රන්ජාගේ සිද්ධිය නොසිතූ ඉසව්වකට – ඉහල තනතුරු වල වෙනසක්

රන්ජන් අත් අඩංගුවට ගැනීම සහ එහි අතුරු කථා සමූහයක් නිසා   අරලිය ගහ මැදුර ගිණි ජාලාවක් වූ බව ඉතා විශ්වාසී ආරංචි මාර්ග වලින් වාර්තා විය. රන්ජන් අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කොට ඇත්තේ  කමල් ගුණරත්නය. කමල් ගුණරත්න යනු  මං පොර ජාතකය දේශනා  කරමින් යන වැඩ බැරි ලොසෙකි. කමල් ගුණරත්න රන්ජන් අත් අඩංගුවට ගැනීමටට පෙර  අදාල මෙහෙයුම පිළිබදවද කටමැත දෙඩවූයේය . ඒ අනුව තමා අත් අඩංගුවට යන පුවත රන්ජන්ගේ කනටද ගියේය. පොලීසිය එන විට  රන්ජන් සිටියේ  සූදානම් ශරීරයෙනි. සනත්ගේ ”වැල” සීඩී එක පොලීසියට දී ඇත්තේ රන්ජන්මය. ”වැල” සීඩී එක අත් අඩංගුවට ගත් විට තවත් ලකුණු වැටේවි යයි සිතූ පොලීසිය එය ‍රැගෙන ගියේය.

වැල සීඩී එක නිසා බකල් වූ කමල්ගේ සැලසුම

නමුත් සිදුවූයේ අනෙකකි. වැල තැටි අත් අඩංගුවට ගැනීම නිසා  කමල්ගේ සැලසුම බකල් විය. රන්ජන්ට පසුදාම ඇප ලැබුණි. පක්ෂ භේදයකින් තොරව අත්අඩංගුවට ගැනීමට එරෙහි  විරෝධයක් මතු විය. මහින්දගේ රතු කට්ට පැන්නේ එහිදීය . මහින්දගේ කථා වලට නිවසේ කිසිවෙක්  හූමිට තැබීම හෝ විරෝධය පෑම් නොකරයි. නමුත් කමල්ගේ ජාතකය මතක් කරන විට ශිරන්ති නොමද සහායක් දුන්නාය. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් ලෙස පත් කරන විට ඔහු එවැනි තනතුරකට නොගැලපෙන බව මුලින්ම පෙන්වා දී ඇත්තේ ශිරන්තීය. යුධ අපරාධ කරුවෙකු ලෙස ලෝක  හංවඩුව වැදී ඇති කමල් ගුණරත්න පත් නොකොට එම තනතුරට බොනිෆස් පෙරේරා පත් කරන ලෙස ඇය ඉල්ලා ඇත.

බැසිල් රටගියේ ගෝඨා වාදීන්ගේ තනතුරු  බෙදා ගැනීමේ බලු පොරය නිසා

මුළු පවුලම විරුද්ධ වෙද්දී අත්තනෝමතික ලෙස කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් තනතුරට පත් කළේ නන්දසේන ගෝඨා විසිනි. කමල් ගුණරත්න කල එකම දෙය   වියත්මගේ කථා කිරීම පමනි. චන්දයෙන් පසු තනතුරු බෙදා ගැනීමට මරා ගත්තේ ගෝඨාගේ උන්ය . ගෝඨාගේ වියත් මග එකම බලු පොරයක් විය. මහින්ද ඊයේ යකා නටන විට පරණ කථා සියල්ල මතක් කළේය.  බැසිල්ගේ ඇමෙරිකන්  ගමනට හේතු වූයේ  වියත් මගේ බලු පොර දැක ඇති වූ  කලකිරීම බව මහින්ද කීවේය. බැසිල්ගේ මිනිසුන්ට තනතුරු නොලැබුනද  වියත් මගේ මිනිසුන්ට වඩා ප්‍රායෝගික වැඩ කොටසක් කළේ ඔවුන් බව මහින්ද කීවේය

රෙකෝර්ඩින් ලීක් වුනොත් රන්ජන්ට වඩා හානියක් තම පවුලට

”අර වල් පරයා අපිට කෙලින කොට  අපේ උන් බේරා ගත්ත හැටි දන්නෙ මම  ” (වල් පරයා කියා ඇත්තේ සිරිසේනටය) , රෙකෝඩින් ටිකක් අල්ලාගෙන අර හු…. පුතා මොනවද කරන්ඩ හදන්නේ, ඕකට හැමනෙන්නේ නැතුව ඉන්ඩ කියනව’’ කෝපවූ මහින්ද ගෝඨාට බැන වැදුනේය.

යම් හෙයකින් රන්ජන් හා සම්බන්ධ හඩ පටි ලීක් වුවහොත් කමල් ගුණරත්නට කිසි හානියක් නොමැති බවත්  රෙදි ගැලවෙන්නේ තමන්ගේ බව මහින්ද පෙන්වා දී ඇත. රන්ජන් අසභ්‍ය දර්ශන සහිත සී.ඩී එක උවමනාවෙන්ම පොලීසියට දුන් පරිදි රෙකෝර්ඩින් වල කථාවද උගුලක් බව මහින්ද කීවේය. රෙකෝර්ඩින් ලීක් වෙන විට රන්ජන්ට වඩා හානියක් ශිරන්තීට සහ දරුවන්ට සිදුවන බව අවධාරණය කළේය.  මහින්ද විශ්‍රාම ගත යුතු යයි මාගල්කන්දේ භික්ෂුව කියූ දින සිට  මහින්ද  කහ සිවුරු පිලිබදව පසුවන්නේ දැඩි විමසිල්ලෙනි. ඒ අනුව ඊයේ දින මැඩිල්ලේ හිමි රන්ජන් ගැන පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කලේ කවුරුන්ද යන්න සොයා තමාට වාර්තා කරන ලෙසද දන්වා ඇත.

මහින්ද කමල් ගුණරත්නගේ ඉතිහාසය මතක් කරයි

මහින්දගේ වැඩිම දෝෂාරෝපනයට ලක්වූයේ කමල් ගුණරත්නය. කමල් ගුණරත්න ඉතිහාසයේ කල කී දෑ මහින්ද ගෝඨාභයට මතක් කොට ඇත. ඉසිප්‍රියා දූෂණය කළේ කමල් ගුණරත්න බව මහින්ද කියා ඇත.කමල්ගේ නොමනා ක්‍රියා නිසා තම රජය බලපතල අපවාදයන්ට මුහුණ දුන් ආකාරය මහින්ද මතක් කොට ඇත.

කමල් විදේශ තානාපති සේවයට යැවීමට තමා එකග වූයේ අන්කිසිවකට නොව ඔහු උතුරු වසන්තය හරහා කල ගසාකෑම පිලිබද ලැබුණු අසීමිත පැමිනිලි නිසා බව මතක් කොට ඇත ( කමල් උතුරු වසන්තයට සිය පෞද්ගලික ට්‍රක් 30 පමන් යොදවා ඒවායේ ඉන්ධන, ටයර් ඇතුළු නඩත්තුව හමුදාව හරහා කරන බවට පැමිණිලි ගනනාවක් මහින්දට ලැබී තිබුනි )

මේ සියලු නොමනා ක්‍රියා ඉවසා වදාරමින් කමල් බ්‍රසීලයට යැවූ පසු මහ දවල් තානාපති කාර්යාලයේ මිනීමැරුමක් සිදුකළ ආකාරය සිහිපත් කොට ඇත.

සියල්ල අවසානයේ ” ඕකා මොනව කළාටද ඔය තනතුර දුන්නෙ , චන්ද්‍රප්‍රේමයට කියලා පොත් ලියවාගෙන ඕකගෙ නම ගහගත්තටද ? කියා විමසා ඇත. මහින්දගේ කථාවෙන් පෙනී යන්නේ  කමල් ගුණරත්න සී.ඒ චන්ද්‍රප්‍රේමට කියා පොත් ලියවාගෙන එහි නම අලවාගෙන ඇති බවය.

ආරක්ෂක ඇමති සරත් වීරසේකර , ලේකම් බොනිෆස්

අරලිය ගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග අනුව කමල් ගුණරත්නට ආරක්ෂක ලේකම් තනතුර වැඩි කල් දැරිය නොහැක. සරත් වීරසේකර යනු මහින්ද සහ ශිරන්තී යන දෙදෙනාගේම විශ්වාසය දිනා ගෙන ඇති අයෙකි. සරත් වීරසේකර ඊලග මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන්නේ ඔවුන් දෙපලගේම ආශිර්වාදයෙනි. සරත් වීරසේකරගේ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිවයුතු බර පැණක් දරන්නේද ශිරන්තීය. සරත් වීරසේකර පාර්ලීමේන්තුවට තේරීපත් වීමත් සමග ආරක්ෂක ඇමතිකම ඔහුට  ලබාදීමට සියල්ල සූදානම් කොට ඇත. ඉන් පසු කමල් ගුණරත්නට පල නොකියා පලා ලැබීමට නියමිත අතර කමල්ගෙන් හිස්වන ආරක්ෂක ලේකම් තනතුර බොනිෆස් පෙරේරාට ලැබීමට නියමිතය.

කීර්ති රත්නායක ලියූ ලිපිය – උපුටා ගැනීම ලංකා ඊ නිවුස්

2 thoughts on “රන්ජාගේ සිද්ධිය නොසිතූ ඉසව්වකට – ඉහල තනතුරු වල වෙනසක්

Comments are closed.