පිල්ලෙයාන්ගේ කල්ලියට ගෝටාගෙන් කොන්ත්‍රාත්තුවක් – මුස්ලිම් කොන්ග්‍රසය යුරෝපා සංගම් නියෝජිතයන්ට පැමිණිලි කරයි

මහින්ද පසුගියදා සිරගෙදරටම ගොස් පිල්ලෙයාන් සමග සාකඡාවක් පැවැත් වූයේය . මහින්ද පිල්ලෙයාන් සොයා ගියේ දුක සැප බැලීමට නොව ගෝනි සෙල්ලමකටය .තමන් බලයට පැමිනි පසු පිල්ලේයාන් නිදහස් කරන බව ඔවුන් දැනටමත් ප්‍රකාශ කොට ඇත. පිල්ලේයාන් හිරගෙදර තපින්නේ දෙමළ සංධාන මන්ත්‍රී ජෝෂප් පරරාජසිංගම් වෙඩි තබා ඝාතනය කිරීමේ වරදටය. පිල්ලෙයාන්  මොහුව ඝාතනය කලේ නත්තල් දිනදා  මඩකලපුව සෙන්ට් මේරිස් පල්ලිය ඇතුලතදීය. හෙන්දාවිතාරන යටතේ ක්‍රියාත්මක වූ පැරා මිලිටරි කල්ලි මෙහෙයවූ  ඝාතන වලට යොදා ගත්තේද පිල්ලෙයාන්ගේ වෙඩික්කරුවන්ය. කරුනු එසේ හෙයින් මහින්ද පිල්ලෙයාන්ට බාර දුන්නේ සිල් රෙදි බෙදීමේ කොන්ත්‍රාතුත්වක් නොවේ .

සහරාන් පිලිබද නොකී කථා

සහරාන් හමුදා බුද්ධි අංශයට සම්බන්ධ වූයේ 2005 වසරේදීය. සහරාන් බුද්ධි අංශයට ”එන්ලිස්ට්” කෙලේ එවක බුද්ධි අංශ නිලධාරියෙකු වූ කර්නල් තුවාන් මුතාලිෆ්ය. මුතාලිෆ්  ඝාතනය වන විට නැගෙනහිර පලාතේ මුස්ලිම් තරුණයන් 120 කට ආසන්න ප්‍රමානයක් බුද්ධි අංශයට සම්බන්ධ කොට තිබුනි. යුද්ධය අවසන් වූ පසු අයි.එස් මොඩලයේ ජිහාඩ් කල්ලියක් ”ෆෝම්” කිරීම සදහා යොදා ගත්තේ මෙම තරුණයන්ය. සහරාන් ඇතුලු පිරිසට අවි පුහුණුව දුන්නේ සින්න තම්බි නම් පිල්ලෙයාන් පිලේ ජේෂ්ඨ සාමාජිකයෙකි. යුද්ධය අවසන් වූ පසු සහ්රාන්  තව්හිද් ජමාත් සාමාජිකයෙකු විය. තව්හිද් ජමාත් සංවිධානයේ මූලස්ථානය පිහි‍ටු වීමට කොළඹින් ඉඩමක් දුන්නේ ගෝටාය.   තවහිද් ජමාත් සහරාන්ටද හමුදා බුද්ධි අංශයෙන් වැ‍ටුප් ගෙවූ බව ඔප්පු වී ඇති කරුනකි.

ගෝටාගේ ගිණි තියන කල්ලිය

සහරාන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු  බවට පත් වූයේ මුස්ලිම් ජනයාට එරෙහිව එල්ල වූ මහනුවර  ප්‍රහාරයෙනි. දිගන- මහනුවර ප්‍රහාරය මෙහෙයවූයේ  ඩෑන්, නාමල් කුමාර, අමිත් වීරසිංහ ඇතුළු පිරිසකි. ක‍ටුගස්තොට අඹතැන්න පන්සලට අත්බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මෙම පිරිසය. මේ කථා කියන්නේ අප නොව ඩෑන්ලා සමග නොරොක් වී පසුගියදා මාධ්‍ය සාකඡ්චාවක්  පැවත්වූ  අසේල  ධර්මසිරිය. ඩෑන්, නාමල් කුමාර , අසේල ඇතුළු සියල්ල එදා සිටියේ ගෝටාගේ ඔඩොක්කුවෙ බව දැන් ඔප්පු වී ඇත . ගෝටා-සිරිසේන ඝාතන කුමන්ත්‍රණයද අතේ රෝලක් බව පැහැදිලිය. අරුන්කාන්ත්ගේ  ශිව සේනා කල්ලිය ගෝටාගේ නිෂ්පාදනයකි. බොදු බල සේනාව ගෝටාගේ නිෂ්පාදනයකි. . මේ සියළු උන් මෙහෙය වූයේ ගෝටා සහ හුලගට තරු ගැසූ මිලිටරි කල්ලිය  විසිනි

ගෝටාගේ කුමන්ත්‍රණ ගැන මාගල දිග ඇරෙයි

මිනුවන්ගොඩ ගිණි තැබීමට සම්බන්ධ වූයේද ගෝටාගේ ගොට්ටන්ය. මධුමාධව මුලින්ම කරළියට ආවේ මිනුවන්ගොඩ ගිණි තැබීමෙනි. හෙටිටිපොල සහ මිනුවන්ගොඩ ප්‍රහාර වලට   සැකපිට  අඩංගුවට ගත්  නාමල් කුමාර තවම ඇතුලේය. නාමල් කුමාරට ප්‍රහාරය සදහා පැමිනි ඩිෆෙන්ඩර් රථයේ අයිතිකරු රෝයල් බීච් සමන් නමින් හදුන්වන සමන් පෙරේරාය. හෙරොයින් ව්‍යාපාරිකයෙකු වන මොහු ගෝටාට සහයෝගය දක්වමින් අපේ  ජනබල පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වී ඇත. අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වූයේ ගෝටාට එරෙහිව මාගල දිග අරින අසේල ධර්මසිරිය. මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කල සියළු ප්‍රහාර පි‍ටුපස සිටියේ ගෝටාගේ ගොට්ටන් බව දැන් සක්සුදක්සේ පැහැදිලිය

පිල්ලෙයාන් කල්ලිය නැගෙනහිර පලාතේ ප්‍රහාරයකට සීරුවෙන්

හිස්බුල්ලා මහින්දගේ පිල්ලියකි. හිස්බුල්ලාගේ හෙන්චෙකු වන මිෆ්ලාල් මව්ලවී  මැතිවරණ  නීති අමු අමුවේ උල්ලංඝනය  කරමින් ” 70 වසරක මුලාවට  තිත තියමු” නමින් පිහිට වූ සංවිධානයක් හරහා  චන්දය නොදමන ලෙස මුස්ලිම් ජනයාට බලපෑම කරමින් සිටියි. මැතිවරණයට පෙර ගෝටා සිය සෙවනැලි සන්නද්ධ කන්ඩායම් තවත්  ප්‍රහාරයකට අර අදිමින් සිටින බව  විශ්වාස කටයුතු තොරතුරු  වලින් වාර්තා වී ඇත . එහි ආසන්නතම සිදුවීම ලෙස  ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් පිල්ලෙයාන් සැලසුම් කොට ඇති  ප්‍රහාරයක් පිළිබදව  යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමට පැමිණිලි කොට  ඇත. මෙම පැමිනිල්ල  මුස්ලිම් කොන්ග්‍රසය විසින් යුරෝපියානු සංවිධානයේ මැතිවරණ නිරීක්‍ෂණ කණ්‌ඩායමේ දේශපාලන නිරීක්‍ෂක මේරි බෝලන්ඩ්  වෙත ලිඛිතව බාර දී ඇත.

හිටපු බුද්ධි අංශ නිළධාරී කීර්ති රත්නායක