මුස්ලිම් ඡන්ද කඩන කුමන්ත්‍රණය අතේ කෝට්

සජිත්වාදීන්ට සහ ප්‍රශතිශීලී ජනයා වෙත කිව යුතු කථාවක් ඇත. පසුගිය ලිපියකින් පැහැදිලි කරදි ගෝඨාභයට සිංහළ චන්ද වලින් පමනක් ජයග්‍රහනය කිරීමට නම් ඔවුන්ගෙන් 67%ක ප්‍රතිශතයක් ලබා ගත යුතුය . නමුත් එය කළ නොහැක්කකි. කෙසේවුවද එවැනි  බහුතරයක් නැතැයි කියා  ගෝටාගේ පරාජයට කැට තැබිය නොහැක. 2015දී  අපේක්ෂකයන් දෙදෙනා අතර සුළුජාතික චන්ද බෙදී ගියේ පහත පරිදිය.

 2015 එජාපය(මෛත්‍රී) මහින්ද
සිංහල 41% 57%
මුස්ලිම් 89% 11%
දෙමළ 78% 18%

‘‘සහරාන්’’ – ගෝටා මුහුණ දුන්  උභ‍තෝකෝටිකයට එකම පිළිතුර විය

2015දී  වැ‍ටුනු සුළු ජාතික ඡන්ද ප්‍රමාණය 2019 ට ආදේශ කල හොත් , ගෝටාට ජය ගැනීමට සිංහල චන්ද වලින්  62% අවශ්‍ය වෙයි. රාජපක්ෂලා පරාජය වූ දා පටන් මුහුණ දුන් උභ‍තෝකෝටිකය මෙයයි. එනම් 62% ක සිංහල චන්ද ප්‍රමාණයක් රාජපක්ෂලාට ලබා ගත හැකි පරිසරයක් ලංකාවේ නොමැත.නමුත් එක ගලින් කුරුල්ලන් තිදෙනෙකුම බා ගත හැකි සැලසුමක් ගෝටා සතු විය. සිංහල ඡන්ද ගොඩ වැඩි කර ගැනීමටත් මුස්ලිම් ඡන්ද ටික කැඩීමටත් ගෝටාට අපේක්ෂකත්වය ඩැහැ ගැනීමටත් කුමන්ත්‍රණයක් දියත් කළේය. දිගන කෝලාහලය, සහරාන්ගේ මරාගෙන මැරෙන කල්ලිය , ඔක් 26 කුමන්ත්‍රණය, පාස්කු ප්‍රහාරය යන  මේවා හුදකලා සිදුවීම් නොව එකී ඉලක්ක ජය ගැනීමට දියත් කල ප්‍රධාන වැඩ සටහනේ ජවනිකා කිහිපයකි.

ගෝටාගේ පස්චාත් සහරාන් මෙහෙයුම

පාස්කු ප්‍රහාරයෙන් පසු   මුස්ලිම් තරුණයන් දහස් ගණනක් අත් අඩංගුවට පත් විය.  ඔවුන්ගෙන් බොහොමයක්  රදවා තැබුවේ හමුදා කදවුරු වලය. හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන් බොහොමයක් ගෝටාගේ වහළුන්ය. අත් අඩංගුවට පත්වූ මුස්ලිම් තරුණයන් එකී නිලධාරීන්ගේ වධ බන්ධනයට ලක්විය . මෙය ඉතා සැලසුම් සහගතව සිදුවූවකි. එම කුමන්ත්‍රණයේ දෙවන අදියර දැන් ක්‍රියාත්මකය. මිෆ්ලාල් මවුලවි යනු ගෝටා සහ හිස්බුල්ලා යටතේ ක්‍රියාත්මක වන අයෙකි. මිෆ්ලාල් මවුලවි අත් අඩංගුවට පත් වූවන්ගේ සුවදුක් බලන ව්‍යාපෘතියක්  ආරම්භ කළේය. ඔහු එම පවුල්වල යැපෙන්නන්ට ලක්ෂ ගනනින් මුදල් අධාර ලබා දීම සිදු කරයි . ඉන්පසු මිෆ්ලාල්ගේ ඉල්ලීම පරිදි එම පවුලේ සාමාජිකයාට  හමුදාව සහ පොලීසිය සැලකූ  ආකාරය  විස්තර කරයි.

මගේ ස්වාමි පුරුෂයාගේ ‍රැවුල් ගස් ගලවලා! ඌරු මස් කන්ඩ දීල! පුතාට හොදටම පහර දීල ! 2015 දී අපි ආන්ඩුවක්  පත් කරගත්තේ මේකටද?

රාජපක්ෂලා වෙනුවෙන් හිස්බුල්ලා දියත් කරන මෙහෙයුම

මිෆ්ලාල් මව්ලවී මෙවැනි කථා සිය ගනනක්  වීඩියෝ කොට ඇත. මැතිවරණය ආසන්න වෙත්ම එම වීඩියෝ සියල්ල සමාජ ජාලා වෙත මුදා හැරීමට කටයුතු යොදා ඇත. මුස්ලිම් තරුණයන් ගෝටාගේ සැලසුමක වින්දිතයන් වුවද , සමාන්‍ය මුස්ලිම් ප්‍රජාව දන්නේ එජාප රජය තම දරුවන්ට පහර දුන් බවකි. මිෆ්ලාල් කථා කරන්නේ  මුස්ලිම් ජනයාගේ පීඩිත කොටසටය. ඔහු කිසිම විටෙක ගෝටාට ඡන්දය දෙන්න කියන්නේ නැත. ඔහු කරන්නේ එජාපයට දී වැඩක් නෑ යන මතය ජනයා තුල පැල කිරීමය. මුස්ලිම් ඡන්ද කැඩීමේ මුළු ප්‍රොජෙක්ට් එක වෙනුවෙන් හිස්බුල්ලා  කෝටි 50 කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිතය . මඩවල නිවුස් යනු මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රිය වෙබ් අඩවියයි. හිස්බුල්ලා මෑතකදී එය රු කෝටි 2 කට එය මිලදී ගත්තේය. ඡන්ද කඩන ප්‍රොජෙක්ට් එකේ මනෝ මූල කොටස වෙනුවෙන් පමනක් කෝටි 30 කට ආසන්න මුදලක් වැය කොට ඇත

මුස්ලිම් ඡන්ද කැඩීමේ ප්‍රොජෙක්ට් එක

රවුෆ් හකීම් යනු ලංකාවේ පමනක් නොව ඉන්දියාවේ ගෞරවාදරයට පත්ව ඇති නායකයෙකි. හකීම් සිටිනා තුරු හිස්බුල්ලාට එවැනි තත්වයට ලගා වීමට තියා සිතීමටවත් නොහැක. ඒ හැම එකකටත් වඩා සහරාන් පෝෂණය කළ නැගෙණහිර දේශපාලන්ඥයා හිස්බුල්ලාය . හිස්බුල්ලාගේ ඉලක්කය වී ඇත්තේ ඔහුට එල්ලවී ඇති  අයි.එස්  චෝදනා හකීම් පිට පැටවීමය.පාස්කු තේරිම් කාරක වාර්තාව අල කිරීමය . ඒ හරහාද එජාපයට වැටෙන මුස්ලිම් ඡන්ද කැඩීමේ ප්‍රොජෙක්ට් එකක් ඇත.හකීම්-සහරාන් ඡායාරූපය හිස්බුල්ලා මුලින්ම දුන්නේ ඥානසාරටය. මහින්ද, සිවුරුකාරයන්ට වේදිකාව තහනම් කොට ඇති නිසා ඥානසාරට එලි පිට වැඩ කළ නොහැක . ඌරගෙ මස් උගෙ පිට කපනවා මෙන් හකිම්-සහරාන් ඡායාරූපය මාධ්‍ය හමුවේ තැබීම මුස්ලිම් අයෙකුටම පැවරුවේය. ඥානසාර ඒ සදහා රිසාම් මරූස් නම් අයෙක් ‍තෝරා ගත්තේය.

ගෝටා රජ වීමට ඉව ඇල්ලුවේ අද ඊයේ නොවේ

අලිසබ්‍රී යොදවා ඇත්තේ මුස්ලිම් ව්‍යාපාරික පැලැන්තියට සහ වෘත්තිකයන්ට  කථා කිරීමටය. අලිසබ්‍රී සාහසික ලෙස මුස්ලිම් ජනයා මුලා කරමින් සිටියි. ඔහු කියන්නේ මෙවැනි කථාවකි,  ‘‘ගෝට සිංහල ඡන්ද වලින් දිනලා ඉවරයි , දැන් අපි තීරණය කරන්ඩ ඕනෙ එයා එක්ක ඉදලා අපිත් දිනනවද එහෙම නැත්නම් එයාට විරුද්ධව ගිහිල්ලා කනවද කියන එක’’. ගෝටා රජ වීමට ඉව ඇල්ලුවේ අද ඊයේ නොවේ. යුද්ධය නිමා වීමත් සමග ගෝටා ඊට මූලික අඩිතාලම දැමුවේය. 2013 වසරේ සිට යුධ හමුදා බුද්ධි අංශය ඥානසාරගේ  බොදු බල සේනාවට , සහරාන්ගේ තව්හිද් ජමාත් එකට සහ අරුන් කාන්ත්ගේ ශිව සේනා එකට වැ‍ටුප් ගෙවා ඇත. මෙවා කිසිවිටෙක මහින්දගේ අනුදැනුම මත සිදු වූ ඒවා නොවේ. ගෝටා මහින්දට හොරෙන් ”වියත් මග” , ”එළිය” වැනි සංවිධාන හැදුවේය.  මේ සියල්ල කළේ ගෝටාගේ රජ මාවතේ සිහිනය වෙනුවෙනි

මුස්ලිම් ජනයාට සිතන්න යමක්.

විශේෂයෙන් මුස්ලිම් ජනයාට කිවයුතු පනිවිඩයක් ඇත . එක්තරා කාලයකදී  ලෝකයේ බල සම්පන්නම කලිෆාව (අධිරාජ්‍ය) මුස්ලිම්වරු සතුව තිබුණි. එය විනාෂ වූයේ යුද්ධයකින් නොව කුමන්ත්‍රන වලිනි. බ්‍රිතාන්‍යයන් ඔටෝමන් කලිෆාව විනාශ කිරීමට ට්‍රෝජන් අශ්වයෙකු ලෙස වහාබ්වාදය ලෙස යොදා ගත්තේය. 1914 ඔටෝමන් කලිෆාව අවසන් විය. ඉන් හරියටම වසර 100 ගිය තැන එනම් 2014දී  මුස්ලිම් කලිෆාව යලිත් කරලියට ආවේය. 2014දී අයි.එස්  නම් සංවිධානයක් මුස්ලිම් කලිෆා එකක් ප්‍රකාශයට පත් කලේය. ලොව නන් දෙසින් මුස්ලිම් ජනයා  අයි.එස් කලිෆාව සොයා ගියේය. අයි එස්.ඇමෙරිකන් පිල්ලියක් බව මුස්ලිම් ජනයා තේරුම් ගන්නා විට විශාල විනාශයක් සිදුවී හමාරය.

යක්ෂයා ගේ දොර අසලට පැමිණ ඇත

ඇමෙරිකන් පුරවැසි ගෝටා 2014 සිට ලංකාවේ පැල කිරීමට උත්සාහ කරන්නේ අයි.එස් මොඩලයකි. බොදු බල සේනාව හැදුවේ ගෝටාය. ශිව සේනා හැදුවේ ගෝටාය. තව්හිද් ජමාත් හැදුවෙ ගෝටාය. ඥානසාර, හිස්බුල්ලා, දොස්තර සා‍ෆි, රිෂාඩ් ,අරුන් කාන්ත් ගෝටාගේ ප්‍රොජෙක්ට් එකේ  නළුවන් බව දන්නේ කීයෙන් කීදෙනාද ? දොස්තර සා‍ෆි ගෝටාගේ ප්‍රොජෙක්ට් එකේ නළුවෙකු බව අදුනා ගැනීමට , හිස්බුල්ලා ඥානසාර එක බත්පත බෙදාගෙන කන උන් බව දැන ගැනීමට අපටද කල් ගත විය. හිට්ලර් දේශපාලන කරලියට පැමිනෙන විට  ඔහුට එරෙහිව බුර බුරා නැගුණු චෝදනා සිය ගනනක් විය. හිට්ලර් තමාට එල්ල වූ තක්කඩි චෝදනා සියල්ල  දේශප්‍රේමී රෙද්දෙන් වසා ගත්තේය. ජනයා හිට්ලර්  දු‍ටුවේ මහා දේශප්‍රේමියෙකු ලෙසිනි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආවේය . මිනිසුන්  හිට්ලර්ගේ නියම ස්වරූපය දකින විට  ඔවුන් ප්‍රමාදය

හිටපු බුද්ධි අංශ නිළධාරි කීර්ති රත්නායක

3 thoughts on “මුස්ලිම් ඡන්ද කඩන කුමන්ත්‍රණය අතේ කෝට්

  1. වහබ් වාදය එක නිකන් පුස්සක් විතරය්, වහබ් වාදය කුණු ගොඩක්ම විතරය්, ආගම තුල එහෙම දේවල් නැත ඔටෝමන් අදිරාජ්‍ය වැටීමට වෙනත් හේතු තිබුනා බ්‍රිත්නය අදිරාජ්‍ත් එක හේතුවක් වුනා

  2. හිටන්න යමක් නැත, ඕක තමා මොඩලය පොලිටික්ස් වල ඉදිරයටත්,, ඕක අලුත් දේයක් නිවෙයී ලංකාවට හැබයි අලුත්,, දන්නා උන් දන්නේ නෑ වගේ ඉන්නවා ඔච්ච්රයී

Comments are closed.