නන්දසේන සහ කමල් ගුණේ බත් පතට වැලි දාලා – මහින්ද ජාතිය අමතයි

අනාදිමත් කාලයක පටන් ලංකාවේ මිනිසුන් තුන් වේලටම බත් කෑහ. එය  හෙලයන්ගේ ”ලයිෆ් ස්ටයිල්” එකේ අත්‍යවශ්‍ය අංගයක් විය.  මොනවා නැතත් බත් කෑම සිරිතක් විය.  ” බඩේ බත් ටික වගේ වගේ”  යයි කථාවක් හැදුනේ එනයිනි.

එදා මෙදා තුර හෙළයාට බත තරම් වැදගත් දෙයක් නොවීය . බත් කෑම තරම් ආශ්වාදජනක දෙයක් සොයා ගැනීමට හෙලයාට නොහැකි විය . පරම ආශ්වාදය ‍රැදුණු තැනට හානි කරන විට ” බත් පතට වැලි දමන්ඩ එපා” කියා ආත්තෝපදේශයක් පවා ජන වහරට එකතු විය

ශිෂ්ඨාචාරයක නව රැළි ,පෙරළි, ප්‍රවණතා ඇති වීම ධර්මතාවයකි. එය ලාංකික හෙලයාටද පොදුය. තාක්ෂණික විප්ලවයේ මහිමය ගම් දනව් සිසාර පැතිර යත්ම හෙලයාගේ  ”ලයිෆ් ස්ටයිල් එකද වෙනස් විය. ඔවුන්ගේ දෑතට ස්මාට් ෆෝන් පැමිණියේය.

ලංකාවෙ මිනිසුන්ගේ දෙවෙනි බත කොස් විය. ස්මාර් ෆෝන් එක පැමිනිමත් සමගම එතෙක් තුන් වේලට බත් කෑමට පුරුදු වී සිටි හෙලයා කොස් ගහට මාරු විය. ඔවුන් බත් වලට වඩා රස වැල කෑමට පුරුදු වූහ.

හෙලයා  බත් කොතරම් කෑවද ලෝක වාර්තාවක්  තැබීමට නොහැකි විය. නමුත් වැල කෑමට පුරුදු හෙලයා ලෝක වාර්තා තැබූහ. ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැල සෙවූ ලෝක වාර්තාව ඔවුන් සතු කර ගත්හ. එය අදටද හෙලයා සතුය.

නමුත් අලුත් ආන්ඩුව පත්වීමත් සමගම තත්වය වෙනස් විය. නන්දසේන සහ කමල්ගුනේ වැල තහනම් ආහාරයක් ලෙසට නම් කොට එය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළේය. මෙතෙක් ‍රැක ගෙන ආ ලෝක වාර්තාවද අහිමි වන තත්වයක් උදා කළේය . නන්දසේන සහ කමල්ගුනේ හෙලයාගේ බත් පතට වැලි දමා ඇත .

නමුත් කන බොන මහින්ද, බත් පතට වැලි දැමූ පුවත ආරංචි වීමත් සමග වහාම ක්‍රියාත්මක විය . ” ‍තෝ දැක්කෙ නැද්ද …ඌ ඔය වැල තැටිය දුන්නෙ උවමනාවෙන්මයි, ඔන්න ඔය බූරුවට කියපන් හැමනෙන්නෙ නැතුව ඉන්ඩ කියලා” කියමින් බැන වැදුනේය. ටෙම්පල් ට්‍රීස් ආරංචි මාර්ග අනුව මහින්දගේ උදහසට ලක් වී ඇත්තේ කමල් ගුණේය.

දැන් පොලීසිය ඉන්නේ  ”වැල” ඇල්ලුවේ අපි නෙවේ පරිද්දෙනි . සැබැවින්ම  නන්දසේන සහ කමල් ගුනේ යනු හුලගට තරු ගැසූ ලොස් ගෝතයන් දෙදෙනෙකි . මිලිටරි යකඩ සපත්තුවෙන් මිනිසුන් පාගාගෙන හමුදාවේ රජ කළ මොවුන්ට නිදහස් සමාජයක කළ හැකි දෙයක් නැත.වෙන එකක් තියා මොවුන්ට කළ යුත්ත, නොකළ යුත්ත මොකක්ද කියා වත් අවබෝධයක් නැත .