” ලෝකල් ටර්මිනේටර්ගේ” තවත් කෙරුවාවක් රනිල් හෙලි කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (4) ඊයේ නැණ පවුර වෘත්තීයවේදී එකමුතුව අමතමින් ගෝටා ගැන කෙස් කෙලින් කරන හෙලිදරව්වක් කළේය.

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස යන වචන බැලූ බැල්මට සමානය. නමුත් ක්‍රියාපටිපාටිකව මෙය අහසට පොළව මෙනි. නිදහස් අධ්‍යාපනය යනු (Free education) රජය විසින් රටේ සියළු දරුවන්ට නොමිලේ අධ්‍යාපනයක්  ලැබිමට හැකි පසුබිමක් ඇති කිරීමය. කන්නංගරයන් ඇති කලේ නිදහස් අධ්‍යාපනයයි. අකිල විරාජ්ගේ ‘ ලගම පාසැල හොදම පාසැල” වැඩසටහන තුලින් සිදුවූයේද  නිදහස් අධ්‍යාපනය මල් ඵල ගැන්වීමය. දුප්පත් දරුවෙකුට පවා 1 වසරේ සිට විශ්ව විද්‍යාලය දක්වා මුදල් ගෙවීමකින් තොරව ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරය නිදහස් අධ්‍යාපනයයි.

කොතලාවල සහ සයිටම් ඇතිකලේ කා වෙනුවෙන්ද

අධ්‍යාපනයේ නිදහස යනු (Freedom of education)  පුද්ගලයෙකුට ඕනෑම  විෂය ක්ෂේත්‍රයක කිසිදු බාදාවකින් තොරව  අධ්‍යාපනය ලැබීමට හැකි පරිසරයක් ඇති කිරීමය. කොතලාවල විශ්ව විද්‍යාලය, සයිටම් , පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කරන්නේ ‘අධ්‍යාපනයේ නිදහස’ වෙනුවෙනි. එනම් උසස් පෙල වැනි කඩ ඉම් විභාගයකින් යමෙකුට වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වීමට නොහැකි වුවද සයිටම් , කොතලාවල වැනි ආයතනයකට මුදල් ගෙවා වෛද්‍ය වරයෙකු වීමේ නිදහස ඇති කිරීමය. ඇතිහැකි උන්ට  උපාධි අලෙවි කරන ‘උපාධි කඩ’  බිහි වීම  මෙම ක්‍රමයේ අනිවාර්ය අංගයකි

නිදහස් අධ්‍යාපනය වල පල්ලට යැවීම

විශ්වවිද්‍යාලවල ප්‍රවේශය සඳහා පාසැල් මට්ටමෙන් ඉසෙඩ් ස්කෝර් ක්‍රමයක් ක්‍රියාත්මක කරන බව ගෝඨාභය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කොට ඇත. ගෝටා යෝජනා කරන ක්‍රමවේදය හරහා සිදු වන්නේ සී.ඩබ්.ඩබ්. කන්නංගරයන් හදුන්වා දුන් ‘නිදහස් අධ්‍යාපනය’ වල පල්ලට යවා ‘අධ්‍යාපනයේ නිදහස’ වෙත වැඩි බරක් තැබීමය.මෙම තත්වය  දුප්පත් දක්ෂ දරුවන්ට  මරු පහරකි. සයිටම් සහ කොතලාවල ඇති කලේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස  සිටියදී බව කවුරුත් දන්නා කරුනකි. මිලියන ගනන් ඇති උන්ට වෛද්‍ය උපධිය පවා මිලට ගත හැකි පසුබිමක් ඇති කලේ රාජපක්ෂලාය

සමානාත්මතාවය ආරක්ෂා කරන රන් හුය

තවද ගෝටාගේ නව ක්‍රම වේදයෙන් සිදු වන්නේ දුෂ්කර පාසැල් වල පහසුකම් නංවා අධ්‍යාපන මට්ටම ඉහළ නංවනු වෙනුවට ඒ පාසැල් සදාකාලිකවම නොදියුණු මට්ටමෙන් පවත්වාගෙන යමින් ඉසෙඩ් ස්කොර් මට්ටම් පහත හෙලීමය. එනම් දුෂ්කර පාසැල් වල අඩු ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් පවත්වාගෙන යාමත් සුපිරි පාසැල් වල ඉහල ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් පවත්වාගෙන යාමය. මුලු රටටම බලපාන එක් ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් වෙනුවට විභේදනයක් ඇති කිරීමකි. ඉසෙඩ් ස්කොර් ක්‍රමය සමානාත්මතාවය ආරක්ෂා කරන රන් හුයය. එය ඉවත් කිරීමෙන් සිදුවන්නේ දරුවන් වෙනස් කොට සැලකීමකි.

දුප්පත් දරුවන්ගේ  අනාගතය ඝාතනය කිරීම

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස යන දෙකම රටකට අවශ්‍යය. නමුත් ලංකාව වැනි ආදායම බෙදීයාමේ දැඩි විෂමතාවයකින් යුතු රටක මෙය කල යුත්තේ ඉතා ප්‍රවේසමෙනි.ගෝටා සයිටම්, කොතලාවල ඇති  කළේ වරප්‍රසාද ලත් පංතියේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙනි. එ.ජා.ප රජය ”ඩෙලික් කොස්” , ”ලගම පාසැල හොදම පාසැල” ව්‍යාපෘති ගෙන ආවේ දුප්පත් දරුවන් වෙනුවෙනි. ලංකාවේ අදටත් දුෂ්කර  ප්‍රදේශ වල දරුවන් කි.මී ගණන් යන්නේ පයිනි. විභාගයට පෙනී සිටීමට දරුවා සමග යන පියා වල් අලි ප්‍රහාරයට ලක්ව මිය යන්නේ  ලංකාවේය. එවැනි රටක ”නිදහස් අධ්‍යාපනයට” අඩු බරක් තබා ”අධ්‍යාපනයේ නිදහසට” වැඩි බරක් තැබීම දුප්පත් දරුවන්ගේ  අනාගතය ඝාතනය කිරීමකි

තුෂාරා වන්නිආරච්චි