ජන 8 විප්ලවය සහ එ.ජා.ප දිය උල්පත අපිරිසිදු කළ විජේදාස නම් අසූචි පිඩ

හැට දෙලක්ෂක ප්‍රගතිශීලී ජනයා 2015 ජන 8 සිදු කලේ විප්ලවයකි. දේශප්‍රේමී සිංහ හම පොරවාගෙන රටේ සාරය උරා බොමින් සිටි රාජපක්ෂ කල්ලිය  පන්නා දැමීමට ජනයා  සමත් විය. නීතිය අතට ගෙන  ගෙන මහ පාරේ  මිනී මැරූ , සාහසික ලෙස මහජන දේපල කොල්ල කෑ රාජපක්ෂලා හිරගෙයි තපිනු දැකීම සුවහසක් ජනයාගේ බලාපොරොත්තුව විය. නමුත් 62 දෙලක්ෂයක ජනයා ජයග්‍රාහීව අවසන් කල විප්ලවය දෙදෙනෙකු විසින් පාවා දුන්හ. එකෙකු සිරිසේනය , අනෙකා විජේදාසය.

ජන 8 ජනතා අපේක්ෂා පාවාදුන්නේ විජේදාස නැමති ද්‍රෝහියාය

මෙකී ද්‍රෝහීන් දෙදෙනා රාජපක්ෂලා සමහ එක්ව ජනතා ආන්ඩුව පෙරලීමට දඟ දැමූහ. මොවුන් විප්ලවයේදී වාටියේ සිටි නමුත්  විප්ලවය ආපසු හරවන ප්‍රතිවිප්ලවයේදී පෙරමුණේ විය . මෙය කවර නම් පාවාදීමක්ද ? සරලව කිවහොත්,  ‘‘ කුකුළු කො‍ටුවට හොරෙන් පනිමින් කුකුළන් කාදමන නරියෙකු විය. මහත් පරිශ්‍රමයකින් නරියා අල්ලා ගස් බැන්දේය. නමුත් සිදුවූයේ අනෙකකි. කුකුළු ‍රැහෙන්ම මතුවූ දෙදෙනෙකු ගස් බැදි නරියා නිදහස් කළේය’’. රාජපක්ෂ නැමති දේශප්‍රේමී සිංහ හම පොරවාගත් නරියා නිදහස් කලේ විජේදාස සහ සිරිසේනය.

විජේදාසයා, රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ අඩාල කළ හැටි

යහපාලන ආන්ඩුවේ අධිකරණ ඇමති වූයේ විජේදාසය. එය සිරිසේනගේ අත්තනෝමතික පත්කිරීමකි. ජාතික ආන්ඩුවක සාමූහිකත්වය වෙනුවෙන් එ.ජා.ප එය ඉවසා සිටියේය .අධිකරණ ඇමතිවූ විජේදාස, රාජපක්ෂලාට එරෙහි පරීක්ෂණ දිගින් දිගටම අඩාල කලේය. අවසානයේ  විජේදාසට තීරනාත්මක අයුරින් විරෝධය පෑමට එ.ජා.ප තීරණය කලේය. 2017 වසරේදී විජේදාස  අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් කිරීමට සිරිසේනට සිදුවිය. අපරාධ පරීක්ෂණයක  සාක්ෂි දම්වැලක ස්වරූපය ගනියි. එකි එක් පුරුකක් නිෂ්ක්‍රීය වුවහොත් සමස්ථ සාක්ෂියෙන් වැඩක් නැත. විජේදාසයා ඉවත් කරන විට රාජපක්ලාට එරෙහි පරීක්ෂණ බොහොමයක් අල කොට හමාරය.

සජිත්,   විජේදාස නම් අසූචි තැම්බ ඉවත් කොට  දිය උල්පත පවිත්‍ර කළේය

විජේදාස නැමති දෝහියාගේ ඉවත් වීම සරළ උදාහරනයකින් කිව හැක. එක්සත් ජාතික පක්ෂ චින්තනය දිය උල්පතකි. එකී දිය උල්පත ඉස්මත්තේ විජේදාස නැමති අසුචි තලියක් විය. සජිත් ප්‍රේමදාස විසින් එකී අසූචි තලිය ඉවත් කළේය. දැන් එජාප දිය දහර පිරිසුදුය . සජිත් විසින් පවිත්‍ර කළ එජාප දිය දහර ජනයා  දෝතින්ම වැළඳගෙන ඇත. එජාපය දිය පහර  පීඩිත ජනයාගේ පවස නිවන මහා ගංගාවක් බවට පත්ව ඇත. විජේදාස නැමති අසූචි තැම්බ රාජපක්ෂ නම් වැසිකිලියට එක් වී ඇත  . 

තුෂාරා වන්නිආරච්චි