සිරිසඟබෝට ගේම දුන් ගෝඨා සහ අම්මගෙ රෙද්ද කැඩූ සොහොන් ගෝටා

ලක් ඉතිහාසයේ පලමු ගෝටාබය කරලියට එන්නේ (ක්‍රි. පූ. 290-250) කාලයේදීය. දේවානම්පියතිස්ස රජුගේ මලණුවෙකු වූ මහානාග රුහුනට පලා ගොස් එහි රජ වූයේය. ගෝටාබය රජ වූයේ මහානාගගේ ඇවෑමෙනි. ගෝටාබය රජ වන විට රුහුනේ ධන ධාන්‍යයෙන් පිරුනු කාජරගාම (කතරගම) නම් උප රාජධානියක් විය. ලක්බිමේ  විශාලතම වෙළද නැව් සමූහය මෙම රාජධානිය සතු විය. ගෝටාබය කෲර ලෙස මෙම කාජරගාම  රජවරුන් ඝාතනය කොට දේපල කොල්ල කෑවේය (ධාතුවංශය 49-50 පිටු) . ලක් ඉතිහාසයේ පළමු ගෝටා, කෲර ඝාතකයෙකු විය. අන්‍යයන් සතු දේපල කොල්ල කෑ දාමරිකයෙකු විය.

සිරිසඟබෝ රජුගේ හිසට ගේම දුන් ලක් ඉතිහාසයේ දෙවැනි  ගෝටාබය

ලක් ඉතිහාසයේ දෙවන ගෝටාබය සිරිසගබෝ රජතුමාගේ බෙල්ලට ගේම දුන්නේය. දෙවන ගෝටාබය කරලියට එන්නේ ක්‍රි.ව 242 දීය . සංඝතිස්ස, සිරිසඟබෝ සහ ගෝඨාභය රාජ්‍යත්වය හිමි කුමාරවරුන් විය .දිනක් මොවුන්ගේ අඩි ශබ්දය ඇසුණු අන්ධ අනාවැකි කියන්නෙක් , මේ යන කුමාරු තිදෙනාම ලංකාවේ රජ වන්නේය, අවසානයට යන එකා වැඩි කාලයක් රජකම් කරන්නේ යැයි  කීවේය.එහි අවසානයට සිටියේ ගෝටාබයයි .එම අනාවැකිය ඇසූ තැන් පටන් ගෝටා වැඩ පටන් ගත්තේය . ගෝටාබය පලමු අදියරේදී  එවක  අනුරපුරයේ රජතුමා වූ විජයදු මරා සංගතිස්ස රාජ්‍යත්වයට පත් කළේය . අනතුරුව සංගතිස්ස මරා රාජ්‍යත්වය සිරිසඟබෝගේ ඇගේ ගැහුවේය.

ගෝටාබයලාට ආවේනික කෘරත්වය

අවසානයේ ගෝඨාභය සිරිසඟබෝට ගේම දීමට මාන බැලුවේය . එය දැන ගත් සිරිසඟබෝ රජකම අතහැර වනේ වන ගත විය . හිස් වූ  රජකම ගෝටාබයට ලැබුනද ඔහු ඉන් සෑහීමකට පත් නොවිනි.  සිරිසඟබෝගේ හිස රැගෙන එන්නෙකුට ත්‍යාගයක් පිරිනමන බව  කීවේය. වස්තුවට කෑදර උන් මිනිසුන් මරා හිස් ‍රැගෙන ආහ. මෙම ඛේදවාචකය මගියෙකු හරහා  සිරිසඟබෝ කන වැ‍ටුනේය . කම්පා වූ සිරිසඟබෝ හිස දන් දුන්නේය. හිස පිලිගැනීමට ඔහු අකමැති වුව හොත් එය  අහසට විසි කරන ලෙසත් එවිට හිස අහසේ ‍රැදෙනු ඇති බවත් කීවේය. විසි කල හිස අහසේ ‍රැදුනා හෝ නො‍රැදුනා වන්නට පිලිවන, නමුත් මහාවංශ කතුවරයා මෙවැන්නක් ලිවූයේ ගෝටාබයගේ  කෲරත්වය වර නැගීමටය.

ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබය

මැදමුලන ගමගෙදර තෙවැනි ගෝටාබය උපන්නේ 1949 ජූනි මස 20 දිනය. උසස් පෙලට පාඩම් කිරීම නිෂ්පල යයි සිතු ගෝටාබය 3 වන කැඩෙට් පාඨමාලවට අයදුම් කලේය. එය සිදුවූයේ 1970 වසරේදීය . නමුත් එම  පාඨමාලවට බදවා ගත්තේ නිලධාරීන් දොලොස් දෙනෙකු වැනි සීමිත පිරිසකි , ගෝටා වැනි ලොසෙකුට කිසිම අවස්ථාවක් එහි නොවිනි. ඉගෙනීම හෝ ක්‍රීඩාව යන  දෙකෙන් එකක්වත් හරියට නොකල ගෝටාබය  කැපී ගියේය . 1971 වසරේ ඇතිවූ ජ.වි.පෙ කැ‍රැල්ල හේතුවෙන් හමුදාවේ පිරිස් බලය දෙගුනයකින් වැඩි කිරීමට රජය තීන්දු කලේය. ඒ අනුව 1972 වසරේ  4 වැනි  කැඩෙට් පාඨමාලාවට නවකයන් 60 දෙනෙකු බදවා ගත්තේය. ආන්ඩුවේ නිලධාරීන්ට කන් කෙදිරිගා ගෝටාබය කෙසේ හෝ 4 වැනි කැඩෙට් පාඨමාලාවට රිංගා ගත්තේය.හමුදා පුහුනුව යාන්තමින්  ගැටගහ ගත් ගෝටාබය රජරට රයිපල් බලකායට අනුයුක්ත වූයේය. එල්.ටී.ටී.ඊ සාමාජිකයන් දාහක් දෙදාහක් සිටි කාලයේදී පවා උතුර දකුන මාරු වී සිටි ගෝටා 1992 දී මොලේ අමාරුවක් කියා විශ්‍රාම ගත්තේය .

ලක් ඉතිහාසයේ තෙවැනි ගෝටාබයගේ කෙරුවාවෙන් බිදක්

2005 වසරේ මහින්ද අයියා ජනපති වීම නිසා ගෝටාබයට ආරක්ෂක ලේඛම් තනතුර ලැබිනි. ගෝටාබය හමුදාවට  අවි සපයන අතර තුර කැබිනට් මන්ඩලයද ගොනාට අන්දවමින් මිලියන ගනනින් ගාන කැපුවේය . තමාගේ හොරකම් පිලිබද කතා කරන උන් නිවන් යැව්වේය. ආයතන සංග්‍රහයේ අකුරක්වත් නොදත්  රටේ හොදම අමත්‍යශ 7ක් පවරාගෙන සිවිල් සේවයටද අත ගැසුවේය. සිවිල් සේවයේ තරම කොතෙක්දයත් විමලේ සහ ඇඹේනිය තිරිහන් කරමින් පාස් පොර්ට් නිකුත් කළේය . යුද හමුදා මූලස්ථානය චීන හෝටලයකට සින්නක්කරව විකුන්නේය.  චීනාගෙන් ලද මුදල නව හමුදා සංකීර්ණය සෑදීමට තියා  කුලී ගෙවීමටත් මදි විය. හමුදාවට ගෙදරත් නැතිවිය, ඉඩමත් නැති විය, සල්ලිත් නැති විය. එජාප ආන්ඩුව අකුරේගොඩ මූලස්ථානය  හදා නොදුන්නේ නම් හමුදාව මහ පාරේය. අමමගෙ රෙද්ද තැබීමට මහජන මුදලින් සොහොනක් හැදුවේ අපේ කාලයේ මැද මුලන ගෝටාය

 චෝරනාගගේ අඩි පාරේ යන ගෝටාබය 

තමන්ට මොන තනතුරු තාන්න මාන්න හිමි වුවද සසර පුරුද්දට හොරකම් කළ, මිනී මැරූ , මං පැහැරූ දාමරිකයන්ගේ කතා අතීත රාජාවලියේද හමු වෙයි. මහාවංශයට අනුව ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා රජකළේ චෝරනාග නම් රජෙකි  . වලගම්බා රජුගේ පුත්‍රයෙකු වන මොහුගේ සැබෑ නම චෝරනාග නොව මහානාගය. කුඩා කල සිට සොරකම පුරුදු වූ ඔහු  රජ වූ පසු  මහා චෞරයෙකු විය. මොහුගේ නම ඇසූ පමණකින්ම රටවැසියන් හිස් ලූලූ අත දිවූහ. මුලින් මහානාග නමින් ආමන්ත්‍රණය කළ වැසියන් පසුව ‘චෝරනාග’ කීහ. මහාවංශයේ ඔහුගේ නම ලියවුනේද චෝරනාග ලෙසිනි. ගෝටාබයටද කොතරම්  තනතුරු තාන්න මාන්න හිමි වුවද ඔහු දාමරිකයෙකි, හොරෙකි .ගෝටාබය යන්නේ චෝරනාග ගිය අඩිපාරේය. මොවුන්ට ඉතිහාසයේ කුණු බක්කිය මිස  පැවැත්මක් නැත

By Keerthi Ratnayaka