තක්කඩි රජකරන රටක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැළදගත යුතු නිමේෂය එළඹ ඇත

යහපාලන රජය පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයක් ඇති කලේ රාජපක්ෂ යුගයේ කළ කී හොරකම් සෙවීමටය. එහි ප්‍රධානියා ලෙස පත් කලේ නි.පො රවී විද්‍යාලංකාරය. මෑතකදී අද්භූත ආකරයට  රවි විද්‍යාලංකාර සේවයන් ඉවත්ව යන ආකාරය දැකිය හැකි විය . මෙවර සති අග අරුණ පුවත්පතට  සම්මුඛ සාකඡ්චාවක් දී ඇති රවි ” සතියකට වරක් රාජපක්ෂ කෙනෙක් අත් අඩංගුවට ගැනීමට කීවා ”  යයි ආන්දෝලනාත්මක කථාවක් කියා ඇත.

රවි විද්‍යාලංකාර මැදමුලන සහෝදරයින් සමග දියත් කළ කුමන්ත්‍රණය

මෙම පුවත පලවීමත් සමගම යහපාලකයන් සහ එක්සත්  ජාතික පක්ෂ ක්‍රියා කාරීන්  කලබලයට පත්වූ සෙයක් දැකිය හැක. රවි විද්‍යාලංකාර කල කෙංගෙඩියක් නැතැයි චෝදනා කරයි. රවිට විශාල මුදලක්   බැසිල්ගෙන්  ලැබී ඇති බව  කියයි. දැන් රවි රාජපක්ෂලා  සමග කුමන්ත්‍රණයක නිරත වී ඇතැයි චෝදනා කරයි.නමුත් ඇත්ත කථාව මීට වෙනස්ය. රවී විද්‍යාලංකාර රාජපක්ෂලා සමග එක්වී යහපාලන ආන්ඩුවට විරුද්ධව කුමන්ත්‍රණය පටන් ගත්තේ අද ඊයේ නොවේ. කුමන්ත්‍රණය  ආරම්භ වූයේ  පලමු රාජපක්ෂයා එෆ්.සී.අයි.ඩී  කැදවූ දිනය.

රවි විද්‍යාලංකාර ගේ බිරිද මිලදී ගත් මොනාක් සුපිරි නිවස 

රවි විද්‍යාලංකාරට  රාජපක්ෂලා මුදල් ගෙව්වේද  අද ඊයේ නොවේ.රවි විද්‍යලංකාරගේ බිරිද කොල්ලුපිටියේ මොනාක් සුපිරි නිවාස සංකීර්ණයේ නිවස  මිලදී ගත්තේ එම මුදල් වලිනි. මොනාක් සුපිරි නිවාසයක තක්සේරු වටිනාකම රු කෝටි 50කි. රවිගේ බිරිද තුන් වතාවක් එෆ්.සී.අයි.ඩීට කැදවුවද ඇය කට්ටි පනිමිනි සිටියි. රවීගේ බිරිද ආරක්ෂා කරන්නේ රාජපක්ෂවාදි නිළධාරින්ය.එහෙයින් ‘දැන්’ කුමන්ත්‍රණයක්  දියත්වනවා යයි කියනවාට වඩා කාලයක් තිස්සේ හැංගි හැංගී වෙස් බැදි නාටකය දැන් එළි පිට නටනවා කීම නිවරදිය.

මහා පාවාදීම

විජේදාස සහ රවී විද්‍යාලංකාර යනු දූෂිත රාජපක්ෂලා සමග ඩීල කළ නරුමයන් දෙපලකි .මෙය කවර නම් පාවාදීමක්ද ? සරලව කිවහොත්,‘‘කුකුළු කො‍ටුවට හොරෙන් පනිමින් කුකුළන් කාදමන නරියෙකු විය. මහත් පරිශ්‍රමයකින් නරියා අල්ලා ගස් බැන්දේය. නමුත් සිදුවූයේ අනෙකකි. කුකුළු ‍රැහෙන්ම මතුවූ දෙදෙනෙකු ගස් බැදි නරියා නිදහස් කළේය’’. රාජපක්ෂ නැමති නරියා නිදහස් කලේ විජේදාස සහ රවී විද්‍යාලංකාරය.

සුජාත විප්ලවය පාවා දුන් නරුමයින්

2015 ජන 8 මෙරට ප්‍රගතිශීලී ජනයා කළේ විප්ලවකි. මාතෘ භූමිය ණය උගුලක සිර කොට මහජන මුදල් කොල්ල කෑ රාජපක්ෂ වියරුව  පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. රාජපක්ෂලා ජනමාධ්‍ය , පොදු ප්‍රවාහන, භාන්ඩාගාර මුදල් අවභාවිතා කරමින් මැතිවරණය මෙහෙය වූයේය.  සෑම ලයිට් කනුවකම මරාගේ කටවුට් එකක්  විය. නමුත් ජනමතය නිදාසිටින සිංහයෙකු විය. ජනවාරි 8 එය අවධි විය. වචනයේ පරිසමාප්ත  අර්ථයෙන්ම එය විප්ලවයකි. නමුත් විද්‍යාලංකාර වැනි නරුමයින් විප්ලවය පාවා දුන්නේය.

සොයුරු සොයුරියනි ,   අහිමි  විප්ලවයට පන දෙමු

සොයුරු සොයුරියනි,  ජන 8 විප්ලවය අපට අහිමි වූවා නොවේ , ද්‍රෝහීන් විසින් එය පාවාදී ඇත. අප උකටලී වුවහොත් තක්කඩින්ගේ කුමන්ත්‍රණය ජය ගනු ඇත. ගැමුනු, විජයබා රජ දවස පටන් මේ පින්බිම් රක්ෂා කලේ ඔබගේත් මගේත් මුතුන් මිත්තන්ය. එය ‍රැකීමට අපට යුතුකමක් ඇත. රට අවනීතිය රජයන භූමියක් වුවහොත් එහි පලමු වින්දිතයන් අන් කිසිවෙකු නොව අපේ ආදරනීය දුවා දරුවන්ය. ඔවුන්ගේ හෙට දවස වෙනුවෙන් අද අප ක්‍රියාත්මක විය යුතුව ඇත. එකී යුතුකම අත් හල නොහැකි වගකීමකි

යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතුව ඇත

හොර තකක්ඩින්ගේ කුමන්ත්‍රණ වලට  2020 පොදු ජන අපේක්ෂාව යට කිරීමට ඉඩ දෙමුද? ජාතියේ දූ පුතුන්ගේ හෙට දවසේ සුභ සිහින සෑබෑ කල යුතු යුතු නොවේද ? රටේ අනාගතය වෙනුවෙන් යුක්ති යුක්ත දේශපාලන ඉලක්ක හඹා යා යුතු නොවේද? ජය සක් මැදින් ගල උඩ සටනට ඇදෙන ප්‍රගතිශීලී සේනාව සමග එක් විය යුතු නොවේද?

සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැලදගත යුතු නිමේශය එලඹ ඇත.

පොදු ජන විප්ලවයට උරදෙන දේශමාමක පවුර භූදේශපාලන උපක්‍රම වලින් පරාජය කළ නොහැක.මාතෘ භූමියේ ප්‍රතාපවත් ප්‍රේමදාස හඩ ජාතිය අවදි කොට ඇත. සද්ධන්ත කුලයේ සේනාව රණ බිම දෙවනත් කරමින් ඉදිරියට ඇදෙයි. ලබැදි සොයුරු සොයුරියනි, හොරුන් තක්කඩීන් රජකරන දේශයක නිව‍ටුන් ලෙස නොව සටන්කාමී ධජය මව් බිමේ නාමයෙන් වැළදගත යුතු නිමේශය එළඹ ඇත.

By – තුෂාරා වන්නිආරච්චි