ජලනි සජිත්ගේ මැතිවරණ කලෙක්ෂන් එකට විද්ද හැටි

සජිත් ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කලේ අපේක්ෂකයෙකු ලෙස නොව 7වන විධායක ජනාධිපති ලෙසිනි. අජිත් පී ඇතුළු සිගිති ආතල් ගෝලයන්ද ඊට නොදෙවෙනි විය. ඔවුන් අමාත්‍යංශ පවා වෙන් කොට ගෙන තිබුනි. ජයග්‍රාහි ෆැන්ටසියක සිටි ඔවුන්  වැඩි  කාලයක් යෙදවූයේ රනිල්- රවි- අකිල  එලවන හැටි සැලසුම් කිරීමටය. ගෙන්දගම් පොලවේ යථාර්තය  ගැන අබමල්  රේනුවක අවබෝධයක් ඔවුන්ට නොවින. සජිත් පියවි ලෝකයට ආවේ මැතිවරණ ප්‍රතිඵය නිකුත් වීමෙන් පසුවය.

මැතිවරණ පරාජයෙන් පසු ගහෙන් වැ‍ටුනු මිනිහාට ගොනා ඇන්නා වැනි සිදුවීමක් සජිත්ගේ නිවසින් වාර්තා විය. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට අධාර කිරීමට දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ආහ. ඔවුන් වැඩි දෙනෙකු ආධාර මුදල් ලබා දුන්නේ ජලනි ප්‍රේමදාස වෙතය. ජලනිගේ මුදල් ගණුදෙනු වලටම වෙන්වූ කාමර වොක්ෂොල් වීදියේ තිබුනි. බුරුතු පිටින් මුදල් ලැබෙන විට ජලනිගේ සහෝදරයන්ද එහි ආහ.

ජලනිගේ සහෝදරයන්ගේ කාමර වලට ‍ෆින්ගර් පින්ට් ඇක්සෙස් ලොක් සවිකොට තිබුනි. ගමේ ගොඩේ රංබන්ඩලාට ඒවා විවෘත්ත වූයේ නැත. ජලනි හමුවිය හැකි වූයේ ‍රෙඩි කෑෂ් ‍රැගෙන එන සි‍ටුවරුන්ට පමනි. ආධාර කරුවන්ගෙන් කොතරම් මුදල් ලැබුනද වොල්ෂොල් වීදිය   එකම කාල ගෝට්ටියක් විය. දෙන්නම් කාසි වල වැඩ කල ආධාර කරුවන් මුදල් ඉල්ලා ගහ මරා ගන්නා අයුරු , හඩා වැලපෙන අයුරු එහි නිතර දැකිය හැකි විය .

මැතිවරණය පරාජය වීමත් සමග දුරකථන ක්‍රියා විරහිත කොට සජිත් වන ගත විය. තමා විශාල ලෙස ණය වී  ඇතැයිද දේශපාලනය ගැන කලකිරී ඇතැයිද  සජිත් කීවේය. සජිත්ගේ ලගම හිතවතුන් වන මරික්කාර් වැනි අය කීවේද එම කථාවය. නමුත් ඊට වඩා වෙනස් කථාවක් සජිත්ගේ නැගෙනිය කීවාය. දුලාංජලී සිය මිතුරියක් සමග මේ කථාව කීවේ හැඩූ කදුලෙනි. දුලාංජලීට අනුව ජලනි සහ ඇයගේ සහෝදරයන් සජිත්ගේ  මැතිවරණයට ව්‍යාපාරයට ලැබුනු මුදල් වලින් සතයක් වියදම් කොට නැත

ජලනි සහ සහෝදරයන් සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් කොල්ල කෑ මුදල් වලින් රට වටේ ඉඩම් සහ දේපල මිලට ගෙන ඇත. ඔවුන් මේ වනවිට මහනුවර කිංග්ස් වුඩ් විද්‍යාලය අසල ඉඩමක් සහ  සිතා එලියෙන් නිවසක් මිලට ගෙන ඇත. එපමනක් නොව ජලනිගේ  රූප කාය ඔප් නැංවූ රූපලාවන්‍යාගාරය ජලනි විසින් සින්නකර අයිතියට  මිලට ගෙන ඇත.(ඒවායේ ඡායාරූප ඉදිරියේදී බලාපොරොත්තු වන්න ) සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලද මුදල් රනිල් කොල්ල කෑවා කියා අභූත කථාවක් නිර්මානය කළේද නියම හෙර වූ ජලනිය.

හේමා ප්‍රේමදාස මැතිවරණයට පෙර  ඉන්දියාවේ ප්‍රකට ජොතීර්වෙදියෙකුගෙන් සජිත්ගේ හදහන බැලුවාය . සජිත්ට ජාති භෂ්ඨ යෝගයක් උදාවී ඇති බව එහිදී කියා ඇත. එමනිසා ජන්ම රාජ යෝගය බල හීන වී ඇති බව ඔහු පෙන්වා දී ඇත. ජාති භෂ්ඨ යෝගයක් යනු කර්මානු රූපීව සසර ගනුදෙනු පියවන සහකාරියගේ අගතිගාමී කලකිරියාව නිසා සහකරුවා  විනාශ වීමය. මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජලනි විවාහ වූදා දැල්වූ  බුදු පහන පෙරලුනා යයි නිතර කියන කථාව හේමා යලි සිහිපත් කොට ඇත.

සජිත්ගේ ලක්ෂ 2600 ණය කථාව කෙස් කෙලින් කරන එකකි . සජිත් ලක්ෂ 2600ක් තියා සතයක්වත් ණය  නැත. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුනු මුදල් ප්‍රධානයන් මිස ණය නොවේ. කිසිවෙකු ඒවා යලි ඉල්ලා සිටින්නේ නැත.

නමුත් කැම්පේන් එක කිරීමට මුදල් නොමැති යයි සජිත් නිතර කීවේය. එවන් පසුබිමක් තුල ජලනීට ලැබුණු මුදල වල ගණන් හිලව් එලියට ආවේය . සජිත් ලක්ෂ 2600 ක් ණය වූවා යයි කීවද,  නොකියා කියන්නේ ජලනි සහ සහෝදර කල්ලිය විසින් ලක්ෂ 2600ක් සොරකම් කළ බවය. සජිත් තනිපංගලමේ කැලෑ වැදුනේ මන්ද යන්න  දැන් පැහැදිලිය