ලොකු ප්‍රේමදාස සහ පොඩි ප්‍රේමදාස ප්‍රශ්න විසදූ හැටි

යකෝ මේ ජනාධිපති අපෙක්ෂකයෙක් නේද

යකෝ මේ ජනාධිපති අපෙක්ෂකයෙක් නේද මෙහෙම ආතල් දෙන්නේ…ආර්‍යාව සතුටු කරන්න මූ රගපානවා නියමට.ඔය කියන ප්‍රශ්න ඔහම කොල් එකෙන් විසදන්න පුලුවන්නම් මොනා කරන්න බැරිද..යකෝ ශුවර් මූ නම් සිරිසේන වඩා ආත දෙයි වගේ

Posted by ලබ්බා – Labba on Sunday, October 6, 2019

ඉහත දැක්වෙන්නේ කඩිනමින් ප්‍රශ්න විසදනවා යයි සජිත් ප්‍රසිද්ධ කල වීඩියෝවකි. පසුගියදා ”මෙගා බයිලා” චමිපිකගේ ”මෙගා මයිඩ්” වැඩසටහනට ගිය සජිත් ජනතා ගැටලු විසදීමට ආර්ටි‍ෆිෂල් ඉන්ටෙලිජෙන්ස් තාක්ෂණයද යොදා ගන්නා බව කීවේය .පොඩි ප්‍රේමදාස මෙන්ම ලොකු ප්‍රේමදාසද කඩිනමින් ප්‍රශ්න විසදීමට උත්සාහ කළෝය .පහත දැක්වෙන්නේ සජිත්ගේ පියා කඩිනමින් ප්‍රශ්න විසදූ ආකාරය ගැන කිවෙන කථාවකි.

ස්ථානය –  ප්‍රේමදාසගේ කාර්යාලය වූ  සුචරිත මන්දිරයයි. 1991 වර්ශයේ යම් දිනකි. ප්‍රේමදාස ජාතික ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් දෙයි

ප්‍රේමදාස – ” අද පත්තරේ තියනව කැළේ මැද නටබුන් වෙච්ච බුදු පිළිමයක් ගැන. එතනට ගිහිල්ල තත්වය පරීක්ෂාකරල බලල ඒ පිළිමය නගා හිටුවන්ඩ වහාම වැඩ පිළිවෙළක් සකස් කරන්ඩ ඕනෙ. මට මේ ගැන උදේ දහයට කලින් වාර්තාවක් දෙනව ෆෝන් එකෙන්. ”  ආයෙ මොනවද අට හමාර වෙනකොට ඉන්ංජිනේරුවගෙන් කෝල් එක ආව.

ඉංජිනේරුවා – ” සර්..මම අර පිළිමෙ බලන්ට ගියා.ඒක කෙලින් කරන එක නම් ප්‍රශ්නයක් නෑ. ඒත් මේ….” 

ප්‍රේමදාස – ” මේ තමුං දන්නවනෙ, මම ඔය ”ඒත් මේ” කතාවලට කැමති නෑ කියල. වහාම පිළිමෙ කෙලින් කරනව . ” 

ඉංජිනේරුවා – ” සර්..ඒත් මේ………” 

ප්‍රේමදාස – ” මම එක පාරක් කිව්ව නේද?….වැඩ කරන මිනිස්සු විතරයි මා ළඟ ඉන්න ඕන. කියපු විදිහට වැඩේ කරනව..” 

අනේ කිව්වත් වාගෙ සති දෙකක් ගියෙ නෑ. ප්‍රේමදාස මහත්තයට වාර්තාවක් ආව වැඩේ අහවරයි කියල.එතුමා ඔන්න තකහනියක් ගියා පිළිමෙ බලන්ට. අප්පට සිරි මේ තියෙන්නෙ පිළිමෙ බැබලි බැබලි !ඒත් ප්‍රේමදාස මහත්තයට පොඩි අවුලක් වගෙත් තේරුණා. බුදු හාමුදුරුවො ඉන්න විදිහ නිකං හරි නෑ වගෙ………හැරුන අර ඉංජිනේරුවා දිහාට. 

ප්‍රේමදාස – ” මොකද අයිසෙ මේ බුදු හාමුදුරුවො දකුණු කන වහගෙන ඉන්නෙ?..අනික මොකක්ද ඕයි, අර ඔලුවෙ තියෙන පෙට්ටිය ? ” 

ඉංජිනේරුවා – ” ඒ ඔලුවෙ තියෙන්නේ කොට්ටෙ…සර්” 

ප්‍රේමදාස – ” මොකක්??? කොට්ටයක්???..ඒ මොකටද ඕයි බුදු හාමුදුරුවො කොට්ටයක් කරේ තියාගෙන ඉන්නෙ? ” 

ඉංජිනේරුවා – ” ඒක තමයි සර් මම එදා සර්ට කියන්න හැදුවෙ……” 

ප්‍රේමදාස – ” මොකක්ද තමුසෙ මට කියන්න හැදුවෙ?….කියනවා ඕයි ..

” ඉංජිනේරුවා – ” සර්..අපි කෙලින් කරල හිටෙව්වට මේ පිළිමෙ සැතපෙන පිළිමයක්.( නිදාගෙන සිටින ඉරියව්වේ පිළිමයක්)…” 

ප්‍රේමදාස-  ” තමුසෙ මාව කෑවා?… අදම පිළිමෙ හරහ දානව ….. ”