රතු මුහුදේ සිහින නගරය

රතු මුහුද තරණය කරමින් පොරොන්දු දේශය කරා මෝසස් මෙහෙයවූ ක්‍රියාන්විතය අප කියවා ඇත. මෙම ක්‍රියාදාමය ඉතිහාසය උඩු යටිකුරු කල කල බව නොරහසකි. යුදෙවන්ගේ රතු මුහුදු තරනයට හේතු වූයේ පාරාවුන්ගේ වහල් භාවයෙන් මිදී පලා යාමය. එයින් වසර 3000 ක් ගතවෙත්ම යුදෙවන් යලිත් වරක් රතුමුහුද තරණයට සැරසී ඇත. මෙදා ඔවුන් රතුමුහුද තරණය කරනුයේ පොරොන්දු දේශයේ පොරොන්දුව ප්‍රකාරව ඔවුන්ගේ භූමියට තවත් කොටසක් ඈදා ගැනීම වෙනුවෙනි

ඉතිහාස කථාවට අනුව අවුරුදු ගණනාවක් ඊජිප්තුවේ ජීවත් වූ ඊස්ශ්රායෙලියන් බොහෝ ධන සම්පත් රැස් කරගත්හ. ඔවුන් දෙවියන් අමතක නොකල බවත් දෙවියන්ද ඔවුන් අමතක නොකල බව කියවෙයි . ඔවුන්ගේ බල පරාක්‍රමය දිනෙන් දින වැඩිවිය .මේ අතර ක්‍රි:පූ: 1301-1235 අතර කාලයේ මිසරයේ පාලකයා වශයෙන් දෙවන රමිසස් පත්විය මෙම රජ පෙළපත බයිබලයේ “පාරාවෝ” යනුවෙන් හදුන්වන අතර අල්කුර්ආනයේ “ෆිර්අව්න්” ලෙස හදුන්වයි.

පාරාවෝ රජවරු යුදෙව්වන්ගේ හැකියාව සහ දක්ෂතාවය පිලිබදව තැති ගත්තෝය. ඔවුන්ගේ ධන ධාන්ය රාජසන්තක කොට වහල් භාවයට පමුනුවා ලීය. ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන සෑම පිරිමි දරුවෙකුවම නයිල් ගඟේ ගිල්ලවා මරා දමන ලෙස ලෙස අණ කලේය.

මේ අතර එක් යුදෙව් මවක් තම පුතාව කූඩයක දමා නයිල් ගගේ පා කර හැරියේය. ගගේ පාවූ දරුවා ඇස ගැ‍ටුනේ පාරාවෝ රජ දියනියකටය. ඇය දරුවා හදා වඩා ගත්තාය. ඔහුට මෝසෙස් යන නම තැබූවේය. මෝසස්  රජ පවුලේම කෙනෙකු ලෙස හැදී වැඩුනි. මෝසස් වයසින් මුහුකුරා යත්ම ඊජිප්තු රාජ පුරුශයෙකු අතින් පීඩා විඳිමින් සිටි යුදෙව්වෙකු බේරාගැනීමට ගොස් කරදරයක වැටුනි. ඒ සිදුවීම නිසා ඔහු ඊජිප්තුවෙන් පලා යන ඔහු ඈත දේශයක ජීවත් විය. අවුරුදු ගණනාවක් ගෙවී ගිය පසු යෙහෝවා දෙවි මෝසෙස්ව නැවත ඊජිප්තුවට යැවීය. ඒ ඊශ්‍රායෙල්වරුන්ව වහල් බාවයෙන් නිදහස් කර ගැනීම උදෙසාය.

මෝසස්, පාරාවෝ රජ හමුවී ඊශ්‍රායෙලි වහලුන් නිදහස් කරන ලෙසට ඉල්ලුවේය. නමුත් පාරාවෝ මෝසෙස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කලහ. එම නොසලකා හැරීම දෙවියන්ගේ උදහසට හේතු විය . පාරාවෝ වසංගත ඇතුලු භයංකර විපත් 10 කට ලක්වූ බව කියවෙයි. දහවෙනි විපතින් රජුගේ කුලුඳුල් පුත්‍රයාද මිය ගියේය. මෙම සිදුවීම ඊජිප්තු රජුන් භීතියට පත් කිරීමට හේතු විය . අනතුරුව මෝසෙස් ඇතුලු යුදෙව්වන්ට  ඊජිප්තුවෙන් පිටව යාමට අවසර ලැබුනි.  ටික වෙලාවකින් රජුගේ තීරනය වෙනස් විය . යුදෙව්වන්ට  නිරුපද්‍රිතව යන්න හැරීම මෝඩකමක් කියා සිතූ රජ, තමාගේ හමුදාව සමඟ ඔවුන් පසුපස ලුහු බැන්දෝය. අවසානයේ  මෝසස් ඇතුලු යුදෙව් පිරිවර  එක් පැත්තකින් රතු මුහුදත් අනික් පැත්තෙන් ඊජිප්තු සේනාවත් අතර කොටු වූහ. නමුත් දේව මහිමයෙන් රතු මුහුද දෙබෑ කර යුදෙව්වන්  එතෙර වූහ..

.

මොසස්ගේ රතු මුහුදු තරනය හුදු බයිබල් කථාවක්  නොව ඒ හා බැදුනු සාක්ෂි ඇත්තේය. සිය සේනාව සමග මුහුදට බිලිවූ පාරාවෝ සේනාවේ ආම්පන්න මුහුදු පත්ලෙන් සොයාගෙන ඇත.එතෙර වූ ඊශ්‍රායෙලියන් පොරොන්දුදේශයට ඇතුල්වන තෙක් වාසය කලේ සීනායි කන්ද ආශ්‍රිතවය. සීනායි කන්ද අද සෞදිඅරාබියට අයත් භූමියකි. බයිබලයේ කියවෙන පරිදි දේව මහිමයෙන් පර්වතයක් දෙබෑ වී ජලය මතුවූ ස්ථානය, පාම් ගස් , ලිං සමූහය , දේව මහිමයෙන් නිමවූ මාලිගා ඇතුලු සංධිස්ථාන ගනනාවක් සීනායි කන්ද ආශ්‍රිතව වෙයි.

රතු මුහුද තරනය කල ස්ථානය සිහිවීමට සොලමන් රජු ස්ථම්භ දෙකක් පිහි‍ටුවූ බව ඉතිහාසයේ කියවෙයි. මොවුන් ගොඩබසින ලද භූමිය අද අයත් වන්නේ සෞදි අරාබියටය. සෞදි භූමියේ පිහි‍ටුවන ලද ස්ථම්භය ගලවා දමා තිබුනද ඊජිප්තු භූමියේ පිහිටි ස්ථමභය සුරක්ෂිතව ඇත.සෞදි අරාබි රජය විසින් අද මෙම ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙසට නම් කොට ඇතුල් වීම තහනම් කොට ඇත. මෙම භූමිය පිහිටා ඇත්තේ තබුක් නගරයට දකුනෙනි (වැඩි විස්තර සදහා යූ ටියුබ් හරහා මෙම වීසියෝව නරබන්න Forbbiden Pictures Revealed Saudi Arabia Mt. Sinai)

සෞදි අරාබිය විසින් නියොම් නම් වූ සිහින පුරවරයක් ඉදිකිරීම ආරම්භ කලේ පසුගිය නොවැම්බර් මාසයෙදිය. මෙය එදා මෙදා තුර ඉතිහාසයේ වැඩිම ආයෝජනයක් සහිත ව්‍යපෘතිය ලෙසින් ඉතිහාසගත වෙයි . මෙහි දැකිය හැකි අතිවිශේෂ කරුනු දෙකකි, එකක් නම් එදා මෝසස් රතු මුහුද තරණය ස්ථානයේ ඊජිප්තුව සහ සෞදි අරාබිය යා කරමින් පාලමක් ඉදි වීමය, අනෙක නම් මෝසස්ගේ නැවතුම්පොල වූ සීනායි කන්ද අශ්‍රිතව වර්ග කි.මී 26500 ප්‍රදේශයක පුරවරයක් ඉදි වීමය. එම පුරවරයේ බලපවත්වන්නේ ශරියා නීතිය නොවේ .  එය අධිතාක්ෂණික සංචාරක පුරවරයකි .. මෙකී කරුනු කිසිවෙකුට රහසක් නොවේ , ඒවා පුවත්පත්වල සහ අන්තර්ජාලයේ සිරස්තල ලෙසින් විකාශනය වුන හෙයින් ඕනෑම අයෙකුට කියවා බැලිය හැක.

නියොම් පුරවරය පිලිබද අප දන්නා කරුනු එසේ වුවද කෙස් කෙලින් කරවන කරුනු 5ක් ජනතාවගෙන් සගවා ඇත

1. නියොම් ව්පෘයිතියේ ප්රධාන විධායක නිලධාරී කාලොස් ක්ලෙන්ෆිල්ඩ් Dr. Klaus Kleinfeld- ප්රධාන ආයෝජක දුරන්ධර ස්ටෙෆන්. එ ස්වොර්මන් Stephen A.Schwarzman සහ රොබෝ තාක්ෂන ප්රධානී මාර්ක් රිබර්ට් Marc Raibert යුදෙව් ජාතිකයන්ය.

2. පුරවරයේ ඉදිකරන නිෂ්චල දේපල වල සින්නක්කර අයිතිය ආයෝජකයන් සතුවෙයි.

3. නියොම් දේශයේ නෛතික ආර්ථික දේශපාලන සහ අරක්ෂක විධිවිධාන මෙහෙයවනුයේ ආයෝජකයන්ට බහුතර බලයක් හිමි මණ්ඩලයකිනි.

4. නියොම් ව්‍යාපෘතිය ජොර්දානයේ ඇකබා, ඊජිප්තුවේ තාබා සහ ඊශ්‍රායෙලයේ එයිලට් වරාය නගර හා එකට සම්බන්ද වූවකි.

5. යම් හෙයකින් ව්‍යපෘතිය නැවතුනහොත් මෙහි පාර්ශවකරුවන් වන යුදෙව්වන්ට ඩොලර් බිලියන ගනනක වන්දියක් ගෙවිය යුතු වෙයි.

ලෝකයේ දේශපාලන සහ ආර්ථික බල කේන්ද්රය පාලනය කරන ගුප්ත පැලන්තියක් ඇත්තේය.ලෝකය පාලනය කරන්නේ ඔවුන්ය. ට්‍රම්ප්ලා තෙරේසලා කලින් කලට එන මුහුණු පමනි. ලෝකයේ දිශානතිය තීරණය කරන්නේ ට්‍රම්ප්ලා නොව ඉහත කී පැලැන්තිය විසිනි. රතු මුහුදේ සිහින නගරය නොහොත් නියෝම් පුරවරය මෙකි පැලැන්තියේ මෙහෙයුමකි.  නියොම් මෙහෙයුමෙ ප්‍රධානීන් මහ මොළකරුවන්  ආයෝජකයන් යටකී පැලැන්තියේ  රූකඩය . එදා බ්‍රිතාන්‍යයන් අල්ලේ නටවමින් ඊශ්‍රායෙලය බිහිකලේ යම්සේද ඔහු නියොම් දිගුව මෙහෙයවනු ලබයි

අන්තර්ජාලය ඇසුරින් – තුෂාරා වන්නිආරච්චි