මේ දවස් වල පිස්සු බල්ලන් කූඩු කරන්න යයි, මහින්දගෙන් ගෝටාබයට කුනුහරුප පූජාවක්

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොටාබය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසි පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්කල පෙත්සම දේශපාලන කරලිය උඩු යටිකරු කළ සිදුවීමක් විය. තීන්දුව නිකුත්කොට සුලු වේලාවක් ගත වෙත්ම පහරදීම් ගිණි තැබීම් පමනක් නොව පෙත්සම් කරුවන්දෙදෙනාට මරණ තර්ජනද එල්ල විය. තේනුවර සහ වියන්ගොඩට සෘජුව හෝ වක්‍රව එල්ල වූ මරණ තර්ජන අතර ගොටාගේ සට්ටැඹි කල්ලියේ මධුමාදව මුහුනු පොතේ දැමූ සටහනක් කාගේත් අවධානයට ලක් වී තිබුනි. “වියන්ගොඩ වගෙ තව නමක් තියනව එක්නැළිගොඩ කියල සුබපැතුම් දෙදෙනාටම ” ලෙසින් දැමූ සටහනින් මධුමාධම  නොකියා කීවේ එක්නැලිගොඩ වියන්ගොඩද සුදු වෑන් එකකින්  අතුරුදහන් කල හැකි නම් එය අගනා බවය .

මධු  මාධව යනු ගෝටාගේ උෂ්ණය ඇගට ගෙන ඕනෑම කුප්ප වැඩක් කිරීමට සූදානම් අයෙකි. පාස්කු ප්‍රහාරයෙන් පසු මිනුවන්ගොඩ ගිණි තැබීමට ගොස් සිටියදී මොහු අතේ මාට්‍ටු විය . මිනුවන්ගොඩ ගිනිතැබීමට මධුමාධව සම්බන්ධ බව මහින්දට වාර්තා වූ විගස ගෝටාට කතා කළ මහින්ද  ”අර වේ…. පුතා ” මාවා කෑවා කියා කුනුහරුප පූජාවකින් දී තිබුනි. නඩුවෙන් පසු මධුමාධවගේ හැසිරීම කන වැකුනු මහින්ද  නැවතත් ගෝටා ඇමතුවේය. ”ඡන්ද දාහක් නැති වල් පරයෝ ටික ලංකරගෙන තව පාරක් මාව කන්ඩද හදන්නේ කියා විමසූ මහින්ද මේ දවස් ටික යනකන් ඔය පිස්සු බල්ලො ටික කූඩු කරනව, ආයේ මට මේ ටික කියන්ඩ තියන්ඩ එපා”  ලෙසින් තර්ජනාත්මකව කියා තිබුනි

මහින්ද අයියා ගෝටා මලයාට දුන්  කුනුහරුප පූජාව කන වැකුනු මධුමාධව හැරුනු තෑපෑලෙන් එක්නැලිගොඩ – වියන්ගොඩ ගැන දැමූ සටහන ඉවත් කරගෙන තිබුනි. මධු මාධව පමනක් නොව නඩු තීන්දුව ප්‍රකාශයට පත් වූ පසු ගෝටාගේ ගොට්ටන් බහුතරයක් හැසිරුනේ වියරුවෙනි. ගෝටාගේ සට්ටැඹි වහලුන් බහුතරයක ප්‍රතිචාරය හිංසාකාරී  විය. මහින්ද ගෝටාබයට කුනුහරුප පූජාවක් දුන්නද ඔහු කීවේ ” මේ දවස් ටික ” යන තෙක් පිස්සු බල්ලන් කූඩු කල යුතු බවය. එනම් මැතිවරණය අවසන් වූ විගස කූඩූ කල පිස්සු බල්ලන් ලිහා දැමිය හැකි බවය .මෙකී සිදුවීම යම් හෙයකින් රාජපක්ෂ රෙජීමය යලි බලයට පැමිනිය හොත් විරුද්ධ මතධාරීන්ට අත්වන ඉරණම පිලිබදව පෙර කියවීමකි .