ජලනි  මැතිවරණ සල්ලි පිල්ලි ගසා ගෙවල් මිලදී ගෙන! මෙන්න සාක්ෂි

දේශපාලන බලය අවභාවිතා කළ ආර්යාවන් එමටය. පිලිපීනයේ  ඉමෙල්ඩා ආර්යාව එවැන්නියකි. ‘‘මට සපත්තු කුට්ටම් තුන් දාහක් තිබුණේ නෑ. මට තිබ්බේ එක් දාස් හැටක් පමණයි! ඔව්, දිනුවත් පැරදුනත් මම ශොපින් යනවා ” , වරෙක ඇය මාධ්‍ය හමුවේ කීවාය. දිනුවත් පැරදුනත් ෂොපින් ගිය ආර්යාවන් තවත් ඇත. මෙසිරි ලංකාවෙන් පහල වූ එකී ආර්යාව ඉමෙල්ඩාගේ වාර්තාවද බිද හෙලා ඇත

කාන්තාවක් වූ නිසාදෝ සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට ලැබුනු මුදල් වැඩි ප්‍රමානයක් ලැබුනේ ජලනිගේ දෑතටය. ජලනිගේ මුදල් ගණුදෙනු වලටම වෙන්වූ කාමර වොක්ෂොල් වීදියේ තිබුනි. බුරුතු පිටින් ලැබුනු මුදල් පාලනය කිරීමට ජලනිගේ සහෝදර කල්ලියක්ද එහි ආහ.

ජලනිගේ කාමර වලට ‍ෆින්ගර් පින්ට් ඇක්සෙස් ලොක් සවිකොට තිබුනි.එකී කාමර විවෘත්ත වූයේ ‍රෙඩි කෑෂ් ‍රැගෙන එන සි‍ටුවරුන්ට පමනි. මුදල් කොතරම් ලැබුනද වොල්ෂොල් වීදිය එකල එකම කාලගෝට්ටික් විය. දෙන්නම් කාසි වල වැඩ කල ආධාර කරුවන් මුදල් ඉල්ලා මරා ගත්හ.

සජිත්ගේ  අරමුදල් වලට අත්වූ ඉරණම පිලිබදව කෙස් කෙලින කරන කථාවක්  සජිත්ගේ නැගෙනිය කීවාය. දුලාංජලී සිය මිතුරියක් සමග මේ කථාව කීවේ හැඩූ කදුලෙනි. දුලාංජලීට අනුව ජලනි සජිත්ගේ  මැතිවරණයට ව්‍යාපාරයට ලැබුනු මුදල් වලින් සතයක් වියදම් කොට නැත

මැතිවරණ මුදල් පිල්ලි ගැසූ ජලනි රට පුරා දේපල මිලදී ගත්තාය. ජලනි කුලී පදනම මත කරගෙන ගිය රූපලාවන්‍යාගාරය සින්නක්කරව මිලට ගෙන ඇත. කැම්පේන් මුදල් යටි මඩි ගැසූ ජලනි තම ගැලවුමට අපූරු කථාවක් හැදුවාය . ක‍ටු කන නලීන් බණ්ඩාර යොදවා මුදල් පිල්ලි ගැසුවේ රනිල් යයි කීවාය .

අවසානයේ ගෑනී කැම්පේන් මුදල් හොරකම් කල ශෝකයට  සජිත් වන ගත විය. ලක්ෂ 2600ක් ගෑනී සොරකම් කළේ යයි කියා ගත නොහැකි වූ සජිත් ලක්ෂ 2600ක් ණය වී ඇතැයි කීවේය. දේශපාලනය කලකිරී ඇතැයි කීවේය. කැම්පේන් එකකට දුන් මුදල් ආපසු නොඉල්ලන බව ඕනෑම ගොනෙකුට තේරෙන කරුනකි. දේශපාලනය කලකිරුනු එකෙක් පක්ෂ නායකත්වය ඉල්ලා අඩන්නේද නැත.

මැතිවරණය කැම්පේන් මුදල් ටිකටත් විද්ද ජලනි ජනපති ආර්යාව වූවා නම් රටට අත්වන ඉරණම සිතා ගත හැක. ගෑනි කැම්පේන්  මුදල් ටිකට විදින තෙක් උඩ බලා ගෙන සිටි සජිත් රටේ නායකයා වූයේ නම් රටට යන කල දසාව ගැනද සිතා ගත හැක. කොටින් කියතොත් සජිත් යනු රබර් සෙරෙප්පු දෙක සහ  ඉස්පිරිතාල සූට්  එකෙන් එහා චින්තනයක් නැති ගොබිලයෙකි.