ගෝටා ඇවිදින නඩු බඩුවකි – මහ උන් නොදන්න පොඩි උන් දන්නා කථාව

2020 සුවිශේෂ කාල වකවානුවකි . වසර 2000 පසු ඉපදුන දරුවන් වැඩිහිටියන් වන්නේ මෙහිදීය . ඔවුන් ප්‍රථම වරට සිය ඡන්දය භාවිතා කරන්නේ එලඹෙන ජනාධිපතිවරණයෙදීය. නොවැ 17 සහශ්‍රයේ දරුවන්ගේ චින්තනය රාජ්‍ය පාලනයට මුසුවන්නේය .සහශ්‍රයේ දරුවන්ගෙන් 96% ක් අන්තර් ජාලය භාවිතා කරයි.  මොවුන් ලෝකය දෙස බලන්නේ විවෘත මනසකිනි.  පරීක්ෂණ සහ නිගමන මිස හිතලු වලට අවකාශ නැත. ‘ඇක්ෂන් පෑල්න්’ මිස  සිහින අලෙවි කළ නොහැක.  ‘ලයික්’ වැටෙන්නේ පොරොන්දු වලට නොව ප්‍රතිපත්ති වලටය. රෙද්ද, බැනියම , සාටක  ඔවුන්ට අදාල නැත. සහශ්‍රයේ දරුවන්ගේ හැසිරීම මෙවර මැතිවරණයේදී තීරණාත්මක සාධකයකි.

ගෝටා හදනවා කියන සිංගප්පූරුව පට්ට  විහිළුවකි

ආසන්න වශයෙන් සහශ්‍රයේ දරුවන් ලක්ෂ 8 කට ආසන්න ප්‍රමාණයක් සිය ඡන්දය භාවිතා කිරීමට සූදානමින් සිටියි . නමුත් පොහොට්‍ටුවේ මැතිවරණ ව්‍යාපාරය සහස්‍රයේ දරුවන්ගේ අභිලාශ සැලකිල්ලට ගත් බවක් දකින්නට නොතිබුනි. ප්‍රශ්නයකදී බා.. බා ගාන ගෝටා වැනි නාකියෙකු ඔවුන්ගේ අපේක්ෂාව නොවින. ගෝටාගේ මැතිවරණ ව්‍යාපාරය තුල රගන කට්ටඩියන්, පැන්ෂන් ගිය ආමිකාරයින්,මාල හොරුන්, කුඩ්ඩන්, කසිප්පු කාරයින්, ජාතිවාදීන් ඔවුන්ට අප්‍රියජනක දසුනකි.නමුත් පොහොට්‍ටු වේදිකාවේ දැකිය හැක්කේ මොවුන් පමනි. තවද ගොටාගේ දේශපාලනය හිස්බුල්ලා- රතන, වියලේන්ද්‍රන් – නලීන් සිල්වා වැනි විකෘති සංයෝග වලින් පිරී ඇත .මෙවන් පිරිසක් පිරිවරාගෙන ගෝටා හදනවා කියන සිංගප්පූරුව ඔවුන්ට පට්ට  විහිළුවකි.

දොන් නම් දොන් , සිමන් නම් සිමන්

අද අප සිටින්නේ සංක්‍රාන්ති කාලයකය. සියවස් ගනනාවක් තිස්සේ මිනිස් මොළයෙන් කල කී දෑ කෘතීම බුද්ධිය විසින් අත්පත් කරගන්නා එළිපත්තේ අප සිටින්නෙමු. එනම්  ආර්ථික දේශපාලන සහ සමාජීය තීන්දු තීරන ගන්නේ කෘතීම බුද්ධිය විසිනි. ඇමෙරිකන් නම් අමෙරිකන්ය, ලාංකිකනම් ලාංකිකය. දෙකක් තියා ගත නොහැක.සහශ්‍රයේ දරුවන්ගේ මනස වැඩ කරන්නේ එවැනි රාමුවක් තුලය. උදාහරණයක් ලෙස, ඔවුන්ගේ ලෝකයේ වාහන දුවන්නේ කෘතීම බුද්ධියෙනි. අනතුරකදී  ආරක්ෂා කරන්නේ මගියාද පදිකයාද යන්න නිෂ්චිතව ෆොර්මියුලේට් කළ යුතුය. ජාතික ආරක්ෂාව ගැන විමසූ විට පොහොර දෙන ගෝටාස් චින්තනයෙන් වැඩක් නැත. අයියා නැත්නම්,ටෙලිප්‍රොම්ටරය නැත්නම් ගෝටාට බඩු බනිස්ය. ගොටාගේ කිසිවක් නිෂ්චිත නැත සියල්ල මිසිංන්ය .එනයින් බලන කල සජිත්ගේ ප්‍රභසනය ඉදිරියෙන් ඇත

සහශ්‍රයේ දරුවන් යනු ඇදගෙන නාන පිරිසක් නොවේ    

සහශ්‍රයේ දරුවන් හැගීම්බර උන් නොව සිස්ටමැටික් උන්ය. උන් තීන්දු තීරණ ගන්නේ  අතීතය වර්තමානය සහ අනාගතය ගලපමිනි. ගෝටාබය යනු ඇවිදින නඩුවකි. අධිකරණයට වංගු දමමින් සිටින ගෝතයෙකි. තමන්ට බලය තිබූ කාලයේ මහජන මුදල් කොල්ල කෑ හොරෙකි. තමන් කල හොර මැරකම් යටපත් කිරීමට මිනී මැරූ දාමරිකයෙකි. ගෝටා වැනි මුල කුනු වූ ඩෑල්  එකකට  කතිරය ගැසීමට තරම් ඔවුන් මෝඩ නැත . සහශ්‍රයේ දරුවන් යනු ඇදගෙන නාන පිරිසක් නොවේ.නමුත් නව ලෝකයත් සමග ඉදිරියට යන පිරිසකි .ඔවුන්ගේ තේරීම වැඩක් කළ හැකි පිරිසිදු නායකයෙකි. හොරුන් තක්කඩින් ජාතීවාදීන් පිරිවාරගෙන සිටින ගෝටා නොව ඇක්ෂන් පෑන්න් එකක් සහිත සජිත් වැනි තරුණ නායකයෙකි.

අපේක්ෂාවේ අපේක්ෂකයා කවුද ?

ගණන් ඉලක්කම් සමග කිසිවෙකුට බොරු කළ නොහැක . ගෝටාගේ ෆේස් බුක් ගිණුමේ ඔහු සතු අනුගාමිකයන් ගනන ලක්ෂ 5 කි. ගෝටාගේ අනුගාමිකයන්ගෙන් 80% පමන මැදි විය ඉක්මවූ උන්ය. මුහුණු පොතේ සජිත්ගේ අනුගාමිකයන් ගනන ලක්ෂ 7 කට ආසන්න වෙයි . සජිත්ගේ අනුගාමිකයන් බහුතරය නව යොවුන් තරුණ තරුණියන්ය. මෙවර රජුන් තනන්නේ අන්කිසිවෙකු නොව සහශ්‍රයේ දරුවන්ය . සහශ්‍රයේ දරුවන්ගේ අපේක්ෂාව ඇවිදින නඩුවක් වූ ගෝටාබයට නොව නැවුම් බලාපොරොත්තුවක් වූ සජිත්ය. අපේක්ෂාවේ අපේක්ෂකයා ඔහුය. හෙට දවසේ දුවා දරුවන්ගේ සිහින එළි කල හැක්කේ ඔහුටය .පවුලක් වෙනුවට රට ‍රැකිය හැක්කේ ඔහුට පමනි

By තුෂාරා වන්නිආරච්චි