ලොස් ගෝටාගේ සෙල්‍ෆිය නිසා බඩු මාට්‍ටු, මහින්දගෙන් කුණු බැනුම්

ගෝටාබය සහ මහින්ද යන දෙදෙනාම ඩිමෙන්ෂියා  නැතහොත්  අමතක වීමේ රෝගයට ප්‍රථිකාර ගන්නා දෙපලකි. මෙම රෝගී තත්වය නිසා  කොලයක් නොමැතිව සරළ ප්‍රශ්නයකට වුවද හරි ආකාර පිළිතුරක් ලබා දිය නොහැක. මහින්ද සහ ගෝටා යොදා ගනිමින් සිදු කළ රූගත  කිරීම් වැලක්  ඊයේ සහ අද හිරු මැදිරි තුල යුහුසුළුව සිදු විය. රූ ගත කල ජවනිකා ” හිරු සලකුන ” ට අදාල ඒවා බව වැඩිදුර සොයා බැලීමේදී දැනගත හැකි විය. ඊයේ මහින්ද යොදාගනිමින්  කළ රූ ගත කිරීම ජනයා ගොනාට අන්දවමින් සජීවී වැඩසටහනක් ලෙස අද  ප්‍රචාරය කිරීමට නියමිතය.

මහින්ද ඊයේ සිදු කල සෙල්ලම අද ගෝටා කර ඇත. අද දින එනම් (8) උදේ වරුවේ හිරු මැදිරියට පැමිනි ගෝටා  ”සලකුණ” රූගත කිරීම වලට සහභාගි වී ඇත. එකී රූ ගත කිරීම සජිවී වැඩසටහනක් ලෙස හෙට ප්‍රචාරය කිරීමට නියමිතය.

මහින්ද යනු සමාජයේ ඇට්ටර වූ චරිතයකි. රූ ගත කීරීම අවසන් කල විගස හින් සීරුවේ මාරු වීමට මහින්ද වග බලා ගත්තේය. ගෝටා නියගයට පැසුණු ගෙඩියක් වැනිය. ඔහුගේ සමහරක් හැසිරීම නිසා ”මෝඩයෙකු” කීවද  වරදක් නැත. මහින්ද රූ ගත කිරීම අවසන් කොට හීන් සැරේ මාරු වුවද මෝඩ ගෝටා හිරු නාලිකාවේ සේවකයන් සමග සෙල්‍ෆි වලට පෙනී සිටියේය.

හිරු එෆ්.එම්. නාලිකාවේ සේවය කරන කාවින්ද කෞෂල්‍ය නම් පුද්ගලයා ගෝටා සමග සෙල්‍ෆියක් ගෙන ඔහුගේ මුහුණු පොතේ පල කළේය. එම සෙල්‍ෆියත් සමග රූගත කිරීමක් සිදුවූ බව ”ලීක්”  වූවා පමනක් නොව  ”හිරු සලකුණ”  සජිවී එකක් නොවන බව තහවුරු විය.  වැඩේ අල වූ බව දැන ගත් වහාම එම ඡායාරූපය ඉන් ඉවත් කොට තිබුණි.

ඊයේ මහින්ද යොදා ගනිමින් සිදු කළ රූගත කිරීම අද සජීවී සංවාදයක් ලෙස ප්‍රචාරය කරන්නේ සංස්කරණය කිරීමෙන් පසුවය . එහිදී මහින්ද අතින් සිදුවූ වැරදි 36ක් කපා ඉවත් කොට ඇත. අද උදේ ගෝටා යොදා ගනිමින් සිදු කල රූ ගත කිරීම ලිපිය ලියන විට සංස්කරණ කටයුතු සදහා යොමු කොට තිබුණි. මැදිරියෙන් ලබෙන තොරතුරු අනුව  රූ ගත කිරීම නැරඹූ සංස්කරණ ශිල්පියා ඔලුවේ අත ගසා ගෙන ඇත. ගෝටා ඒතරමට ”බුල”  කෙලා ඇත ( වැරදි සිදු කොට ඇත).

අද විකාෂණය වන මහින්දගේ වැඩ සටහන  සජීවී එකක් නොවන බව හෙලිවූයේ  ගෝටා කෙලිය පිස්සුව නිසාය. මහින්ද මේ පිලිබදව දැඩි කෝපයෙන් පසුවන බව තොරතුරු දුන් පුද්ගලයා අප සමග පැවැසුවේය

තුෂාරා වන්නිආරච්චි