වැඩ කරන අපේ විරුවාගේ සති 3ක කෙරුවාව

ජනපති ගෝටා ගැන ලිවීම ආරම්භ කරන්නේ පරණ කථාවකිනි. කලකට ඉහත මෙසිරි ලංකාවේ මහ මුදලිතුමෙකු විය. ඔහු සතුව පොල් වත්තක් විය පොල් මුරයට ගමේ ගෑනුන්ගෙන් බේරුමක් නැත . වත්තේ කම්කරුවන්ගෙන් ඔවුන්ට පොල් ගෙඩියක් දෙකක්  නොමිලේ ලැබුණි. දිනක් පොල් හුටපටය මුදලි තුමාට සැල විය. මුදලි තුමා එය වැලැක්විය හැකි  උපායක් සිතුවේය . ඔහු  පසුවදාම  පොල් වත්තට ගියේය. ” අද උඹලා පොල් අහුලන්ඩ එපා, අද මමයි පොල් අහුලන්නේ” මුදලිතුමා කීවේය. ඉන් නොනැවතුනු මුදලිතුමා සරම ගලවා දමා පොල් ඇහිදීම ආරම්භ කළේය. පුරුද්දට පොල් ඉල්ලීමට පැමිනි ගෑනු මුදලිගේ හෙලුව දැක හිස් ලූ ලූ අත දිවූහ. ලජ්ජා නැතිකම මහ මුදලි කමටත් වඩා ලොකුයි කියා  කීවේ ඔය කථාවටය. චිරාත් කාලයක් වහරේ ආ කථාව ගෝටා මොඩිෆයි කළේය.

ලැජ්ජා නැතිකම ජනාධිපතිකමටත් වඩා ලොකුය

ගෝටාගේ දිවුරුමේ තීන්ත වේලීමටත් ප්‍රථම හෙන්චන් යොදවා ස්විස් තානපති නිලධාරිනියකගෙන් ප්‍රශ්න කල පුවතක් වාර්තා විය . මහින්ද මෙම සිදුවීම ගොඩින් බේරීමට  උත්සාහ කලද ඉදුරුවේ ආචාරියා මෙන් හැසුරුණු ගෝටා හත් පොලේ ගෑවේය. මෙය 2007 වසරේ සිදුවීමක කාබන් කොපියකි. ගෝටාගේ මිග් හොරකම ගැන මුලින්ම ලියුවේ ඉක්බාල් අතාස්ය. ඊට උරණ වූ ගෝටා අතාස්ගේ ආරක්ෂාව ඉවත් කළේය, ඉන් පසු ඔහුගේ නිවස ඉදිරියේ උද්ඝෝෂණ කළේය.අවසානයේ අතාස් ඉවත් කිරීමේ මෙහෙයුම ලියුම්කරුට බාර විය.  ගෝටා එදා කීවේ, ‘ඕකගේ කටට වෙඩි තැබිය යුතු බවය. ලියුම්කරු අවශ්‍ය වැඩ කොටස කළේ සන්ඩේ ටයිම්ස් කාර්යාලයට මහ දවල් ඇතුළු වෙමිනි. සිදුවීමෙන් විනාඩි කිහිපයක් යත්ම පාර්ලීමේන්තුව සහ විදෙස් තානාපති කාර්යාල උණුසුම් විය. නමුත් මහින්ද වැඩේ ගොඩින් බේරුවේය. ලංකාදීප කතෘ සිරි රනසිංහට කථා කල මහින්ද අදාල සී.සී.ටී.වී දර්ශන  මකා දැමුවේය. අද ගෝටාට ජනපති උෂ්ණය වැදී ඇති නිසා ඔහුට උපකාර කිරීම මහින්දට පවා දුෂ්කරය.

සුරේෂ් සැලේ සැරසෙන්නේ සහරාන්ගේ දෙවන ඉණිම ක්‍රීඩා කිරීමටද?

පසුගියදා ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ලෙස කුප්‍රකට සුරේෂ් සැලේ පත්විය. එය ගෝටාගේ  සෘජු මැදිහත්වීමෙන්  සිදු කළ පත්වීමකි. සුරේෂ් සැලේ යනු මරාගෙන මැරුනු සහරාන් , බොබසේ සහ ශිව සේනා වැනි අන්තවාදීන් නිර්මානය කල පුද්ගලයාය. පාස්කු ප්‍රහාරය  ඉන්දියාවේ සහ ලංකාවේ  පැවැත්වූ  මැතිවරණවල තීරණාතමක සාධකය විය. පාස්කු ප්‍රහාරය එල්ල වූයේ ඉන්දීයාවේ ඡන්ද විමසීම පැවැත්වෙන අතර තුරය. මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කතිකාව වූයේද එයයි  . සුබ්‍රමානියන් ස්වාමි සහ රාජපක්ෂ ප්‍රමුඛ තක්කඩි ‍රැල දැන් සැරසෙන්නේ  ඉස්ලාම් ත්‍රස්තවාදයට මුවාවී සහරාන්ගේ දෙවන ඉණිම ක්‍රීඩා කිරීමටය. සුරේෂ් සලේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත්කිරීමත් සමගම කෙස් කෙලින් කරන සිදුවීමක් වරායෙන් වාර්තා විය. දෙසැ 6 සිට රට තුලට එන කන්ටේනර් ස්කෑන් කිරීමට යොදවා තිබූ ස්කෑනින් යන්ත්‍රය අක්‍රීය කළේය.

කොලඹ වරායේ කන්ටේනර් ස්කෑනරය අක්‍රීය කිරීම

ස්කෑනරය අක්‍රීය නිසා ජොනීට ලංසාට නාමල්ට,   කුඩු- එතනෝල්-සිගරට්   කන්ටේනර් පිටින් ගෙන්විය හැක. නමුත් මෙහි භයානකම කොටස එය නොවේ. ප්‍රොක්සියක් යොදවා ඉස්ලාම් ත්‍රස්ත ව්‍යාපෘතියට  අවි ගෙන්වීම සිදුවිය හැක. පාස්කු බෝම්බයට පුපුරණ ද්‍රව්‍ය එවූයේ ඉන්දියාව බව අමතක නොකල යුතුය . පසුගියදා ඉන්දියාවට ගිය ගෝටාබයට ඩො.මි 450 මුදලක් ලැබුනේය. ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය කීවේ එම මුදල ණයක් නොව ප්‍රධානයක් වන බවය.  එපමනක් නොව  බොහෝ විට එය පාස්කු ප්‍රහාරයේ ගාස්තුව විය හැකි බව ඔවුන් කීවේය. සුරේෂ් සැලේ ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස පත්වීමට පෙර එනම් පසුගිය මාස 8 පමන කාලය ගත කළේ ඉන්දියාවේය. මෝදිගේ බීජේපීයට  සහ රාජපක්ෂ රෙජීමයට මුස්ලිම් බිල්ලා ගෙන් තොර පැවැත්මක් නොමැත. නිසැකවම  ගෝඨා සහ ස්වාමි 2025 ඉලක්ක කොට  තවත් බිහිසුනු ජවනිකාවක් පෙන්වීමට සූදානම් වෙමින් සිටියි.

වෙලේ සුදා, කන්ජි පානි, සිද්දීක් ගෝටාබයට කප්පම් ගෙවන හැටි

ජනපතිවරණය ආසන්න වෙත්ම වෙලේ සුදා, සියාම්, පොට්ට නවුෆර්, කන්ජිපානි ඉම්රාන් ඇතුලු කුඩු ව්‍යාපාරිකයන් 7දෙනෙකු බූස්ස වෙත මාරු කල බවත් ගෝඨාගේ මැතිවරණ ව්‍යාපාරයට ඔවුන්ගෙන් මුදල් ලබා ගත් බව  මීට පෙර අප කීවෙමු. මෙම මුදල මොවුන්ගෙන් ලබා ගෙන ඇත්තේ බුස්ස කදවුරේ බන්ධනාගාර අධිකාරි  කරුණාතිලක විසිනි. මොහු ගෝටාගේ මැතිවරණ මෙහෙයුමට කියා රු කෝටි 7ක මුදලක් ලබා ගෙන ඇත . එස්.පී කරුනාතිලක  වෙනුවෙන් අදාල මුදල ලබාගෙන ඇත්තේ ජෙලර් කෙනෙකු වන මංගල නැමැත්තාය. එපමනක් නොව ගෝටාගේ ෆන්ඩ් එකට කියා එකෙකුගෙන් 5 බැගින් ලක්ෂ 35ක මුදලක් මාස් පතා ලබා ගනියි. ගෝටාගේ මැතිවරණ මෙහෙයුමට කියමින් සියාම්ගේ මුදල් යොදවා  6161 දරණ ලෑන්ඩ් කෲෂර්  රථය මිලදී ගත්තේද මොහුය. අවැසි අයෙක් වෙත්නම්  සී.සී.ටී.වී නරඹා මේවායේ  සත්‍යතාව පරීක්ෂා කල හැක .වැඩ කරන අපේ විරුවා ගැන  තවත් තොරතුරු ඉදිරියේදී බලා පොරොත්තු වන්න

Keerthi ratnayaka