ගෝටගේ කුමන්ත්‍රණය සුජීවාගේ කටින් මාට්‍ටු

අකුරේගොඩ හමුදා මූලස්ථානය විවෘත්ත කළ දින සාදයකදී සුජීවා නෙල්සන් ( ශවේන්ද්‍රගේ දෙවන ඉණිම ) කෙස් කෙලින් කරන කථාවක් කීවාය. හමුදාපති ඉලක්ක කොට එල්ල විය හැකි ප්‍රහාරයක් පිලිබදව ගෝටා විසින් සිය ස්වාමියා දැනුවත් කොට ඇති බව සුජීවා කීවාය. ඇය මේ කථාව කීවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බිරින්දෑවන් කිහිප දෙනෙකු සමගය. එවැන්නක් වෙත්නම් පලමුව දැන ගත යුත්තේ ගෝටා නොව සේනාධිනායක සිරිසේනය. අමුතු බත් දීම සනාථ කරමින් ශවේන්ද්‍ර ඊයේ කොළඹ නගරයේ සහ යාපනයේ ස්ථාන කිහිපයක  මුරකපොළු  දැමීමට නියෝග කළේය.

නමුත් ශවේන්ද්‍රගේ තොරතුරු වල විශ්වාසනීයත්වය ගැන සැක සිතුනු වැඩ බලන පොලිස්පතිවරයා  මුර කපොලු ඉවත් කිරීමට නියෝග කළේය.ශවේන්ද්‍ර සැරසෙන්නේ ඡන්ද කොල්ලයකට බව පැහැදිලිය. සජිත්ට වාසි කොලඹ සහ යාපනය වැනි ප්‍රදේශ වල අනාරක්ෂිත බවක් ඇතිකොට  ඡන්ද පොල අවහිර කිරීම මෙහි අරමුනය.පිල්ලෙයාන් කල්ලිය යොදා සිදු කිරීමට නියමිත පිපිරවීමක් ගැන රවුෆ් හකීම් පසුගියදා යුරෝපා කොමිසමේ නියෝජිතයන්ට පැමිනිලි කලේය.පිල්ලෙයාන් කල්ලිය පිපිරවීමක් කරන්නේ නම් ශවේන්ද්‍රගේ මුර කපොළු කරන්නේ ඊට අනුබල දීමය .

ඡන්දය ලංවෙත්ම හිරු සහ දෙරණ  බෝම්බ බිල්ලෙක් මැවූ හැටි අමතක නැත. ඔක් 4 රාවතාවත්තෙන් අත් බෝම්බ තුනක් හමුවිය. ඉන් අනතුරුව ඔක් 16  බගවන්තලාව සෙන් මේරිස් විද්‍යාලයේ බෝම්බයක් ඇතැයි ලැබුනු තොරතුරක් මත ප්‍රදේශය ගිණියම් විය.එදිනම ගම්පහ මිරිස්වත්ත පාසැල අසලද  සැක කටයුතු පාර්සලයක් ඇතැයි  පණිවුඩයක් ලැබුනි. ‌ මේ සියල්ල ජනයා බිය කිරීමට සිදු කල ඒවා බව පසුව හෙලි විය.

මෑතකදී ජනයා භීතියට පත් කරන තවත් කථාවක් රුවන් ගුණසේකර කීවේය . නතර කර යන වාහනයක පුද්ගලයෙකු රදවා තැබිය යුතු බව ඔහු කීවේය. රියදුරුගේ දුරකථන අංකය දර්ශනය වන පරිදි තැබීම අනිවාර්ය කළේය. ඊට අවනත නොවන වාහන පිලිබඳව බෝම්බ නිෂ්ක්‍රීය අංශය කටයුතු කරන බව කීවේය. මැතිවරණ ව්‍යාපාරය කඩා වැටී රෙද්දේ රෙවී ඇති ගෝටා, සුරේෂ් සැලේ, ශවේන්ද්‍ර වැනි ගොට්ටන් යොදා ගෙන  ඉදිරි දින කිහිපය තුල විශාල කුමන්ත්‍රණයක් දියත් කීරීමට සූදානම් වන බව පැහැදිලිය.

By Keerthi Ratnayaka