ආර්යාවට හර්ෂගෙන් අමුතු යෝජනාවක්

එක්සත් ජාතික පක්ෂයේ සජිත්වාදී හර්ෂ ඩි සිල්වා පසුගිය දිනක ජලනි ආර්යාවට කථා කොට අමුතු යෝජනාවක්  කොට ඇති බව වාර්තා වෙයි . ” මේ මනුස්සයා හැමදාම අදින්නේ අර සුදු කමිසෙයි කලිසමයි  පරණ සෙරෙප්පු දෙකනේ. අනේ ඔයාට බැරිද මේ මනුස්සයට අළුත් ඇදුම් ටිකක් අරන් දෙන්ඩ, කියා විමසා ඇත.

එවිට , ‘අනේ අරන් දුන්නට වැඩක් නෑ එයා හරි සරලයි නේ’’ ජලනි පිළිතුරු දී ඇත . එපමනක් නොව සරල සජිත්ගේ අල්පේච්ඡ දිවිය පිලිබද කථා ගොඩක් පවසා ඇත . කොලපතේ බත් කන අයුරු , පොල් කට්ටේ වතුර බොන අයුරු, නිදි යහනේ සරලත්වය පමනක් නොව අල්පේච්ඡ ලීලාවෙන් පිලිකන්නේ රෙන ආකාරය ජලනි හර්ෂට පැහැදිලි කොට ඇත.

නමුත් සරල සජිත් ගමන් බිමන් යන්නේ v 8 ලෑන්ඩ්කෲෂර් එකකිනි. පරිවාර රථ වශයෙන් යන්නේ ඩිස්කවරි ප්‍රාඩෝය. සජිත්ගේ මැතිවරණ  මෙහෙයුම් කාර්යාලය පිහි‍ටුවා ඇත්තේ වොක්ෂෝල් වීදියේය .මැතිවරණ කාලයේ   එහි පැමිනෙන ජනයාටවත් මිදුලෙන් එහා ඇතුල් විය නොහැක . දොරවල් වලට  බයෝ මෙට්‍රික් ‍ෆින්ගර් ප්‍රින්ට් ඇක්සෙස් සවිකොට ඇතුල්වීම සීමා කොට ඇත .සජිත් සාමාන්‍ය ජනයාට අතට අත දුන් පසු මිනරල් වතුර බෝතලයකින් අත සෝදන අයුරු මෑතකදී කැමරාවට හසුව තිබුනි.

අද රටට අවශ්‍යව ඇත්තේ  ආතල් දෙන ප්‍රෝඩාකාරී  නායකයෙකු  නොවේ. ඌරගේ මස් ඌරගේ පිට තියා කපනවා මෙන් , අරක දෙනවා මේක දෙනවා කියන එකෙකු නොවේ.මක්නිසාදයත් ඔය කෝක දෙන්නේත් ඌ ගෙදරින් ගෙන එන මුදලින් නොව අපි ගෙවන බදු මුදලිනි . රටට අවශ්‍යව ඇත්තේ ”ඇක්ෂන් පෑලෑන්” එකක් ඇති නායකයෙකි. එනයින් බලන කල ගෝටා ඉන්නේ ඉදිරියෙනි . සජිත් යනු රෑ දනියෙල් දවල් මිගෙල් චරිතයකි