ඇල්වතුරත් නිවා බොන මළ පෙරේතයා 2025 වෙනුවෙන් ඉල්ලන දොල පිදේනිය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය අද ඊයේ ඇති වූවක් නොවේ.සජිත් කිලී හා එක්ව එජාපය නැත්තටම නැති කළේය .දැන් ඇල් වතුරත් නිවා බොන චම්පික නැමති උපාසකයා සජියාගේ කපටි ආරක්ෂකයා වී ඇත . 2025 ජනපති අපේක්ෂකත්වයේ සිටින චම්පික සිය සුපුරුදු යටිබිම්ගත දේශපාලනයට පිවිස ඇත. ඒ අන් කිසිවකට නොව එජාපය හයි ජැක් කිරීමටය .

චම්පිකගේ ජාතික මග – පන්නරය- සහ දැවන්ත කටවුට්

හක් ගෙඩියෙන් තරග කලහොත් චන්ද 5000 නැති චම්පික කෝටි ගනනින් මුදල් විසි කරමින්  සිය ප්‍රතිරූපය නංවා ගැනීමටවෙහෙසෙන්නේ මන්ද ?චම්පික ගොටාගේ වියත් මගට තරගයක් දීමට ජාතික මග”  ආරම්භ කළේය.තමා පුම්බා ගැනීමට පන්නරය” නමින් තවත් ව්‍යාපෘතියක් ආරම්භ කලේය. මෙගා මයින්ඩ් ප්‍රෝඩාවද චම්පිකගේ වැඩකි .මේ සියලු ව්‍යාපෘතින්ට වැය කළේ මහජන මුදල්ය .මහජන මුදල් කාබාසිනියා කරමින් ඡන්ද 5000 නැති උපාසකයා ඉව අල්ලන්නේ රටේ ජනපති වීමටය

නම්බු නාම ඉල්ලා මහනාහිමි වරුන්ට ලියුම් යැවීම

මෑතකදී මල්වතු මහා විහාරය මඟින් සජිත්ට සහ කරූට නම්බු නාම දුන්නේය . මල්වතු විහාරයෙන් සජිත්ට නම්බු නාමයක් දීම චම්පිකට එල්ල කල අතුල් පහරක් විය .   නිදන් හොරුන්ට  ගරු නම්බු” කියා හීන් නූලෙන්  මඩ ගැසීම ආරම්භ කලේ චම්පිකය. එපමනක් නොව එදා සිට අද දක්වා ශාසනයට කල සේවාව සලකා තමාටටද ගරු නම්බු නාමයක් ලැබිය යුතු යයි චම්පික මහනායක හිමිවරුන්ට ලියුම් ලීවේය .

වැඩ බැරි ටාසන්

චම්පික මොර‍ටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අවු 20 කට ආසන්න කාලයක් ප්‍රභල ඇමති ධූර දරමින් පාර්ලීමේන්තුවේ සිටියි. අවු 20ක් ඇමති ධූර දැරූ චම්පිකට තම දැනුමෙන් රටට කලා යයි පෙන්වීමට කිසිවක් නැත. කල වැඩක් නොමැති වුවද චම්පික කථා පවත්වන්නේ  නැනෝ තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය, කෘතීම බුද්ධිය වැනි පට්ට මාතෘකා ගැනය. න්‍යාය ටොන් එකකට වඩා ප්‍රයෝගික අවුන්සය අගනා බව ලෙනින් කීවේ නිකම් නොවෙ, චම්පික වැනි ගොබිලයන් රටට බරකි

ජවිපෙ දේශපාලනය සහ මහා පාවා දීම

චම්පික සිය දේශපාලන  අකුරු කියවූයේ ජ.වි.පෙනි. චම්පික භීෂණ සමයේ හමුදා අත් අඩංගුවට පත් විය. එකල ප්‍රා ප්‍රධාන වධකාගාරය වූයේ කොළඹ සරසවියේ නීති පීඨය තුලය. චම්පික රනවක ගාල් කලේද මෙහිය. රාජිත මෙම කදවුරේ ප්‍රා ප්‍රධානියෙකු විය. චම්පික ජවිපෙ ගැන  දන්නා සියළු තොරතුරු රාජිත ඉදිරියේ වමෑරූ බව ප්‍රසිද්ධ රහසකි. එතැන් පටන් මොවුන් දෙදෙනා කෙතරම් සමීප වීදයත් රාජිතගේ දරුවන්ට ගෙදරටම පැමින ගණිතය ඉගැන් වූයේ චම්පිකය

ශාරුක් ඛාන් ගේ සංගීත සංදර්ශනයට බෝම්බ ගැසීම

චම්පික සෝම හිමිගේ මිනිය විකුනන් කෑවේය . 2004 වසරේ ශාරුක් ඛාන් සංගීත සංදර්ශනයකට පැමිනි විට බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එවැනි ප්‍රහාරයක් සදහා ‘අයිඩියොලොජිය’ වැපුරුවේ  චම්පිකය. ප්‍රහාරය එල්ල කලේ චම්පිකගේ ගෝලයෙකි.චම්පික සිංහළ බෞද්ධ ව්‍යාපාරයට තලේබන් මුහුනුවරක් දීමට වෑයම් කළේය

ප්‍රදීප් එක්නැලිගොඩ චම්පික ගැන ලියු කථාව

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ප්‍රගීත් එක්නැලිගොඩ ලියූ පාඨලී චම්පික රණවක නම් දේෂප්රේමියා සහ නිර්මලා ගැන කථාව ප්‍රසිද්ධ එකකි . එම කථාව ලියවුනේ චම්පික ගැනය .  චම්පිකගේ   අස්වාභාවික චර්යාවන් පිලිබද කථාවකි . ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් වීමට මෙයද යම් බලපෑමක් කළේය. අස්වාභාවික හැසිරීම් නිසා බිරිද ඔහුගෙන් වෙන් විය. එපමනක් නොව අස්වාභාවික චම්පික බිරිදට වන්දි ගෙවීම පැහැර හැරියේය

චම්පිකගේ ගල් අගුරු මගඩිය

චම්පිකට එරෙහිව දූෂණ චෝදනා ගනනාවකි .රට හෙල්ලූ ගල් අගුරු මගඩිය එවැන්නකි. එමගින් හිමිවූ ශූද්ධ ලාභය  මිලියන 1803 කි.  ඒකී පුවත ‘මව්බිම’ පුවත්පතේ සිරස්තලය යටතේ වාර්තා කළේය. එම  පුවත හා උරණ වූ චම්පික මාධ්‍ය සංදර්ශන තබමින් ” මව්බිම” පුවත්පතර එරෙහිව නඩු පැවරුවේය. පුවත්පතට නඩු දැමුවේ කෝටි 150ක් වන්දි ඉල්ලමිනි. නමුත් නඩු විභාගය ආරම්භ වී චම්පිකගේ රෙදි ගැලවෙන විට හීන් සිරුවේ චම්පික විසින්ම නඩුව ඉල්ලා අස් කර ගත්තේය.

හර්ෂතිලකසිරි චම්පිකට එරෙහිව ඉදිරිපත් කල දිවුරුම් පෙත්සම

හර්ෂ තිලකසිරි වෝටර්ස් එජ් හෝටලයේ විධායක සුපවේදියෙක් විය . ඔහු චම්පිකගේ සම්බන්ධීකරණ නිලධාරියෙකුද විය . මොහු චම්පිකට එරෙහිව දිවුරුම් ප්‍රකාෂයක් ඉදිරිපත් කරමින් කෙස් කෙලින් කරන චෝදනාවක් කළේය. චම්පික ඔහුගේ පෙම්වතියට බලහත්කාරකම් කළ බව කීවේය. චම්පික විසින් ඔහුව පැහැරගෙන ගොස් හිරිහැර කල බව කීවේය . මොර‍ටුව කැම්පස් එකේ සිටියදී බැල්මට් දමමින් දවසේ අදායම සොයා ගන්නා බවට චම්පිකට එරෙහිව ප්‍රභල චෝදනාවක් විය.කරුනු එසේ හෙයින් තිලකසිරිගේ ප්‍රකාශය බොරු විය නොහැක

හෝමාගමසංදීපසම්පත් රිය අනතුර

2016 පෙබරවාරි 28 දා රාත‍්‍රියේ රාජගිරියේදී චම්පිකට අයත් ජීප් රියේ ගැටී හෝමාගම සංදීප සම්පත් තරුණයා අනතුරකට පත් විය. උසාවියට චම්පිකගේ රියදුරෙකු ඉදිරිපත් වුවද බොහෝ දෙනෙකු කීවේ එම ජීප් රථය පැදවූයේ චම්පික බවය. සංදීප දැන් සදාකාලික රෝගියෙකි. සංදීපට අත්වූ ඉරණම ගැන කල කිරුනු මෛත‍්‍රිපාල සිරිසේන රුපියල් ලක්‍ෂ දහයක් ලබා දුන්නේය. නමුත් චම්පික සිය වාහනයට  යට යටවූ  සංදීප් බැලීමට කිසිදා නොගියේය.නමුත් නදීෂා හේමමාලී බැලීමට නිතර ගියේය


විද්‍යා අමරපාලට එල්ල වූ පැනමා පේපස් චෝදනාව

විද්‍යා අමරපාල විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකි. වසර 20කට වැඩි කාලයක් තිස්සේ චම්පිකගේ සමීප මිතුරෙකි. අමාත්‍යංශයේ උපදේශකයෙකි . චම්පිකට යාන වාහන සැපයීම ඇතුළු විවිධ උපකාර කරන ලැයිස්තුවේ ඉහලින්ම සිටියේ මොහුය. මොහු  මුදල් ආයෝජනය හා සම්බන්ධ වූ කුප්‍රකට Sovereign Capital Corporation නම් සිංගප්පුරු සමාගමේ අධ්‍යක්ෂකයෙකුද විය. ලෝකය පුරා විවිධ පුද්ගලයන්  සැගවූ කළු මුදල් පැනමා පත්‍රිකා වලින් හෙලිදරව් විය. එම ලැයිස්තුවේ  විද්‍යා අමරපාලගේ නමද විය.

කෙරවලපිටියේ වංචාව

කෙරවලපිටිය විදුලිබලාගාර ටෙන්ඩරය ලබා දීමේදීද චම්පික බරපතල වංචාවක් සිදු කල බවට චෝදනාවක් එල්ලවිය. එපමනක් නොව ලක්දනවි සමාගමට අනුබද්ධ ආයතනයක් වන LTL සමාගම චම්පිකගේ නිවස සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීම පිලිබදවද  චෝදනාවක්ද ඉදිරිපත් විය.ඇල්වතුරත් නිවා බොන උපාසකයා සිය නිවස අළුත් වැඩියා කරගත්තේ දූෂිත ආකාරයෙනි

බුදුන්ගේ ධර්මයටත් ධර්මයටත් කොපි රයිට් ක්ලේම් කල උපාසකයා

චම්පික පෙනී සිටින්නේ සාසනයේ චිරස්ථිතිය සහ ධර්ම ප්‍රචාරය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන අයෙකු ලෙසිනි. හදපාන්ගොඩ නිවාතාප හිමි අපේ කාලයේ බිහි වූ  යතිවරයෙකි. උන්වහන්සේ සිය නම සහ ඡායාරූප  ප්‍රසිද්ධ කරනවාට විරුද්ධ අයෙකි. චම්පික මහා නගර සංවර්ධන අමාතංශයේ බනට  නිවාතාප හිමිට ආරාධනය කළේය. චම්පික නිවාතාප හිමිගේ විරෝධය මැද ධර්මදේශනාව පටිගත කොට සිය මුහුනු පොතට දැමුවේය.  ධර්මයට ලැදි බොහෝ දෙකෙන් චම්පිකගේ  වීඩියෝව ඩවුන් ලෝඩ් කොට යූ ටියුබ් අප්ලෝඩ් කළෝය. නමුත් චම්පික ඊට උරණ විය. ඔහු කොපි රයිට් ක්ලේම් කලේය.

ජාතික ව්‍යාපාරය – චම්පික සහ ගෝටා

මුස්ලිම් අන්තවාදය සහ බෞද්ධ අන්තවාදය යනු එකම කාසියේ දෙපැත්තය . බෞද්ධ අන්තවාදය අවුළුවමින්  මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දුන් අය අතර චම්පික ප්‍රධාන චරිතයකි. ‘ජිහාඩ් අල්කයිඩා’ පොත ලියුවේ චම්පිකය.චම්පික මෙම පොත ලීවේ ජාතික ව්‍යාපාරය තමන් සතු කරගැනීමටය . නමුත් ගෝටා ජාතික ව්‍යාපාරය හයි ජැක් කළේය .ගෝටා ශූක්ෂමව බොදුබල සේනා නම් කෝච්චිය චම්පික ලියූ පොත් පින්චේ පීලී මත ධාවනය කළේය . එකී ගමන ඔහු අවසන් කළේ ජනපති වීමෙනි .

එක්සත් ජාතික පක්ෂය ‘හයිජැක්’ කිරීම

චම්පික දැන් තටමන්නේ එ.ජා.ප හයිජැක් කිරීමටය.තව දින කිහිපයකින් සජියාගේ ‘චැප්ටර්’ එක ඉවරෙටම ඉවරය . සජියා ලග සිටින උන්ට තව ටික දොහකින් උන්හිටි තැන් අහිමි වන්නේය. ගෝටා මැතිවරණ ජය වාර්තා කලේ ජනපති වී පමනක් නොව ජාතික ව්‍යාපාරය වසර ගනනාවකට තම නමට ලියා ගැනිමිනි.පසුගිය මැතිවරනයෙදී චම්පිකගේ ආසනය අන්ත පරාජයට ලක්විය . දැන් චම්පික යනු දේශපාලන අනාථයෙකි. ඊලග පාර්ලීමේනතු මැතිවරණයේදී බඩු බනිස් වන බව දන්නා චම්පික එජාපය කොල්ල කෑමට කුමන්ත්‍රණ දියත් කරමින් සිටියි

සිරිසේනට ඡන්දය දී ඉගෙන ගත් පාඩම

සිරිසේන වැනි පුද්ගලයෙකු රටේ ජනපති ලෙස පත්කර ගැනීම හරහා සිදුවූ විනාශය අති මහත්ය. යලි එවැන්නක් සිදු විය යුතු නැත. එජාපය වැනි සියළු ජාතින් එකමුතු කරන පක්ෂයක් චම්පික වැනි පුද්ගලයෙකු අතට පත් වීම භයානකය .ඇල්වතුරත් නිවා බොන මළ පෙරේතයා 2025 වෙනුවෙන් ඉල්ලන දොල පිදේනිය කුමක්ද කියා දැන් පැහැදිලිය . චම්පිකගේ ඉතිහාසය පිලිබදව මේ සටහන තැබුවේ එහෙයිනි.

දර්ශනවාදියෙකු මෙසේ ලියා ඇත ”ඉතිහාසය පිලිබදව නොදන්නේ නම්  ලේ උරාබොන දේශපාලකයන්ගේ සහ දඩයම් පිහි  සපයන නය්‍යායාචාර්යවරුන්ගේ   නියත ගොදුර බවට ඔබ පත්වෙනු ඇත’’