හරිත විප්ලවයේ සිට අපි ගිලපු ලනු

පොල්තෙල් යනු ශ්රී ලාංකිකයන්ගේ ආහාර සංස්කෘතිය සමග එකට බැඳුනකි. ආයුර්වේදයේදී බොහෝ තෙල් වර්ග සැකසීමේදී ප්රධාන වන්නේ පොල්තෙල්ය. නැතහොත් පොල් කිරිය. අපේ එදිනෙදා ආහාරයේදී හෝ පොල් යහමින් භාවිතා කරයි. හැරුණුකොට අපගේ ආහාර සංස්කෘතියේ සියලු අතුරුපස පොල් ආශ්‍රයෙන් සාදන ආහාරය. කුඩා කල ළදරුවන්ට උණු කැකුළු බතට ලුණු හා පොල්තෙල් අනා කෑමට දුන්නෝය. හදිසියේ සීරීමක්, තැල්මක් හෝ කුඩා සතෙකු කෑ විට  ප්‍රතිකාර කලේ පොල් තෙල් වලිනි. හිස හා කොණ්ඩය ආරක්ෂා කිරීමේ ප්රබලම ඖෂධය පොල්තෙල්ය.අත්තෙල් යනු මිරිකාගත් පොල්කිරි කකාරා සාදා ගන්නා තෙල්ය. වර්තමාන පාරිභාෂිතයේ අත්තෙල් යනු  Vergin Coconut Oil  වේ. කොප්පරා වලින් සාදා ගන්නා තෙල් වලට වඩා අත්තෙල් ගුණ දායකය. චිරාත් කාලයක් සෑම වේලකටම යහමින් පොල් පරිභෝජනය කළ අප සෞඛ්‍යමත් ජීවිතයකට හිමිකම් කීවෝය.

හැටේ දශකයෙන් පසු ඇතිවූ පරම්පරාව බටහිර විද්යාව පරම සත් ලෙස සැලකු පරපුරකි. හරිත විප්ලවයනැමති ලණුවේ සිට මොවුන්ට වැරදුනු තැන් බෝහෝය. බටහිරයන් කුමන්ත්‍රනකාරීව අපේ ආහාර සුරක්ෂිතතාවය බිද දැමුවෝය. අසූව දශකයෙදී  කොලෙස්ටරෝල්වලට ප්රධාන හේතුව වන්නේ පොල්තෙල් යයි ප්‍රචාරයක් දුන්නේය. මෙම ප්‍රචාරයට වැඩි  දායකත්වයක්  දුන්නේ  බටහිර වෛද්‍ය වරුන්ය. විද්‍යාත්මක පදනමකින් තොරව තමන් ළඟට එන රෝගීන්ට පොල්තෙල් ආහාර තහනම් කළහ. පොත් තෙල් වල හිඩස  පිරවූයේ ආනයනික ෆාම් තෙල්, සෝයා තෙල්ය. මේවා මිනිස් ශරීරයට වඩා වැඩි හානියක් කලේය. ෆාම් තෙල්, සෝයා තෙල් පරිබෝජනයත් සමගම කොලෙස්ටරෝල්, හෘද රෝග, මධුමේහය  ජනයා අතර තිව්ර වූයේය. ඒ සමගම බෙහෙත් ආනයනය සඳහාද රුපියල් බිලියන ගණනින් වියදම් කරන්නට සිදු වූයේය. බටහිර වෛද්‍යවරු සහ සමාගම් එක ගලින් කුරුල්ලන් දෙබානක් බිම හෙලූහ . ඉන් නොනැවතුනු  සමාගම් පොල් ඉඩම් අභාවයට යවමින් කටු පොල් (ෆාම්)  වගා කලෝය

චිරාත් කාලයක් අප සංස්කෘතිය හා ආර්ථිකය සමඟ බැඳුනු පොල් අපගෙන් ඈත් කිරීම පිටුපස සිටියේ බහු ජාතික සමාගම්ය. ඔවුන් වෛද්‍ය වරුන්ට , කෘෂිකර්ම නිලධාරීන්ට, ආචාර්ය මහාචාර්යවරුන්ට අල්ලස් දුන්හ . ඒවා මිල මුදල් ,  විදේශ ශිෂ්‍යවත්ව , රට සවාරී  වැනි විවිධාකරයෙන් ඔවුන් කරා පැමිනියහ . ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා සිටින්නේ ආසියාවේය . ආසියාවේ බොහොමයක් රටවල් මෙම කුමන්ත්‍රනයට ගොදුරු වූහ.අපගේ ආහාරවල ගුණාගුණ අප දන්නේ ප්රත්යක්ෂයෙන්ය. නමුත් අද වනවිට පොල්තෙල් යනු ලෝකයේ ඇති සෞඛ්යම අතින් ඉහළම තෙල් බවට බටහිර විද්යාව ඔප්පුකර ඇත. අප විසින් භාවිතා කළ අත්තෙල් අද ඇමරිකානුවාම විසින්  Vergin Coconut Oil ලෙස ඉතා අධික මිලක් ගෙවමින් ආහාරයක් මෙන්ම ඖෂධයක් ලෙසද භාවිතා කරයිපොල්තෙල් ඉතාමත් ගුණදායක වන්නේ එහි වැඩිපුර සංතෘප්ත මේද අම්ල ( Saturated Fatty Acid) ඇති බැවිනි. එසේම එය Omega 03 වලින් පෝෂිත වේ.

මව්කිරිවල අඩංගු Lauric අම්ලය ඇත්තේ පොල්තෙල්වල පමණි. එම නිසා පොල්තෙල් ඉතාම සෞඛ්යාරක්ෂිත වේ. Lauric අම්ලය යනු විෂබීජ නසන ශරීරයේ ප්රතිශක්තිය වඩවන ඉතා හිතකර රසායනිකයකි. පොල්තෙල්හි සංතෘප්ත මේද අම්ල ඇති හෙයින් ඉක්මනින් මුදු බවට පත් නොවේ. තවද පොල්තෙල් නටන උෂ්ණත්වයේදී ශරීරයට අහිතකර තෙල් වර්ග (Trans Fat) නිපදවීම සිදු නොකරයි. එම නිසා වරක් භාවිතා කළ පොල්තෙල් දෙතුන්වර බැදීම ප්රශ්නයක් නොවේ. නමුත් එළවළු තෙල් වශයෙන් හඳුන්වන (Canola, Corn, Soybean, Peanut Oil, Sunflower  )රත් කිරීමේදී ශරීරයට අහිතකර තෙල් වර්ග (Trans Fat) නිපදවීම සිදු කරයි. එපමනක් නොව මේවායෙහි අසංතෘප්ත මේද අම්ල වැඩි හෙයින් ඉක්මනින් මුඩු බවට පත්වේ. මෙම මුඩු බව නැති කිරීමට කරන්නේ කෘතීම ප්රතිඔක්සිකාරක එකතු කිරීමය. මෙම කෘතීම ප්රතිඔක්සිකාරක පිළිකාකාරක බව රසායනාගාර පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත. එමෙන්ම මෙම රසායනිකයන් අක්මාව හා වකුගඩුවලට හානිකරන අතර ශරීරයේ ප්රතිශක්තියද හීන කරයි.

අන්තර්ජාලය ඇසුරිනි – තුෂාරා වන්නිආරච්චි