ඥානක්කා සහ නාග ලෝක චෝර කථා සරණ ගිය ගෝටා ”පොත්තටත් නැති වහල්ලටත් නැති එකෙක්”

දැනට අවුරුදු දෙකක පමන සිට ගෝටාබය නිතර නිතර ඥානක්කාගේ දේවාලය වෙත යයි. ගෝටාබය පසුගියදා කිරිබත්ගොඩ ඥානානන්ද  භික්ෂුවගේ මහමෙවුනා අසපුවටද ගියේය. 2012 ලෝක විනාසය පැමිණෙන බව කීවේ මොහුය. ධර්මය විකෘති කරමින් අමුතු  ත්‍රිපිටකයක් ලියුවෙ මොහුය. මහා පරිමාන පළතුරු පූජා තබමින් මිත්‍යා මත වපුරන්නේ මොහුය. ලංකාවේ සිටින අංක එකේ  භාරත වන්දනා  මුදලාලි මොහුය. 2005 මැතිවරණයට පෙරදින ජාතික රූපවාහිණියට පැමිනි ප්‍රතිඵලය දිවසින් පෙනෙන බව කීවේ මොහුය . ධර්මධර විනයධර භික්ෂූන් ලංකාවේ කොතොකුත් සිටියද ගෝටා සරණ ගියේ මෙවැනි චරිතය

සම්බුද්ධ ශාසනය මහා වෘක්ෂයකි . සත් ධර්මය එහි මුදුන් මුලය. එය බැලූ බැල්මට කිසිවෙකුට නොපෙනේ. ගෝටාබය වැනි නමට බෞද්ධයන්   ලාභ අපේක්ෂාවෙන්  මෙකී වෘක්ෂයේ කොඩි වැල් , බල්බ් වැල් එල්ලයි. ඔවුන් කිසි දිනක් සද්ධර්මය නැමති මුල නොදකියි.  එපමනක් නොව සකල ලෝ දනන්ගේ නෙත් බලබ් වැල් කොඩිවැල් වෙත යොමු කොට ධර්මය නැමති මුල මරන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.  දැන හෝ නොදැන ගෝටාබය එම කුමන්ත්‍රණයේ සාමාජිකයෙකි . ඉඳ ඉඳ එක වෙහෙර – විඳ විඳ දහම් මනහර – සිඳ බිඳ දුක් සසර – අහෝ දෙව්දත් නොදිටි මොක්පුර. ලෙසින් කීවේ ගෝටා වැනි උන්ගේ කථාවය .

ශ්‍රමනයා ඔහොම නැවතියං!  මම නැවතිලා ඉන්නෙ අංගුලිමාල ඔබයි දුවන්නේ !

අනේ ස්වාමීනි මගේ දරුවට පන දෙන්න පුළුවන්ද ? ඔව් අනිවාර්යන්ම! ගිහින් අබ මිටක් ‍රැගන එන්න!

ස්වාමීනි මේ පාරෙන් කාන්තාවක් එහෙම ගියාද?  වග්ගිය කුමරුනි, නුබලා යන මග නොදන්නා නුබලා ,  ඇය ගිය මග සෙවීමෙහි ඵලය කිම ?

බුද්ධ ශාසනය යනු එවැනි ආශ්චර්යමත් ජවනිකා වලින් සමන්විත එකකි.එය අන්ධකාරය නොහොත් මිත්‍යා දෘෂ්ඨිය හරහා එල්ල කරන ආලෝක කදම්භයකි. එකී ආලෝකය දු‍ටු කිසිවෙක් ඥානක්කලා වැනි අසාර දේ පසු පස නොයයි. නාග ලොවින් එන චෝර කථා නොකියයි. ධර්මය විකෘති කරන චීවරධාරීන් සරණ නොයයි. තතාගතයන්ගේ දේශනාව අනුව නියම බෞද්ධයා ” දහසක් නයින් ප්‍රතිමන්ඩිතයෙකි ”. ඔහුට  ඕනෑම සංසිද්ධියක්  දහසක් න්‍යායන් ගෙන් විග්‍රහ කළ හැකිය. නිවරදි දෘෂ්ඨිය නිසා අසන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දිය හැක . කොල බැලීමට හෝ අයියා දෙස බැලීමට අවශ්‍ය නැත

තතාගතයන් කොස් ගෙඩියක් උපමාවට ගෙන බෞද්ධයා පිළිබදව දේශනාවක් කොට ඇත . කොස් ගෙඩිය මදුල වන්නේ අරිහතුන්ය. ධර්මය  ඇසුරු කරමින් මාර්ගය වඩන  උන් ඉරි වලින් කියවෙයි. මග වඩන උන්ට  උපස්ථාන කරමින් ධර්මය ඇසුරු කරන්නන්  පොත්ත  වෙයි. මග නොවඩන මුත් යටකී පිරිස  ආරක්ෂා කරන උන් වහල්ල ( නැට්ට) වෙයි. ගෝටා සෑම සතියකම පාහේ ඥානක්කාගේ දේවාලයට රිංගන්නේ බලවත් මිත්‍යා දෘෂ්ඨිය නිසාවෙනි . තතාගත දේශනාව අනුව ගෝටාබය වැනි මිත්‍යා දෘෂ්ඨිකයින් හදුන්වන්නේ වහල්ලටත් නැති පොත්තටත් නැති උන් ලෙසිනි .මෙවැනි උන් ජනාධිපති වෙන්න කියා බෝධි පූජා තබන්නේ නිගන්ටයන් මිස බෞද්ධයන් නොවේ

By Keerthi Ratnayaka