මයි ඩියර් සජ්ජා….. සමකාලීන ආදි රාජකීයෙකු ලියූ සටහනක්


ඩියර් සජ්ජා….. ඔබ රාජකීය විද්‍යාලයේ හයේ හතේ පංතිවල පංතියේ අන්තිමයා වෙමින් වුවත්, එමෙන්ම වෙනත් පාසලේ විෂය පරි බාහිර කටයුතු කිසිවකට එක් නොවී උනත්, දිනපතා පාසල් ආ ශිෂ්‍යයෙකු විය.

ඔබේ සමකාලීන පාසල් ශිෂ්‍යයන් මතක් කරන පරිදි, එවකට අගමැතිවූ ඔබේ පියා අරලිය ගහ මන්දිරයෙන් එවන ඒ සුපිරි දිවා ආහාරය ඔබට ආහාරයට ගැනීමට “ඇට්ටර රාජකීයන්” ඉඩ දුන්නෙ නැතිලු. ඉහල පංතියේ සිසුන් ඒ ආහර පාර්සලය පැහැරගන්නේලූ. පසුකාලීනව ඔබ විවේක කාලයේ පංතියෙන් එලියට එන්නේම ඔබේ දිවා අහාරය ජේෂ්ඨ සිසුන් වෙත දික් කිරීමෙන්මලු.

ඒ කාලයේ ජනාධිපති ජේ.ආර්. ය. ජේ. ආර්. ප්‍රේමදාස අගමැතිට අමතන්නෙ “අයිසෙ ප්‍රේමදාස” කියාය.

කුඩා පාසල් දරුවෙකු වූ ඔබට ඇට්ටර රාජකීයයන් “අයිසෙ ප්‍රේමදාස” යැයි කියූ විට “මං සජිත්” යැයි කනට ඇසෙන නොඇසෙන ගානට කියන්නේලු.

අද වැඩිහිටියෙකු වූ මම, ඔබට ඉහල පංතිවල සිසුන් කල මානසික හිරිහැර කිරීම, බිය ගැන්වීම, මානසික පීඩා කිරීම කිසිසේත්ම අනුමත නොකරමි. එය ඕස්ට්‍රේලියාව වගේ රටක වූවා නම් එය බරපතල දඩුවම් ලැබෙන වරදකි.

ඒත් මේ කතාව ඇසූ මට ඔබ බාල කාලයේ මානසිකව දැඩි පීඩනයකට ලක්වූවෙකු බවට හැගී ගියේය. ඒ අතින් ඔබ ගැන අනුකම්පාවකුත් ඇතිවිය.

කෙසේ හෝ අපේ දුරකතන සංවාදයේදී ඔබ මගෙන් ඇසුවෙ “මා ජනාධිපතිවරනයට ඉදිරිපත් වනවාට ඔබ ඔච්චර බය ඇයිද?” යනුයි.

මා එවිට ඔබට දුන් පිළිතුර වූයේ; “ගෝටාභයට ඉන්නා පහසුම ප්‍රතිවාදියා රනිල්, ඊගාවට ඔබ ලෙසයි.” ඒ අසා ඔබ මට කිංඩියට හිනා වූවා මතකය.

“කරු ජයසූරිය ආවා නම් උතුරු නැගෙනහිර චන්ද එහෙමම ලැබෙනු ඇත. ගම්පහ ගැප් එක අඩු වෙනව ඇත. කොළඹ කරූ දිනනවා ඇත.කරූ දැඩි සායි බාබා වාදියෙකු උවත් ජනතාව ඔහු සලකන්නේ සිංහල බෞද්ධයෙකු ලෙසයි. රනිල් සිරිකොත රෙපයාර් නොකර මැතිවරණ මෙහෙයුම එජාප මූලස්තානයේ සිට කරනු ඇත.

එවිට ඔහු උතුරු නැගෙනහිර ඇර අනෙක් පලාත් වලින් 40%ක ප්‍රතිශතයක් ගන්නවා ඇත. එසේ ගත්තා නම් ඔහු ජය ගන්නවාද ඇත.

“ඔයා මේ සැරේ නැතුව ඊගාව පාර ඉල්ලන්න” යැයි කීමත් සමඟම ඔබේ අන්තයෙන් මැසෙන්ජර් ඇමතුම විසන්දි විය.
=======
ඔබට බලයට ඒමට තිබුනේ පුදුම තදියමකි. මාර කඩි කුලප්පුවකි. අන්තිමේට උනේ දේශපාලන වශයෙන් නන්නත්තාර වීමය.

ඔබව ඔතෙනට තල්ලු කිරීමට කිලී මහරාජාත් සිරසත් අපමණ වෙහෙසක් ගත්තේය. අස්ප සුජීලා, ටොමීලා, බැලුම් හරීන්ලා, හර්ෂ සහ එරාන් පාදිලි උන්නාන්සේලා, ලිට්‍රො අමිල හිමිලාගෙන්ද නොමද සහයක් ලැබුනි.

ඒදණ්ඩේ යාම, කඹ ඇඳීම, නොදන්නා ක්‍රිකට් ගැසීම, පොල් අතු හෙවිලි කිරීම ආදී මරි වැඩ වලින් ජනතාව අතර ඔබ විහිලු කාරයෙකු විය.

වේදිකාවල කරන කතා ලියා දුන්නෙ කවුදැයි මා දන්නෙ නැත. රෑට ගෙවල් වලට එඹිකම් කිරීමේ සිට කිව් කතා නිසා කොල්ලන් බොරුවට හැදූ කතාත් ඔබ ඇත්තට කිවූ කතාත් මොනවාදැයි මිනිස්සුන්ට තේරුම් ගැනීමට නොහැකි විය.

ජනාධිපති අපේක්ෂයකු වූ පසු ඔබ හිටියේ කටුස්සාගෙ කරේ රත්තරන් බැන්දාක් මෙනි. ඔබේ සමීප ඥාතීන් හිටියේ අශ්වයින්ට අං ලැබුනාක් මෙනි. ජනතාවට ඔබව එපා වීමට එයත් හේතුවකි.

ජනතාවට එපා වූ දැඩි අන්තවාදී, නිරාගමික, ආගම්වාදී, දැඩි ගෝත්‍රික අදහස් ඇති ජනතාවට පිළිකුල් වූ පිරිසක් ඔබ ආක්‍රමනය කලේය.

ජනතා ද්‍රෝහී පනත් සියල්ලටම අත උස්සා අනුමත කල ඔබ, අවසානයේ ඔබේ නායකයාටත් එරෙහි වීම නිසා ජනතාවට ඔබ ගැන විශ්වාසයක් නැති විය.

ජනාධිපතිවරණ ප්‍රචාරක සමයේ ඔබේ ප්‍රතිවාදියා ආකර්ශනීය වැඩපිලිවෙලක් ඉදිරිපත් කරද්දි ඔබ අදුරේ අතපත ගාන්නට විය.

කෙසේ වෙතත් සජ්ජා ඔබට තිබුනු ඉවසීමක් නැති කඩි කුලල්පුව නිසා තවත් අවුරුදු පහකින් පමන ඔබව සොයා ඒමට තිබූ අපේක්ෂක කමට ඔබ පයින් ගැසුවේය.

සජිත්ගේ සමකාලීන ආදී රාජකීයෙක් – හිරන්ත හේරත්

One thought on “මයි ඩියර් සජ්ජා….. සමකාලීන ආදි රාජකීයෙකු ලියූ සටහනක්

  1. Hirantha , obagee kathaawa ma ithaa agaya karanawaa, manda eeka thamai , thiththa eththa. Niwasaka Gruuhamuulikage , methek kaalayak kanna diipu atha gasaa damalaa, hithuwakkaara vidihata niwasee balaya thama athata ganna uthsaha karapu ,ee asamadjaathi puthraya lebuna danduwamata maa kemathii..Oba kiwwa wageema , ohuta awashya wunee , heki ikmanin balaya ennatai,anawashya vidihata , oluwa udumma gena, veedikaawe mara-lathooni denna patan gaththaa , awasaanaye , passa bima enagena , newathunaa,Deviyan danduwam karanne ohoma thamai.Sajithta thibunee , Ranilge kiimata udin noyaa, iwasagena innai,2025 wena thek,ehema wunaa nam , ada UNP aanduwak apita lebenawaa,ewageema , Ranil …Sajithwa suudaanam karanawa,2025 di Janapathi apeekshaka dhuurayata..Dan ithi palak nehaa, Sajith illan keewa..

Comments are closed.