මීරාගේ ප්‍රශ්නය සහ සනී ලියෝන්ගේ පතිවත

තීරණාත්මක යුද්ධය දරුණුවටම පටන් ගත්තේ 2006 වසරේදීය . මුහමාලේ සටන එහි තිරණාත්මක කඩ ඉමකි. මාගේ සහෝදරයාද එම සටන් පෙරමුණේ විය. එය  ඔහු මුහුණ දුන් අවසන් සටනය. මුහමාලේ සටනට ගිය සහෝදරයා යලි ගෙදර පැමිනියේ නැත. ඒ වන විට ඔහු විවාහකයෙකු විය. ආදරනීය පියා පැමිනෙන තුරු  දියනිය මග බලා සිටියද ඔහු කිසි දිනෙක ගෙදර පැමිනියේ නැත.

ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ඊයේ මාධ්‍ය හමුවට පැමිනියේය . එහිදී  හින්දු  පුවත්පතේ මාධ්‍යවේදිනියක වන මීරා සිරිනිවාසන් යුද්ධයෙදී අතුරුදහන් වූ පුද්ගලයන් පිලිබදව පැනයක් යොමු කළාය. අතුරුදහන් පුද්ගලයන්  යයි ඇය අදහස් කරන  කුලකයට  මාගේ සහෝදරයා ඇතුලත් වූවා යයි මා නොසිතමි. මීරාගේ පැනයට ගෝටාබය පිලිතුරු දුන්නේය .

ගෝටාගේ පිලිතුර මෙලෙසින් විය . ඔව් යුද්ධයෙන් පුද්ගලයන් අතුරුදහන් වුනා. උතුරේ යුද්ධයේදී හමුදා සාමාජිකයන් 4000කට වඩා අතුරුදහන් වුනා. ඒ වගේම සාමාන්‍ය පුරවැසියනුත් අතුරුදහන් වුනා , ත්‍රස්තවාදීනුත් අතුරුදහන් වුනා. යුද්ධයේ ස්වභාවය මේකයි. නමුත් ඔබ කථා කරන්නේ  යුද්දයෙන් අගතියට පත් එක් පාර්ශවයක් ගැන පමනයි.

යුද්ධයේදී ආගිය අතක් නැති හමුදා සාමාජිකයන් හදුන්වන්නේ අතුරුදහන් වූවන් ලෙස නොවේ. ”MIA ” (Missing in action) යන පදය ඔවුන් හැදින්වීමට යොදයි.  හමුදාවේ එකා MIA  කියා උන්ගේ කථාව අමතක කල හැකිද? සහෝදරයාගේ දියනිය අද උසස් පෙළ සිසුවියකි. පියා කෙදිනක හෝ ගෙදර පැමිනේවිය යන අහිංසක බලාපොරොත්තුව ඇය තුල මිය ගොස් නැත. නමුත් ලෝකයා විසින් ඇයගේ පියා මරා දමා ඇත. දැන හෝ නොදැන ඔබත් මමත් එම අපරාධයේ හවුල්කාරයන් විය හැක

අප ලෝකයේ උතුම්ම සම්පත මිට මොලවා උපන් ජාතියකි . අප හේතුව සහ ඵලය විමසා එතෙර වීමට වෙර දරන ජාතියකි. මාගේ සහෝදරයා සහ සිවිල් වැසියන් වින්දියයන් වූයේ එකම යුද්ධයකිනි. එකී යුද්ධයේ බීජ පැල කොට පෝෂණය කලේ ඉන්දියාවය. කොටින්ට කිරි පෙවූ මීරලා අපගේ යුක්ති බාවය ප්‍රශ්න කරයි. සනී ලියෝන් යනු ඉන්දියානු කතකි. ඇය කාම චිත්‍රපට වල රගපා  බඩ වියත ‍රැගගත් අයෙකි. කිසිවෙකුගේ පතිවත ඇයට ප්‍රශ්න කල හැකිද?

කීර්ති රත්නායක මුහුනු පොතට ලියූ සටහනකි