ලීක් වීමෙන් කෙල වෙන්නේ මහින්ද පිලට,රනිල් ගෝඨා කුමන්ත්‍රණයක් !

ලලිත් සහ ගාමිණී  ලාංකීය  දේශපාලනයේ සුවිශේෂී චරිත දෙකකි. එජාපයෙන් ඉවත්වූ ඔවුන් අළුත් පක්ෂයක් හැදුවේය. නමුත් එය අසාර්ථක විය. විජය කුමරතුංග ලංකාවේ පහලවූ එකම ජනකාන්ත නළුවාය. ඔහු දේශපාලනයට පෙම් බැන්දේය. විජේ  ශ්‍රීලනිප ඉවත්ව ගොස් අළුත් පක්ෂයක් හැදුවේය.නමුත් එයද අසාර්ථක විය. මහින්ද ජන විඥානය කියවීමෙහි කෙල පැමිනි අයෙකි.ඔහුගේ දේශපාලන ඉව අසමසමය. මහින්ද ශ්‍රීලනිය හැරදමා අළුත් පක්ෂයක් හැදුවේය. මහින්දගේ වෑයම සාර්ථක විය. එය සාර්ථක වූයේ බැසිල් නිසාය.

සිරිසේනගේ ඔඩොක්කුවේ සිටි ගෝඨා සහ විසල් බැසිල් දේශපාලනය

බැසිල් අලුත් පක්ෂය හැදුවේ දසහසක්  අභියෝග මැදිනි. බැසිල් අළුත් පක්ෂයට අඩිතාලම දමන විට ගෝඨා හිටියේ සිරිසේනගේ ඔඩොක්කුවේය. විමලේ ගම්මන්පිල වැනි උන් දවල්ට මහින්ද සමග සිට රෑට  සිරිසේන සමග එක ගෙයි කෑහ. සිරිසේන කොටවා බැසිල් අත් අඩංගුවට පත් කළේය. බැසිල් දේශපාලනයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළහ. නමුත් බැසිල්ගේ දේශපාලනය නවතා දැමීමට නොහැකි විය. පන්සල් දේශපාලනයේ ‘අයිඩියා” එක දුන්නේ බැසිල්ය. කාල්ටන් වන්දනාව සංවිධානය කළේ බැසිල්ය. පක්ෂය හැදුවේ බැසිල්ය. ඡන්ද මැෂිම නිර්මානය කළේ බැසිල්ය.

ගෝඨාගේ නීලකාස ආචාරියා සහ වෙන්ඩ අගමැති සිහිනය

අළුත් පක්ෂක් හැදීම දුෂ්කර ප්‍රයාණයක් විය. බැසිල් පක්ෂය හැදුවේ පොලීසි වල, අධිකරණ වල තපිමිනි. ගෝඨා සිරිසේනගේ ලණු ගිලිමින් සිටියා මිස ප්ලේන්ටියක උපකාරයක් නොකළේය. ගෝඨා නලීන් සිල්වා නැමති  නීලකාස  ආචාරියා සමග එක් වී සිරිසේනගේ අගමැති වීමට සැලසුම් කළේය. ඒ උදෙසා ලොම් හැලුන ආමි කාරයන්, වෙද්දු , ආචාරීන් ඇතුළු එදා වේල නිකමුන් පිරිසක් දමා  වියත් මග හැදුවේය. ගෝඨා ගම්දන්ව් සිසාරා හමා ගිය මහින්ද සුළග හයිජැක් කළේය. පාස්කු ප්‍රහාරයේ  අනුග්‍රහයෙන්  2020 අපේක්ෂකත්වය ලබාගත්තේය. අනතුරුව බැසිල්ගේ ඡන්ද මැෂිම කුලියට ගෙන රටේ ජනාධිපතිවරයා බවට පත් විය.

ගෝඨා ඉහලට නැගීමට වෙර දුන් ඉණිමගට පයින් ගැසූ හැටි

ගෝඨා දිවුරුමේ තීන්ත වේලීමටත් ප්‍රථම මුල අමතක කළේය. බැසිල් පමනක් නොව බැසිල්ගේ මිනිසුන්ද රම්පේ කරපිංචා ගානට දැමුවේය. ගෝඨාගේ පාලනය ගැන කම්පාවට පත්වූ බැසිල් රට හැර ගියේය. ගෝඨාගේ ගුණ මකු වැඩපිලිවෙල එතැනින් නිම වූයේ නැත. ගෝඨා  ඉහල නැගීමට අත්වැල දුන් පොහොට්‍ටු පක්ෂයටද පයින් ගැසුවේය . පොහොට්‍ටුවේ සාමාජිකයන් නොවන පැරෂුට්කාරන්  100 දෙනෙකු පාර්ලීමේන්තු මැතිවරණයේ  අපේක්ෂකයන් ලෙස නම් කළේය . ඔවුන් අන් කිසිවෙක් නොව  වියත් මගෙහි ලොම් හැලුනු ආමිකාරයයින් , වෙද්දු, ආචාරීන් වැනි ගෝඨාට කඩේ ගිය උන්ය .එමපමක් නොව කාලාන්තරයක් තිස්සේ මහින්ද සමග දේශපාලනය කල උන්ට පල නොකියා පලා බැදුවේය

රන්ජන්ගේ සී.ඩී හුටපටයෙන් කෙලවෙන්නේ මහින්දටය

දේශපාලනයේ තෙම්පරාදු  වූ මහින්දගේ සහ බැසිල්ගේ  කනෙන් රිංගීම ගෝඨාට පහසු නැත. රන්ජන්ගේ සී.ඩී හුටපටය වාර්තාවිමත් සමගම මහින්ද කලබල වූ බව අප වාර්තා කලෙමු. ගෝඨාට කතා කොට කමල් ගුණරත්නට දෝෂාරෝපණය කල බව කිවෙමු. රන්ජන්ගේ සී.ඩී ලීක් වීමෙන් මිනිසුන් කළකිරෙන්නේ  පවතින ක්‍රමය පිලිබදවය. ඒ හරහා දේශපාලකයන් පිළිකුලට ලක් වීම නොවැලැක්විය හැක.එහි විපාක ලෙස නිතර දකින ඇසට හුරු දේශපාලකයන් රොත්ත බුරුත්තට උන් හිටි තැන් අහිමි වනු ඇත .ඉන් බරපතලම හානිය සිදුවන්නේ මහින්දගේ ගැන්සියටය. ඉදිරි මැතිවරණයේදී මහින්දගේ කන්ඩායමේ බොහොමයකට  නියත පරාජයක් අත්වනු ඇත . එම හිඩස පුරවන්නේ වියත් මග ලේබලය ගසා  ගෝඨා ඉදිරිපත් කරන අපේක්ෂකයන්ය.

සී.ඩී කුමන්ත්‍රණයේ ජඩ මොළ කරු කවුද

රන්ජන්ගේ සී.ඩී කථාවේ මහ මොළකරු කවුද කියා දැන් පැහැදිලිය. සී.ඩී පිට ගියේ රන්ජාගේ ගෝලයෙකුන්  වුවද, පෙරලුනු පිට හොදයි කියා රන්ජා ඩීල් කළේය .රන්ජන් යනු සී.ඩී හුටපටය නිසා අසරණ වූවෙකු නොව කුමන්ත්‍රණයේ කොටස් කරුවෙකි. රන්ජන්ගේ නිවස සෝදිසි කිරීම සැලසුමේ කොටසකි. එය  ඔහුගේ අනුදැනුම මත සිදු වූවකි. ‘‘මම ඊයේත් කමල් ගුණරත්න හමු වෙලා ආවේ’’, නිවස සොදිසි කරන විට රන්ජන්ගේ කටින් පැන්නේය. මහින්ද කමල්ගේ ජාතකය දිග ඇරියේ මන්ද කියා දැන් පැහැදිලිය. ගෝඨා,කමල් පමනක් නොව රනිල්ද මෙම කුමන්ත්‍රනයේ කොටස් කරුවෙකි. ආශූ මාරසිංහ රන්ජන්ගේ නිවසට  දුවගෙන ආවේ රනිල්ගේ ප්‍රොක්සියක් ලෙසිනි. රන්ජන් රනිල් සමග කථා කරන හඩ පටි 600 පමණ තිබියදී සජිත් සහ කිලී මහරාජාගේ හඩ පටි එළියට ආවේ එබැවිනි.

දුමින්ද සිල්වා ජනපති සමාව අසලට පැමින ඇත

සජිත් ප්‍රේමදාස පියුමි හංසමාලී ගැන විමසන හඩ පටයක්ද රන්ජගේ සී.ඩී ලැයිස්තුවේ ඇති බව වාර්තා වෙයි. රන්ජන්ගේ සී.ඩී ලැයිස්තුවේ රෙකෝර්ඩින් 20000 පමන තිබුණද කරළියට එන්නේ ගෝඨා සහ රනිල් කැමති ඒවා පමනකි.නමුත් සී.ඩී හුටපටය හරහා රාජපක්ෂලාද , වික්‍රමසිංහලාද අතුලුව ප්‍රභූ සමාජයේ බොහෝ පිරිසක් බලැක් මේල් වීම නොවැලැක්විය හැක. සී.ඩී වලින් වැඩි ප්‍රමාණයක්  රෙනෝ සිල්වා සතු නිසා දුමින්ද සිල්වා ජනපති සමාව අසලටම පැමින පැමිණ ඇතැයි කිව හැක . දුමින්ද සිල්වා නිදහස් වන්නේ හිරු නාලිකාව ගොඨාට දුන් සහයෝගය නිසා නොව රෙනෝ සී.ඩී ලීක් කළ හොත් රාජපක්ෂ පවුලට වන හානිය වලක්වා ගැනීමටය.

රනිල්- ගෝඨා ජාතික ආන්ඩුව සහ බැසිල් සාධකය

ගෝඨා සහ රනිල් අතර ඇති රහස් සබදතාවය මෙම සිදු වීමෙන් ඔප්පු වී ඇත. දැන්  රනිල්ට සහ ගෝඨාට දේශපාලනය හැසිරවීම පහසුය . ඉදිරි  මැතිවරණයේන් පාර්ලීමේන්තුවට තේරී පත් වනු ඇත්තේ තමන්ට හීලෑ උන්ය. ජාතික ආන්ඩුව යථාර්තයක් වීමට ඇති ඉඩ කඩ වැඩිය. ඒ අනුව පාර්ලීමේන්තුවේ 2/3 බහුතර බලයක් ලබා ගැනීමට ගෝඨාට හැකි වනු ඇත. නමුත් බැසිල් ගෝඨාගේ ක්‍රමයට කැමති නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසුද  බැසිල් මේ ආකාරයෙන්ම රට හැර ගියේය. පාර්ලීමේන්තු මැතිවරණයේදී මහින්ද දිනවීමට ඔහු නැවත පැමිණියේය. එම මැතිවරණයෙදී බැසිල්ට මහින්ද දිනවීමට නොහැකි විය. නමුත් බැසිල් සටන පටන් ගත්තේ එතැනිනි. මෙවර මැතිවරණයෙදීද  බැසිල්ට මහින්ද දිනවීමට නොහැකි වනු ඇත, ජයගන්නේ ගෝඨාගේ පිලය . බැසිල් සටන පටන් ගන්නේ එතැනිනි.

කීර්ති රත්නායක ලියු ලිපිය උපුටා ගැනීම ලංකා ඊනිවුස්