ගෝටාස් වෝ – නොකී කථා

2009 මැයි මාසයෙදී උතුරු නැගෙණහිර යුද්ධය අවසන් විය. මහින්ද ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ වූ සෙයක් දිස් විය. කල දු‍ටු කල වල ඉස ගැනීමට සිතූ මහින්ද 2009 දෙසැ මාසයේදී ජනපතිවරණය ගැසට් කළේය. එය නියමිත දිනට වසර 2 කට කලින් පවත්වන මැතිවරණයක් විය. මහින්ද ජනපතිවරණයෙන් ජය ගත්තේය. නමුත් එකී ජයග්‍රහණය තුල පරාජයක පැහැදිලි සේයාව  දැකිය හැකි විය. ප්‍රකාෂිත ඡන්ද වලින් මහින්දට ලබා ගත හැකි වූයේ 57% කි. ජනපතිවරණයට ලක්ෂ 140 ලියාපදිංචි ඡන්දදායකයන් විය.නමුත් ලක්ෂ 40ක් ඡන්දය ප්‍රකාශ කර නොතිබුනි. සමස්ථ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 73% තරම් පහල අගයක් විය. දෙමළ ජනයාගෙන් 69% චන්දය වර්ජනය කොට තිබුනි. ඡන්දය නොදුන් පිරිස තමාගේ ප්‍රතිවාදීන් බව මහින්ද දැන සිටියේය.

බෙල් පොන්ටින්ජර් වාර්තාව

අභියෝගය තේරුම් ගත් මහින්ද සිය දේශපාලන  ඉදිරි සැලසුම් සැකසීම විදේශ සමාගමකට බාර දුන්නේය.එම කොන්ත්‍රාත්තුව බාර දුන්නේ  කුප්‍රකට බෙල් පොන්ටින්ජර් සමාගමටය (Bell Pottinger). යුධ සමයේ  රජය  සිදුකල  මිනීමැරුම් සහ යුධ අපරාධ හේතුවෙන් බලවත් දෙස් විදෙස් ප්‍රතිරෝදයක් නැගී එන බව ඔවුන් කීවේය. එම තත්වය හමුවෙ වසර 2කට වඩා බලය රදවා ගැනීමට නොහැකි බව මහින්දට පෙන්වා දුන්නේය. බෙල් පොන්ටින්ජර් මහින්දට විකල්ප සැලසුමක් දුන්නේය. ජිහාඩ් බිල්ලා තැනීමේ සැලසුම දුන්නේ ඔවුන්ය. බෙල් පොන්ටින්ජර් 2017 දී  කළු ලැයිස්තු ගත කළ අතර ඊට හේතු වූයේ  අයි.එස් සහ අල්කයිඩා මූලය ඔවුන් බව හෙලිවීමය. සමාජජාලා හරහා වෛරය මුදා හැමීමේ සංකල්පය හදුන්වා දුන්නේ මෙම සමාගමය. අරාබි වසන්තයේ ‘අයිඩියොලොජිය’ දුන්නේද මොවුන්ය

සුරේෂ් සැලේගේ පත්වීම සහ සහරාන් යලි කැදවීම

බෙල් පොන්ටින්ජර් වාර්තාව ලැබී දින කිහිපයකින් සුරේජ් සැලේ  ආරක්ෂක අමාත්‍යාංශයේ විදෙස් බුද්ධි අංශ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස පත් කළේය. ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි පිලිබදව හැදෑරීම සුරේෂ් සැලේගේ මූලික රාජකාරිය විය. 2012 ජූනි මාසයේදී සන්නද්ධ බුද්ධි අධ්‍යක්ෂ ලෙස සිටි බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චි ඉවත් කොට සුරේෂ් සැලේ එම තනතුරට පත් කළේය. ඒ සමගම  යුධ සමයේ ක්‍රියාකාරී බුද්ධි අංශ සාමාජිකයන් වූ සහරාන් ඇතුළු පිරිස  යලි සේවයට කැදවූයේය.

2005 වසරේදී සහරාන් ඇතුළු 120 පමන මුස්ලිම් තරුණයන් හමුදා බුද්ධි අංශයට බදවා ගත්තේ කර්නල් තුවාන් මුතාලිෆ් විසිනි. කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි සටනේදී සහරාන් ඇතුළු පිරිස විශිෂ්ඨ සේවාවක් කළ බව  අවිවාදිත කරුනකි. අගනුවරට පැමිනිනෙන බෝම්බ සහ නැගෙනහිර කොටි ජාලය අඩපන කිරීමට සහරාන්ලා සුවිශේෂී මෙහෙයක් ඉ‍ටු කළේය

අන්තවාදී සංවිධාන සහ සුබ්‍රමානියන් ස්වාමි

බොදු බල සේනා, ශිව සේනා, සහ සහරාන්ගේ තව්හිද් ජමාද් යන සංවිධාන ස්ථාපිත කලේ සුරේෂ් සැලේ විසිනි. ඔවුන් නඩත්තු කලේ එකම පඩි ලැයිස්තුවකිනි. ප්‍රසිද්ධ වේදිකාවේ මොවුන් එකිනෙකාට එරෙහි භූමිකාවක් රග දැක්වූවද ඉහලම ස්ථරයේදී මොවුන් අතර මනා සම්බන්ධීකරණයක් විය . අයි .එස්  බිල්ලෙකුගේ නිෂ්පාදය ලංකාවේ සිදුවන විට විට ඊට සමගාමී ව්‍යාපෘතියක් ඉන්දීයාවේ ක්‍රියාත්මක විය. රාෂ්ට්‍රීය ස්වායම් සේවක් සංග් (RSS)  සංවිධානය මෙහෙය වූ එම ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කළේ සුබ්‍රමානියන් ස්වාමි විසිනි. RSS සංවිධානයට අනුබද්ධ සංවිධාන 17ක් ලංකාවේ ක්‍රියාත්මක වන බව මෑතකදි ස්වාමි ප්‍රකාශ කළේය. බොබසේ සාමාජිකයන්  සහ අරුන් කාන්ත් ඉන්දියාවට ගොස් RSS න්‍යායාචාරින් හමුවන ඡායාරූප අප මීට පෙර පල කොට ඇත.

සුරේෂ් සැලේ නිෂ්පාදනය කල ජවනිකා

සුරේෂ් සැලේ නිෂ්පාදනය කල ජවනිකා අන්තවාදී සංවිධාන වලට සිමා නොවීය. රාම් සහ නගුලන් යන හිටපු කොටි සාමාජිකයින් දෙදෙනා යොදවා ‘‘කොටි නැගිටිනවෝ’’ නාටකය පෙන්වූයේ මොහුය. නගුලන් යනු චාල්ස් ඇන්තනී බලකායේ හිටපු ප්‍රධානියාය. නමුත් ඔහු 2007 වසරේදී මිය ගිය අයෙක් විය. TID උප ‍පොලිස් පරීක්ෂක රත්නකුමා හට වෙඩි තබා පලා ගිය  ගෝපී සහ අප්පන් නැඳුන්කර්නි කැලයේදී කොටුකරන බුද්ධි අංශ නාටකය පෙන්වූයේද බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි විසිනි.

උතුරේ ආවා කල්ලියද සුරේෂ් සැලේගේ නිෂ්පාදනයකි. සිංහල පත්තරයක ඔතා තිබූ  මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයද සුරේෂ් සැලේගේ වැඩකි. නාමල් කුමාර කථාවද මොහුගේ අතේ රෝලකි. දඹුල්ල මුස්ලිම් පල්ලිය කැඩීමේ සිට පාස්කු ප්‍රහාරය දක්වා සියලු සිදුවීම් එකිනෙකට හුදකලා වූ ඒවා නොව එක වැඩකි. සුරේෂ් සැලේ රාජපක්ෂලා වෙනුවෙන් නිෂ්පාදනය කල නාටක බොහොමය. ඉන්ටේක් 27සැලේ අනෙක් උන්ට කලින්  බ්‍රිගේඩියර් තනතුරට උසස් කළේ එහෙයිනි.

ගෝටා මංගල අත් අඩංගුවට ගැනීමට ගියේ ඇයි?

සුරේෂ් සැලේ කොට්ටය යට තබා දියත් කළ කුමන්ත්‍රණ 2013  වසරේදී කරළියට පැමිණියේය. දිවයින පුරා පල්ලි 68 වැඩි ප්‍රමාණයකට පහර දිම්  වාර්තා විය.ඒ සමගම පහරදීම් පි‍ටුපස සිටින්නේ සුරේෂ් සැලේ යයි මංගල සමරවීර  ප්‍රකාශ කළේය. එම ප්‍රකාශයෙන් පසු මංගල රහස් පොලීසියට කැදවීමට සූදානම් විය. ගෝටා වහාම සුරේෂ් සැලේ ඇමෙරිකාවේ පාඨමාලාවකට යවා තතු වසන් කළේය.

සුරේෂ් සැලේ හමුදා බුද්ධි අංශයෙන් ඉවත් කලේ 2016 නොවැ මාසයේදීය. ඉන් පසු ඔහු ඩිෆෙන්ස් ඇටෑචී ලෙස තානාපති කාර්යාල කිහිපයක වැඩ කළේය . ඔක් 26  මහින්ද අගමැති වීමත් සමග සුරේෂ් සැලෙ යලි ලංකාවට පැමිණියේය.සුරේෂ් සලේ ලංකාවට පැමිනි විගස සහරාන් ක්‍රියාත්මක විය. සහරාන්ගේ කල්ලිය 2018 නොවැ 30 දින වව්නතිහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතණය කළේය. මෙම ඝාතණය සිදුවූයේ මහින්දගේ දින 52 ආන්ඩු කාලය තුලදීය.

පාස්කු ප්‍රහාරයේ අක්මුල් 

පාස්කු ප්‍රහාරයේ සුල මුල මේ වන විට හෙලිදරව් වී අවසානය. රාෆායල් ගනුදෙනුව සහ පකිස්ථානයෙන් කෑ පරිප්පුව නිසා මෝඩි වියරු වැටී සිටියේය. මෝදි මැතිවරණය ගොඩදාගත්තේ පාස්කු ප්‍රහාරය සහ පුල්වාමා ප්‍රහාරයේ පිහිටිනි.ප්‍රහාරකයන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල ටික සූදානම් කර ගත් පසු ලෝකයේ කිසිදු හමුදාවකට එය නැවැත් විය නොහැක. එනම් ලංකාවට තොරතුර ලැබුන පසු අඩියෙන් අඩිය මුර කපොළු දැමුවද පිපිරීම් වැලක්විය නොහැක. ඉන්දියාව පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන ලංකාව දැනුවත් කලේ එකී සිද්ධාන්තයට අනුවය.

ලංකාවේ පැවැති තත්වයද මීට සමාන විය. නොවැ 26 කුමන්ත්‍රණයෙන් මහින්ද අනාථ විය . ජනපති අපේක්ෂකත්වය ගෝටාට බොහෝ දුර විය. පාස්කු ප්‍රහාරය මේ සියල්ල ගෝටාබයට වාසි වන අයුරින් වෙනස් කළේය. සහරාන්ට මෙරට  හමුදා බුද්ධි අංශයෙන් දැක්වූ අනුග්‍රහය සහ සහරාන් ඉන්දීයානු ඒජන්තයන් සමග පැවැත්වූ සම්බන්ධතා පිලිබද සාක්ෂි මේ වන විට හෙලිදරව් වී අවසානය. නමුත් පරීක්ෂණ වාර්තාව හමස් පෙට්ටියේ තැබීම  මහින්ද – රනිල්ගේ  පමනක් නොව ගෝලීය බලවතුන්ගේ කැමැත්ත වී ඇත.

සුරේෂ් සැලේ ගේ පස්චාත් පාස්කු මෙහෙයුම

සුරේෂ් සැලේ දැන් පස්චාත් පාස්කු මෙහෙයුම දියත් කොට ඇත. පාස්කු ප්‍රහාරය සැක පිට අත් අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් රදවා තැබුවේ හමුදා කදවුරු වලය. අත්අඩංගුවට පත්වූ මුස්ලිම් තරුණයන් එහිදී විවිධාකාර වධ බන්ධනයන්ට ලක්විය. එයද සැලසුම් සහගතව සිදුවූවකි . දැන් පහර කෑමට ලක්වූ තරුණයන්ගේ කදුළු අලෙවි කරන ව්‍යාපෘතිය දියත් කොට ඇත. ‘‘මගේ ස්වාමි පුරුෂයාගේ ‍රැවුල් ගස් ගලවලා! ඌරු මස් කන්ඩ දීල! පුතාට හොදටම පහර දීල ! 2015 දී අපි ආන්ඩුවක්  පත් කරගත්තේ මේකටද’’? පටිගත කල මෙවැනි කථා සිය ගනනක් දැන් මුස්ලිම් සමාජය වෙත මුදා හැර ඇත. නියතව සජිත්ට හිමි මුස්ලිම්  ඡන්ද  කැඩීම එහි අරමුනය.

2005 සහ 2009 චන්ද වර්ජන වලින් ගොඩ ගිය රාජපක්ෂලාගේ 2019 සැලසුම මුස්ලිම් ඡන්ද වර්ජනයක් ඇතිකිරීමය. එපමනක් නොව පිල්ලෙයාන් යොදා ගනිමින් දියත් කිරීමට ගිය අති බිහිසුණු  කුමන්ත්‍රණක් පිලිබද සියලු තොරතුරු පසුගියදා රවුෆ් හකීම් යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත බාර දුන්නේය. හමුදාපතියා ගෝටාගේ මැතිවරණ  දැන්වීම් වලට පෙනී සිටින විට  සුරේෂ් සැලේලා ගැන කවර කථාද ?

බුද්ධියේ විමසුමට

එක්තරා කාලයකදී  ලෝකයේ බල සම්පන්නම කලිෆාව (අධිරාජ්‍ය) මුස්ලිම්වරු සතු විය. බ්‍රිතාන්‍යයන් ඔටෝමන් කලිෆාව විනාශ කිරීමට ට්‍රෝජන් අශ්වයෙකු ලෙස යොදා ගත්තේ වහාබ්වාදයයි. 1913 ඔටෝමන් කලිෆාවට කන කොකා හැඩුවේය. ඉන් හරියටම වසර 100 ගිය තැන එනම් 2013 දී අයි.එස්  නම් සංවිධානයක් මුස්ලිම් කලිෆා එකක් ප්‍රකාශයට පත් කලේය. ලොව නන් දෙසින් මුස්ලිම් ජනයා  අයි.එස් කලිෆාව සොයා ගියේය. අයි එස්.ඇමෙරිකන් පිල්ලියක් බව තේරුම් ගන්නා විට විශාල විනාශයක් සිදුවී හමාරය.

ඇමෙරිකන් පුරවැසි ගෝටා ලංකාවේ පැල කිරීමට උත්සාහ කරන්නේ අයි.එස් මොඩලයකි. එය බල කාමයට අත්වැලක් වුවද පුරවැසියන්ට බියකරු දසුනකි. හිට්ලර් දේශපාලන කරලියට එන විට  ඔහුට එරෙහිව නැගුණු චෝදනා සිය ගනනක් විය. හිට්ලර් තමාට එල්ල වූ චෝදනා සියල්ල  දේශප්‍රේමී රෙද්දෙන් වසා ගත්තේය. ජනයා හිට්ලර්  දු‍ටුවේ මහා දේශප්‍රේමියෙකු ලෙසිනි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදීව බලයට ආවේය . හිට්ලර්ගේ නියම ස්වරූපය දකින විට  පුරවැසියන්  ප්‍රමාදය

By keerthi Ratnayaka