මැදගොඩ නිකායේ දේවදත්තයෙකු සාමනේර හිමිනමක් දූෂණය කරයි

මාතර පස්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකු වන කැටවල විජේසේකරාමධිපති උඩුහුපිටියේ විපුලධම්ම නම් චීවරධාරියා සාමනේර භික්ෂුවකට කල කෲර ගුද දූෂණයක් අප වෙත වාර්තා වී ඇත. කෲර දූෂණය නිසා නිසා අසාධ්‍ය වූ සාමනේර හිමිනම ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

ඇඹිලිපිටිය මූලික රෝහලේ සිදුකල වෛද්‍ය පරීක්ෂණ වලින් සාමනේර භික්ෂුව කෲර ලෙස ගුදහිංසනයට ලක්ව ඇති බව හෙලිවී ඇත. සිද්ධිය කනින් කොනින් එළියට යාමත් සමගම සල්ලාල චීවරධාරී පොහොට්ටු මන්ත්‍රී කැටවල විපුලධම්ම අතුරුදන්ව ඇත. අතුරුදහන් වූ සල්ලාල සිවුරුකාරයා නෙළුම් මාවත සහ දේශපාලනඥයන් හරහා ඇඹිලිපිටිය මූලික රෝහලට සහ පොලීසියට බල පෑම් කොට ඇත. රෝහල සහ පොලීසිය සමග අබෝධතාවයකට පැමිනි විගස මොහු රෝහලට පැමිනි බලහත්කාරයෙන් ටිකට් කපාගැනීමෙන් අනතුරුව එම සාමනේර භික්ෂුවද සමගින් පිටත්ව ගොස් ඇත .

සිද්ධිය වාර්තා වීමත් සමගම දායක සභාවේ සම්‍යයක් දෘෂ්ඨික උපාසක උපාසිකාවන් සැකකාර ගුද දූෂකයා අත් අඩංගුවට ගන්නා ලෙස වගකිව යුතු ආයතන වලින් ඉල්ලා ඇත. මැදගොඩ නිකාය 7 පොතට විරෝධය දැක්වීමට මුල්වූ එක් ප්‍රධාන වන්නේ මෙලෙසින් කුඩා සාමනේරවරුන් සහ දරුවන් දූෂණය කිරීමට ඉන් ඇතිව තිබූ අවහිරය ඉවත් කරීම බව දැන් පැහැදිලිය.සුද්දාගේ කාලයේ නීතිය අකුරට ක්‍රියාත්මක වුවද පන්සල් වල සිදුවන අකටයුතු කම් වලට ඔවුන් නීතිය ක්‍රියාත්මක කළේ නැත . මක්නිසාදයත් සුද්දාට අවශ්‍ය වූයේ පන්සල දූෂිත ස්ථානයක් බවට පත්කිරීම වූ බැවිනි. සුද්දාගේ උගුලට හසුවූ චීවරධාරීන් ලිංගික අපචාර වලට ”පන්සල් සෙල්ලම් කියා නමක් පටබැද ඒවාට නිල නොවන වලංගු භාවයක් ලබා දුන්හ.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර

වැටත් නියරත් ගොයම් කන රටක අපට කීමට ඇත්තේ එපමනකි