2020 ජනපතිවරණයට සජිත් ප්‍රේමදාසද ?


සජිත් ‌‌ද්‍රෝහියෙකු ‌නොව ගමේදීම මහින්ද පැරදූ වීර‌යෙක් යයි කියවෙන ලිපියක්  සජිත්ගේ මාධ්‍ය ‌ලේකම් මධුශංක අබේගුණවර්ධන  විසින් ලියා තිබුනි.  https://www.facebook.com/lankaenews/posts/2616299478435201?__tn__=K-R සජිත්ට මහින්ද සිය ගමේදීම පරාජය කිරීමට හැකිවූ බව පෙන්වීමට ඔහු  ගෙන හැර දැක්වූයේ 2000 සහ 2002  පාර් ලීමේන්තු මැතිවරණ ප්‍රතිඵලයන්ය.


සජිත්ගේ හම්බන්තොට දේශපාලනයේ නොකියූ කථාව 

චන්ද්‍රිකාගේ කාලයේදී මහින්ද ඇය සමග සීතල යුද්ධයක පැටලී සිටි බව ප්‍රසිද්ධ රහසකි. 1994 මහින්දට චන්ද්‍රිකාගෙන්  ලබුනේ කම්කරු ඇමති පට්ටමක් පමනි. එම පට්ටම දුන්නේද මහින්ද ඇති කිරීමට නොව නැති කිරීමටය. අතෙකින් කම්කරු ඇමතිකම දුන් චන්ද්‍රිකා වෘත්තිය සමිති නායකයන් කුලප්පු කොට මහින්ද නැති කිරීමට මාන බැලුවාය.මංගල වැනි දකුනේ දේශපලකයන් චන්ද්‍රිකාට නොමද සහායක් විය.චන්ද්‍රිකා මහින්දගේ බල බිදීමට හැකි සෑම උත්සාහයක්ම දැරුවාය. .කැබිනට් රහස් පිටකරන්නේ මහින්ද යයි චෝදනා කළාය. ඔහුට ”රොයිටර්” කියා ප්‍රසිද්ධියේ අවමන් කළාය. 2001 චන්ද්‍රිකාගේ ආන්ඩුව වැ‍ටුනේ එස්.බී, බන්දුල , ජී.එල්, මහින්ද විජේසේකර ඇතුළු පිරිසක් එජාපයට එක් වීම හේතුවෙනි. එකී පිල් මාරුව පි‍ටුපස සිටි මහ මොළකරු මහින්ද යයි චන්ද්‍රිකා  ඇගිල්ල දිගු කළාය. මේ සියල්ලෙකි වාසිය ලැබුනේ සජිත්ටය

සැබැවින්ම කපෝතිය වැදුනේ සජිත්ටය
2000 චන්ද්‍රිකාගේ දෙවන ධූරකාලයට අයත් වූ අතර ඇයගේ ජනප්‍රියත්වය නාය යමින් තිබුණි.  පක්ෂයේ ජනප්‍රියතාවයද සීඝ්‍රයෙන් පිරිහෙමින් පැවතුණි. 1999 අවසක් භාගය වන විට මාන්කුලම් අහිමිවී තිබුනි. රජයේ හමුදව  කි.මී 55 දකුණට පසුබැස්හ. 2002 වන විට තත්වය තවත් දරුණු විය. මුලතිව් , එලිෆන්ට් ෆාස්ට් අහිමි වී තිබුනි. 25000 ක හමුදාව යාපනයේ කො‍ටු වී සිටියහ. ඔවුන්ට මිනී පෙට්ටි සූදානම් කර තබන ලෙස ප්‍රභාකරන් කියා තිබුනි.  2001දි චන්ද්‍රිකාගෙන් පළුවක් ගලවාගෙන එස්.බී ඇතුලු 16 දෙනෙක් එජාපය සමග එක් විය. සජිත්ට  2000 සහ 2001 දී මහින්ද පරාජය කිරීමට හැකි වූයේ ඔහුගේ දක්ෂතාවය නිසා නොව යටකි බාහිර සාධක නිසාවෙනි. සජිත්ට එම වසර දෙකෙන් පසු කිසිදු විටක රජපක්ෂලා පරාජය කල නොහැකි විය. සැබැවින්ම කපෝතිය වැදුනේ සජිත්ටය. සජිත් ලද පරාජ කොතෙක්දයත් 2004 දී ජවිපෙ නිහාල් ගලප්පතිට පවා පරාජය විය

 සජිත් හම්බන්තොටට ගියේ ඇයි?
උක්ත ලිපියේ සජිත්ගේ හම්බන්තොට සම්ප්‍රාප්තිය අතිශයොක්තියෙන් වර්ණනා කොට ඇත. වමේ බලකො‍ටුවක් සහ රාජපක්ෂලාගේ නිජබිම වන හම්බන්තොට දික්විජය කිරීමට සජිත් පැමිණි බව එහි  නොකියා කියා ඇත. නමුත් සැබෑ කථාව එය නොවේ. සජිත් රෝයල් කොලීජියට ගියද  එහි ඕ ලෙවල් වලට එහා ගමනක්  යා නොහැකි විය. වැඩි දුර අධ්‍යාපනයට එංගලන්තයට ගියද එය සාර්ථකව නිම කිරීමට ඔහු අපොහොසත් විය. අගනුවර කුලයන් සමග පෑහීමට සුදුසු ප්‍රතිරූපයක්, පෞරුෂයක්   තනා ගැනීමට සජිත්ට නොහැකි විය. සජිත් තමන්ට පෑහිය හැකි ලැවරිය කාරයින්, රේන්ද කාරයින්, රෙදි අපුල්ලන් සොයා හමබන්තොටට සැපත් විය.සජිත් වේදිකාවේ   කරන්නේද සමස්ථ පුරවැසියන්ට කථා කිරීම  නොව ‍තෝරාගත් ගැලරියක් පිනවීමය. පිට කරන වචනයක්   පාසා ඇත්තේ  ප්‍රනීත දහම් නොව හීන දහම්ය. ඊට උදාහරණ ඕනෑ තරම් නිසා  ඒවා මෙහි උපුටා දැක්වීම ඵල රහිතය

කරු පෙන්වූ වැඩ සජිත්ට පෙන්විය හැකි වෙයිද ?
2014 ඌව පළාත් සභා මැතිවරණය සමයේද සජිත් ප්‍රේමදාස එජාප නායකත්වය ඉල්ලා අරගල කළේය. කළේය ඌව පළාත් සභාව දිනවා පෙන්වන ලෙස දුන් අභියෝගයගෙන් ඔහු ලිස්සා ගියේය . මස් රාත්තලම ඉල්ලු සජිත්  වැඩේ කරන තැනට නොව නොකෙරෙන තැනට වැඩ කළේය . පලමුව නායකත්වය දියයුතු බවත් දෙවනුව ඌව මැතිවරණය බවත් ඔහු කියා සිටියේය. ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සූදානම් යයි කියන සජිත්ට ඇල්පිටිය මැතිවරණය දිනා පෙන්වන ලෙස දැන් පක්ෂය දැනුම් දී ඇත. 1994 දී චන්ද්‍රිකා බලයට පත්වූයේ 62% ඓතිහාසික ජයග්‍රහනයක් ලබමිනි. 1996දී කොළඹ නගර සභාව ජයග්‍රහනය කර පෙන්වන ලෙස පක්ෂය කරුට අභියෝග කළේය .ඒ වන විට එජාපය සිටියේ පන අදිමිනි.නමුත් කරු එම අභියෝගය බාර ගෙන පක්ෂය ජයග්‍රහනය කරා මෙහෙය වූයේය. කරු අළුත් දේශපාලන සංස්කෘතියක් හදුන්වා දුන්නේය.  

සජිත්ද  තම පියා මෙන්ම වියරුවක ගිලී සිටියි
සජිත්ගේ ලේකම්   උක්ත ලිපිය ලියන්නේ උදය ප්‍රභාත්ට  පිළිතුරුක් ලෙසිනි. මුල් ලිපියේ කොතනකවත් රවි කරුණානයක ගැන ලියා නැත. එහෙයින් මුල් ලිපියට පිළිතුරු බදින්නේ නම්  රවීට බැන අඩ ගැසීමේ අවශ්‍යතාවයක්  නැත. රවීට පහර ගැසීමෙන් පෙනී යන්නේ සජිත්ද  තම පියා මෙන්ම වියරුවක ගිලී සිටින බවය. රවීට පහර දීමට ඇතුලත්මුදලිගේ නමද ගාවා ඇත.  96දී  චන්ද්‍රිකා සහ ශ්‍රීමනි  රවිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන අතර ඔහුට සාධාරණය ඉ‍ටු  වූයේ අධිකරණයෙනි.  ඉන් අනතුරුව  රවීට දේශපාලනය කිරීමට සිදු වූයේ බැද්දගානේ සංජීව, ධම්මික අමරසිංහ, චින්තක අමරසිංහලාගේ තර්ජන ගර්ජන මැදය . නිහාල් අමරසිංහගේ පී.එස්.ඩී මා‍ෆියාව  සමග ගැටෙමෙනි. වරෙක රවිගේ නිවසට මිනී ඔළු යවා තිබුනි. රවි කිසිවිටෙක පාතාලයට පාතාලයෙන් උත්තර දීමට ගියේ නැත. නමුත් සජිත් ජුලම්පිටියේ අමරේ, වම්බොට්ටා, චන්ඩි මල්ලිලා   සමග   හැප්පුනේ   සූරිය වැව රත්නවීරලා සමග ඩීල් කරමිනි.

විසල් වැව කියා දෙන දේශපාලන පාඩම 
සජිත්  පක්ෂයට පැමිනිදා සිට කලේ ඔ‍ටුන්න හිමි කුමරුට ඇද ගනිමින් නායකත්වයට කුළල් කාගැනීමය. ඔහු රනිල් එලවීමට මහින්ද සමග සිරිසේන සමග ඩීල් දැම්මේය. සජිත් සිය කුමන්ත්‍රණ වලට  සගයන් බලල් අතක් ලෙස භාවිතා කළේය , නැගී එන නායකයන්ට ලණු දෙමින් ඔවුන් විනාෂ කළේය  . 1999 දී රවි එජාපය හා එක් විය . 2000 සහ 2001 කාලයේ එක්සත් ජාතික පක්ෂය ලැබූ ජයග්‍රහන වල පෙරගමන්කරුවෙකු වූයේ රවි කරුනායකය.  2000 සහ 2001දී  රාජපක්ෂලා පරාජය කළා යයි සජිත් පෙන්වන ගනන් ඉලක්කම් වලට රවිගෙන් ලද දායකත්වය විසල්ය.එජාපය හතර ගාතේ වැටී සිටින විට පක්ෂය යලි කෙලින් කිරීමට රවි දුන් දායකත්වය කෘතු ගුණ දන්නෝ දනිති.  ඔහු සිය මුදලින් පත්තර ගැසුවේය, සංවිධායකයට උදව් කළේය.  යසට හැදුන වැඩුණ කුඹුර ද එහි වී කරල් ද පෝෂණය කිරීමට ඇළ දිගේ පැමිණි වතුර වැවට අයත් බව වැවේ හිමිකරු කිසිදින කියා නැත. කිසිදින එසේ කියනු ද නැත. ඇළ ද වී කරල්වලට එය නොකියනු ඇත. එහෙත්, වැව් මහා විශාලයි. නිහඬයි. ගැඹුරුයි.

By තුෂාරා වන්නි ආරච්චි