දේශප්‍රේමයේ සිංහ හම පොරවා ගත් රාජපක්ෂලාගේ සැබෑ කථාව

රාජපක්ෂලා මෙතෙක් ”මම පොර” වූයේ යුධ ජයග්‍රහනය විකිනීමෙනි. නමුත් එකී විජයග්‍රහනය යේ නියමුවා  සරත් ෆොන්සේකා බව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ  ගෝටාබය විසින්ම කීවේය . රාජපක්ෂලා දශකයකට ආසන්න කාලයක් රට පාලනය කළහ. රාජපක්ෂලා තරම් පවුල්වාදය පෝෂණය කල පාලකයෙකු ඉතිහාසයේ නොමැත. රාජපක්ෂලා  ජාතික ධනයෙන් 68% ක් වියදම් කොට ඇත්තේ  හම්බන්තොට දිස්තික්කයය  වෙනුවෙනි . අනෙක් දිස්ත්‍රික්ක 23ම වියදම් කොට ඇත්තේ 32% කි.  හම්බන්තොට දිස්තික්කයට වියදම් කල මුළු මුදල එහි ජනගහනයෙන් බෙදූ විට එක් අයෙකු වෙනුවෙන්  ලැබෙන මුදල මිලියන 2 කි. මිලියන දෙකක  සංවර්ධනයක් තමන්ට සිදුවී ඇතිද යන්න හම්බන්තොට ජනයා සිය හදවතට තට්‍ටු කොට විමසා බැලිය යුතුය. මර්වින් සිල්වාගේ සිට පසුගියදා මන්ද පෝෂණයෙන් මියගිය දරුවා දක්වා  කියන්නේ එකී කථාවය

සුද්දන්ට ගොට්ට අල්ලමින් තාන්න මාන්න ලැබූ හැටි

හම්බන්තොට බුද්දියගම ග්‍රාමයේ ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාත ගම්මුලාදෑනියෙකු විය. සුද්දන්ට ඔත්තු සපයමින් ගොට්ට අල්ලමින් කල්ගෙවූ  ඔහුගේ ඒකායන  අභිප්‍රාය වූයේ ඉහලට නැගීමය.  ටික කලෙකින් ඔහු විදානේ තනතුරට උසස් විය. එතැන් පටන් ඔහු ජනගත වූයේ ‘හාමු’ ලෙසිනි. ‘හාමු’ ගේ නිවස කොන්දගල රාජපක‍්ෂ වලවිව බවට පත්විය. රාජපක‍්ෂ පවුලේ දේශපාලනය ඇරඹෙන්නේ ඩී.එමි.රාජපක‍්ෂගෙනි. ඩි.එමි.රාජපක‍්ෂ කොන්දගල වලවිවේ ලොකු පුතාය.මහින්ද රාජපක‍්ෂගේ පියා වන ඩී.ඒ. රාජපක‍්ෂ අනෙක් පුතාය. කල වයස එලඹෙත්ම පෙලවහක් කරගත් ඔහු නව නිවසකට ගියේය. නව නිවස මැදමුලන වලවව ලෙසට නම් කලේය .1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ඩී.එමි.රාජපක‍්ෂ අභාවයට පත්විය.ඒ වන විට  ඔහුගේ කොන්දගල වලවිවෙ වයස සමිපූරණ වු පුතුන් සිටියේ නැත. ඒ නිසා පුරප්පාඩු මන්ත්‍රී ධුරය මැදමුලන වලවිවෙ ඩි.ඒ.රාජපක‍්ෂට හිමි විය

හම්බන්තොට ජනයාට කොකා පෙන්වූ කොන්දගල අයියා සහ මැදමුලන මල්ලී

ඩී.එම් රාජපක්ෂට පුතුන් දෙදෙනෙකු විය. එකෙකු ලක්ෂ්මන් රාජපක්ෂ වූ අතර අනෙකා ජෝර්ජ් රාජපක්ෂ විය. ඩී.එම් මිය පරලොව යනවිට මොවුන් ගෙන් කිසිවෙකු 18 සම්පූරන කර නොතිබිනි. මහින්දගේ පියාට පිනා චාන්ස් එකක් ලැබුනේ එහෙයිනි. කොන්දගල වලවිවෙන් මැදමුලන වලවිවට මන්ත්‍රිකම මාරු වුනේ කල වයසේ හුට පටයෙනි. 1947 මැතිවරණ වර්ෂයක් විය. 47 වනවිට කොන්දගල නිවසේ පුතා ලක්ෂ්මන් නිසි වයසට එලඹ තිබුනේය. ඒ අනුව ඔහු හම්බන්තොට අසුනට තරග කිරීමට ලක ලෑස්ති විය. ලක්ෂ්මන් පැමිනිය හොත් තමන්ට නැවත කුඹුරු කෙටීමට සිදුවන බව දු‍ටු මහින්දගේ පියා ඩී.එස් සේනානායක හමුවීමට ගියේය. හම්බන්තොට ආසනය දෙකඩ කඩා එකක් කොන්දගල වලව්වටත් අනෙක මැදමුලන වලව්වටත් බෙදා ගැනීම ඔහුගේ සැලසුම විය. රාජපක්ෂලාගේ ගැටයට අසුවූ ඩී.එස් හම්බන්තොට සහ බෙලිඅත්ත ලෙසින්  ආසන දෙකකට වෙන් කලේය.

බල තන්හාව වෙනුවෙන්  අගමැති ඇන්දවූ හැටි

50 අගභාගයේදී කොන්දගල වලව්වේ දෙවෙනි පුතා වූ ජෝර්ජ් රාජපක්ෂද කලවයසට එලඹියේය. ජෝර්ජ් රාජපක්ෂ ගමට පැමිනියේ අධිනිතීඥ පට්ටමක්ද ‍රැගෙනය. හෙමින් සීරුවේ ඊලග මැතිවරනයට ඔහුත් කුරුමානම් ඇල්ලුවේය. සිදුවීමට යන සන්තෑසිය ඉවෙන් මෙන් මහින්දගේ පියාට දැනුනේය. ඒ වනවිට අගමැති බණ්ඩාරනායක ඡන්ද ආසන ඛෙදන කොමිසමක් පත්කොට තිබුනේය. මහින්දගේ පියාගේ කංකෙදිරිය නිසා මුල්කිරිගල ලෙසින් තවත් ආසනයක් වෙන් කෙරිනි. ඒ අනුව 1960 මැතිවරණයේදී ජෝර්ජ් රාජපක්ෂ මුල්කිරිගල ලැබුනු අතර බෙලිඅත්තෙන් ජාමෙ බේරා ගැනීමට මහින්දගේ පියාට හැකි විය. දේශපාලනයේ රස වැ‍ටුනු මහින්දගේ පියා 1945 වසරේ සිට 1965 තෙක් කඩින් කඩ රාජ්‍ය මන්ත්‍රන සභාව නියෝජනය කලේය. 1965 පරාජයයෙන් පසු ඔහු දෙශපාලන බිමෙන් ඉවතට විසි විය. 1967දී ඔහු මිය ගියේය . 67 වසරේදී රාජපක්ෂ පලමු පරපුරේ දේශපාලනය අවසන් විය

මුල අමතක රාජපක්ෂලා කන්ඩ දුන් අත සපා කෑ හැටි

රාජපක්ෂ දෙවන පරපුරේ ආරම්භකයා වූ ලක්ෂ්මන් 1981 මිය පරලොව ගියේය. ජෝර්ජ් රාජපක්ෂ 1976 වසරේ මිය පරලොව ගියේය. මේ අතර කොන්දගල ගෙදර දේශපාලන බලය කොල්ල කෑමට මහින්ද – බැසිල් කුමන්ත්‍රනයක් දියත් කලේය. මහින්ද 70 මැතිවරණයේදී මන්ත්‍ර කෙනෙකු ලෙස මුලින්ම තේරී පත් විය . නමුත් 1977 මැතිවරණයෙන් ඔහු පරාජයට පත් විය.එහිදී  මුල්කිරිගලට තරග කල බැසිල්ද පරාජය විය . 77 මැතිවරණයෙන් පසු සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි විය . ප්‍රජා අයිතිය අහිමිවූ සිරිමාවෝ පක්ෂයෙන් එලවා පක්ෂයේ බලය ඇලීමට කුමන්ත්‍රනයක් දියත් විය. මහින්ද-බැසිල් හවුල මෙම කල්ලියේ ප්‍රධාන සාමාජිකයින් වූයේය . එනමුත් බලය ඇල්ලිමට කල කුමන්ත්‍රනය  උන්ගේ පටි රෝල් කරමින් අතේ පත්තු විය

රාජපක්ෂලා මහ උළු ගෙදර නොගොස් බේරුන හැටි

මහින්දගේ ගෝනි සෙල්ලම් නිසා 1982 දී අතුරු මැතිවරණයේදී මුල්කිරිගලට තරඟ කිරීමට මැතිනිය තෝරා ගත්තේ කොන්දගල ගෙදර නිරූපමාය. නිරූපමාට එරෙහිව බැසිල් එජාප වේදිකාවට ගොඩවිය. මහින්ද කලේ නිදහස් පක්ෂයේ සිටිමින් නිරූපමා පරාජය කිරීමට වැඩ කිරීමය. 1982 මැතිවරණයෙදී මහ දවල් ත්‍රිත්ව පුද්ගල මිනීමැරුම් චෝදනාවට ලක්ව මහින්ද සිරගත විය. මිනීමැරුමේ ඇසින් දු‍ටු සාක්ෂි තිබුනද පැමිනිලි පාර්ෂවයේ නිතිඥයන්ගේ අදක්ෂතාවය නිසා මහින්ද නිදහස් විය.එහිදී නිරූපමාට සාහසික අපහාසයක් කිරීම ගැන බැසිල්ට චෝදනා එල්ල විය. මහින්ද නිදහස් වුවද බැසිල්ට එරෙහි චෝදනා ඔප්පු විය.ඔහු වසර 5 කට ප්‍රජා අයිතිය අහෝසි විය . මෙම නඩුවේදී බැසිල්ට එරෙහිව නිරූපමා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා වූයේ නිමල් සිරිපාල ද සිල්වා ය.

රාජපක්ෂලා ගැන අප ඇසින් දු‍ටු දේ අමතක කරමුද ? තීන්දුව ඔබ සතුය

මෙම සිදුවීම් මාලාවෙන් පසු ඇමරිකාවට පැන යන බැසිල් නැවත ලංකාවට එන්නේ මහින්ද වෙනුවෙන් ජනපතිවරණයට ඉල්ලුමක් ඇතිවීමත් සමගය.මොවුන් මැතිවරණය කරන්නේ සුනාමි සල්ලි වලිනි. ඡන්දය ජයගත් පසු යුද්ධය කරන්නේ ෆොන්සේකාය . ගෝටාබය යුද්ධ කාලෙයේ යාපනයට ගොස් ඇත්තේ එක් වතාවකි. එම ගමනද මූලස්ථානයට සීමා වූවකි.යුද්ධය අවසන් වීමත් සමගම මහාපරිමානයෙන් සොරකම් කිරීම පටන් ගත්තේය . සොරකමට ”සංවර්ධනය” නමින් පදයක් ආදේශ කොට ජාතික ධනය ගසා කෑහ .දේශප්‍රේමී රාජපක්ෂලා පින් කැමති ජනයා සුනාමි ආධාර ලෙස දුන් මුදල් ටික පවා යටිමඩි ගැසූහ. සිල් රෙද්ද්න් පවා ගසා කෑහ. .දේශප්‍රේමියෙකු කිසි දිනක වැලි කැටයක් සොරකම් කරන්නේ නැත . රටේ සාරය උරා බොමින් රට උගස් කල මැදමුලන නරුමයන් දේශප්‍රේමීන් ලෙස හැදින් විය හැකිද ?

තුෂාරා වන්නිආරච්චි