ගෑස් හිඟයේ තිරය පි‍ටුපස කථාව

ගෑස් හිගය සිදුවූ ආකාරය පිලිබදව අල ගිය මුල ගිය තැන් සියල්ල මේ වන විට හෙලිදරව් වී ඇත.එය බැසිල් රාජපක්ෂ මෙහෙයවූ තවත් ක්‍රියාන්විතයකි. ඒ පිළිබද සියලු විස්තර අප සතුය. දේශපාලන කරනම් පසෙකලා වෙළද කටයුතු ඇමති රිෂාඩ් බදුර්දීන් ගෑස් හිගයට නිසි පිලියම් යොදනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

මෙය ලංකාවේ දෙමළ දේශපාලනඥයන්ට සාපේක්ෂව මුස්ලිම් දේශපාලනඥයන්ගේ කොන්ද පිලිබද ගැටලුවකි. පසුගියදා අලි සබ්‍රිගේ කටින් එය එළියට ආවේය . ” ගෝට සිංහළ ඡන්ද වලින් දැනටමත් දිනලා ඉවරයි, දිනන ගෝටා එක්ක අපි නොහිටියොත් කන්ඩයි වෙන්නෙ. ”. නමුත් ගෝටා සමග එක්වීම මුස්ලිම් දේශපාලනඥයාගේ අභිලාෂය මිස මුස්ලිම් ජනයාගේ අභිලාෂය නොවේ. මුස්ලිම් දේශපාලනඥයා කරන්නේ සිය අභිලාෂ වෙනුවෙන් ජනයා පාවා දීමය

මෑතකදී රිෂාඩ් සිය සංවිධායකයන් ඇමතුවේය . මෙවර මැතිවරණයට තමා විසින් සතයක් වත් වියදම් නොකර බව ඔහු කීවේය . ”මෙය අපේ මැතිවරණයක් නොව . ඒ ගොල්ලන්ගේ මැතිවරණයකක් ” යයි රිෂාඩ් කීවේය. අපට රිෂාඩ් වෙත කීමට ඇත්තේ මෙපමනකි. මෙය ඒ ගොල්නගේ මේ ගොල්ලන්ගේ මැතිවරණයක් නොව ජනතාවගේ මැතිවරණයකි. මුදල් වියදම් නොකලාට කම් නැත. මුස්ලිම් ජන මතයට ඉඩ දෙන්න.පුත්තලමේ සහ මන්නාරමේ ගෝටා වෙනුවෙන් සැරිසරන මුදල් වලට වඩා මුස්ලිම් ජනමතය බලවත්ය