල භේදයද ශූක්ෂම අයුරින් යොදා ගත්තේය. සජිත් මෙතෙක් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල අතේ පත්තු වූ බව නොරහසකි. අවසානයේ සගයන් පාවා දුන් සජිත් කිසිවක් නොවූවා සේ රනිල් සරන ගියේ සගයන්ට උන් හිටි තැන් අහිමි කරමිනි