දිගන සිට පාස්කු ප්‍රහාරය දක්වා සිදුවීම් සැලසුම් සහගත එක් වැඩසටහනකි – තේරීම් කාරක වාර්තාව ”සැබොටාජ්” කිරීම කුමන්ත්‍රණයක්

පසුගියදා රවුෆ් හකීම් සහරාන් ඇතුලු පිරිසක් සමග සිටින ඡායා රූපයක් මාධ්‍යයට නිකුත් විය. හිරු සහ දෙරණ නාලිකා ඊට පුළුල් ප්‍රචාරයක්  ලබා දෙන අයුරු දැකිය හැකි විය .රාජපක්ෂවාදී මාධ්‍ය  හකීම්ට පහර පිට පහර දීමත් සමග ඔහු මල්වතු මහනාහිමි බැහැදැකීමට ගියේය. හකීම් මල්වතු මහනායක හිමි හමුවේ කීවේ, සජිත් ප්‍රේමදාසට සහයෝගය දීම නිසා රාජපක්ෂ මාධ්‍ය  ඔහුට එලවා එලවා පහර දෙන බවය.

නමුත් ඇත්ත කථාව මීට වෙනස්ය. පාස්කු ප්‍රහාරය පිලිබද විමර්ශනය කිරීමට පත් කළ පාර්ලීමේන්තු තේරීම් කමි‍ටු වාර්තාව මේ වනවිට පිලියෙල කොට අවසානය. එහිදී හෙළිදරව් වූ සාක්ෂි  අනුව ගෝටාබයගේ ඊනියා බුද්ධි අංශ සහරාන්ගේ  කන්ඩායමට අනුග්‍රහය දක්වා ඇත.

ගෝටා සහරාන් කල්ලියට  සෘජුව සහ වක්‍රව දැක්වූ අනුග්‍රහ සාක්ෂි මගින් තහවුරු වී ඇත. දිගන කෝලාහලය, නාමල් කුමාර නාටකය , නාලක සිල්වා අත් අඩංගුවට ගැනීම,  ඔක් 26 කුමන්ත්‍රණය, පාස්කු ප්‍රහාරය, 2020 ජනපතිවරණය  යන  මේවා එකිනෙකට හුදකලා සිදුවීම් නොව  මනා සැලසුම් සහගත එක්  වැඩසටහනක ජවනිකා පෙලකි

කෙස් කෙලින් කරන මෙම තොරතුරු ජනාධිපතිවරණය අභිමුවේ එළිදරව් වුවහොත් එය ගෝටාට අවාසිදායකය. එහෙයින් වාර්තාව ”සැබොටාජ්” කිරීමට  ගෝටා කුමන්ත්‍රණයක් දියත් කළේය. කුමන්ත්‍රනයේ පලමු වෙඩිල්ල තිබ්බේ හකීම්ටය . හකීම්ට පහර දීමේ සැබෑ හේතුව  ඔහු සජිත්ට සහයෝගය දැක්වීම නොව පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු වීමය.

හකීම්- සහරාන් ඡායාරූපයට  වඩා එය එලියට පැමිනි ආකාරය ආන්දෝලානාත්මකය . මෙම ඡායාරූපය මුලින්ම සොයා ගත්තේ හිස්බුල්ලාය. ඡායා රූපය හිස්බුල්ලා විසින් ඥානසාරට දුන් බව කීවොත් විශ්වාස නොකරනු ඇත . නමුත් කථාව ඇත්තය. ගෝටාබය, හිස්බුල්ලා, ඥානසාර, අරුන්කාන්ත්, සහරාන් මොවුන් එක් කන්ඩායමකි.

එපමනක් නොව පාස්කු ප්‍රහාරයේ ඉන්දීය භූමිකාව ගැන සියළු තොරතුරු සාක්ෂි සහිතව අප සතුය.ඉන්දීය මැතිවරනයේ තීරනාත්මකම අදියෙරේදි එල්ල කල පාස්කු ප්‍රහාරය පි‍ටුපස සිටියේ කුප්‍රකට සුබ්‍රමානියම් ස්වාමීය. මෙම තොරතුරු 2020 ජනපතිගේ ඉරණම තීන්දු කිරීමට තරම් ප්‍රභලය . විස්තර පසුවට.

හිටපු හමුදා බුද්ධි අංශ නිළධාරී කීර්ති රත්නායක