පාර්ලීමේන්තුවේදී කමල් ගුණේ ජාතකය දිග ඇරීමට ෆොන්සේකා සූදානම් වෙයි

ජනයා එජාපය ඉවරයි සිතමින් රන්ජන්ගේ රෙකෝර්ඩින් අහන විට මහින්දගේ දේශපාලන ඉව කීවේ වෙන කථාවකි . රෙකොර්ඩින් ආපිට තම පිලට කැරකෙන බව මහින්ද කීවේය. රෙකොර්ඩින් ලීක් වීම තමන්ට එරෙහි කුමන්ත්‍රණයක් බව මහින්ද කීවේය. එය කාගේ වැඩක්ද යන්න මහින්ද දැන සිටියේය . එපමනක් නොව  මහින්ද ගෝඨාට කථා කොට කමල් ගුණරත්නට දැඩි දෝෂාරෝපනයක් කළේය.

මහින්ද කමල්ගේ ජාතකය දිග ඇරීම ෆොන්සේකාට උත්පේරකයක් වූවා විය හැක 

ඊලග මැතිවරණයේදී මහින්දවාදී මන්ත්‍රීන් ගෙදර යවා ගෝඨාගේ අළුත් මුහුණු පාර්ලීමේන්තු යැවීම මෙම කුමන්ත්‍රණයේ යටි අරමුණ විය .මහින්ද කමල්ට එරෙහි දෝෂාරෝපනය පටන් ගත්තේ ඉසිප්‍රියා දූෂණය කොට මරා දැමීමේ සිද්ධියෙනි. ඉසිප්‍රියා දූෂණය කළේ කමල් ගුණරත්න බව කීවේය . කමල්ගේ නොමනා ක්‍රියා නිසා තම රජය බලපතල අපවාදයන්ට මුහුණ දුන් ආකාරය මහින්ද ගෝඨාභයට මතක් කොට තිබුණි.

මහින්ද දිග ඇරිය කමල්ගේ ජාතකය

කමල් විදේශ තානාපති සේවයට යැවීමට මහින්ද එකග වූයේ කමල් උතුරු වසන්තය හරහා කල ගසාකෑම පිලිබද ලැබුණු අසීමිත පැමිනිලි නිසා යයි කීවේය . කමල් උතුරු වසන්තයට සිය පෞද්ගලික ට්‍රක් 30 පමන් යොදවා ඒවායේ ඉන්ධන, ටයර් ඇතුළු නඩත්තුව හමුදාව හරහා කරන බවට පැමිණිලි ගනනාවක් මහින්දට ලැබී තිබුනි.මේ සියලු නොමනා ක්‍රියා ඉවසා වදාරමින් කමල් බ්‍රසීලයට යැවූ පසු මහ දවල් තානාපති කාර්යාලයේ  මිනී මැරුමකට සම්බන්ධ වූ බව කීවේය.සියල්ල අවසානයේ ” ඕකා මොනව කළාටද ඔය තනතුර දුන්නෙ , චන්ද්‍රප්‍රේමයට කියලා පොත් ලියාගෙන නම ගහගත්තටද, කියා විමසා තිබුණි.

හුලගට තරු ගැසූ කමල් ගුණරත්න

කමල් ගුණරත්න ගැන පාර්ලීමේන්තුවේදී විශේෂිත හෙලිදරව්වක් කිරීමට සරත් ෆොන්සේකා සූදානමින් සිටියි. තම කථාව  ඉදිරිපත් කිරීම  සදහා කටයුතු සම්පාදනය කරන ලෙස  ෆොන්සේකා විපක්ෂ නායක සජිත්ට දැනුම් දී ඇත. පසුගිය සතියේ කිරීමට සූදානම් වූ මෙම කථාව වැලක්වීම ගැන ෆොන්සේකා සජිත්ට දොස් මුරයක්ද නැගුවේය . කමල් ගුණරත්නගේ ඇගපත විශාලව වැඩී තිබුනද ඊට සරිලන පරිදි මොලය වැඩී නැති බව බොහෝ දෙනෙකු දන්නා කාරනයකි. හමුදාවේ සමකාලීනයන් කියන්නේ කමල් හුලගට තරු ගැසූ බවය .  හුළං ඇගේ වැදීමට බල්ටි ගැසිය යුතු නැත, ඔහේ සිටි විට ඇගේ වදියි. කමල්ට  තරු වැදී ඇත්තේද එලෙසිනි.

කමල් ගුණරත්නට රාජයෝගයක් ඇතැයි ඥානක්කා කියයි

කමල් ගුණරත්න අනුරාධපුර ඥානක්කාගේ බැතිමතෙකි. ඥානක්කාට අනුව කමල්ට බරපතල රාජ යෝගයක් හිමිය. ගෝඨා නැති තැන ඥානක්කා  කමල් පිළිගන්නේ  සපුමල් කුමරුගේ ආත්මය ලෙසිනි. කමල් ගුණරත්නගේ මං පොර කථාද ඊට දෙවෙනි නැත . කමල් කියන්නේ යුද්ධය ඉවර කළේ තමා බවය. යම් හෙයකින් තමා නන්දිකඩාල් කලපුවට නොගියේ නම ප්‍රභා ඇමෙරිකානු යුධ නැවෙන් ‍රැගෙන යන බවත් ඉන්පසු හතර වන ඊලාම් යුද්ධය ආරම්භ වන බව ඔහු කියයි. තමා කළ සේවය නිසා රටේ ජනපති වීමට වුවද සුදුසු බව ඔහු කියයි.  ඒ සදහා තමාට සහාය දිය යුතු බව විවිධ පාර්ශවයන්ට කියයි . නමුත් කමල් එන්නේ මොකාටද කියා මහින්ද නොදන්නවා විය නොහැක. නිතර නිතර මහින්ද කමල්ගේ ජාතකය මතක් කරන්නේ ඒ නිසා විය යුතුය.

රණබිම නන්දිකඩාල් සත් විකෘති කළ හැටි

කමල් ලියු රණබිම නන්දිකඩාල් ( මහින්ද කියන පරිදි චන්ද්‍රප්‍රේම ලියූ ) පොතේ ප්‍රභාකරන් මිය ගිය පුවත දැන්වීමට හමුදාපති  ෆොන්සේකාට කථාකල විට ඔහු දෝෂාරෝපනය කළ  බව කියා ඇත. ෆොන්සේකා කමල් ගුණරත්නට ඇමතු ආකාරය එහි ලියා ඇත්තේ ජනයා නොමග යවන ආකාරයෙනි. යුද්ධයේ අවසන් අදියරට එලඹීමත් සමගම ප්‍රභාකරන් මියගිය පුවත නිතර ඇසෙන්නට විය. ප්‍රභාකරන් ඇතුළු පිරිස ගිලන් රථයකින් පැන යමින් සිටියදී වෙඩි කා මිය පුවතක් විය. එපමනක් නොව  වෙඩි වැදී ගිණි ගත් ගිලන්  රථයක් සහ පිලිස්සුන ශරීරයක් පෙන්වා ඒ ප්‍රභාකරන් යයි කීවේය. එවැනි ආකාරයේ පුවත් උදේ හවා අසන්නට ලැබුනි. නන්දිකඩාල්  කලපුවේ ප්‍රබාකරන් මැරිලා ඉන්නවා කියූ විට ” දැන් තමුසේ කීපාරක් ඕකා මැරුනා කියල මට කීවද ඕයි ” කියා නොවිමසීම පුදුමයකි .

කමල් ගුණරත්න ප්රභාකරන්ගේ බොඩිය සොයා ගත් හැටි

අවසානයේ ව්‍යාජ පුවත් දෙස මහ ජනයා උපහාසයෙන් සහ අපහාසයෙන් බැලූහ. කමල් ගුණරත්න මම පොර වීමට ගෝනිසෙල්ලම් පාන විට අපූරු ඊ මේල් එකක් ජනයා අතර සංසරණය විය. එම ඊමේල් එකේ ශීර්ෂය  , ” කමල් ගුණරත්න ප්‍රභාකරන්ගේ බොඩිය සොයා ගනී” ලෙසින් විය.  ඊමේල් එකේ පහලට යන විට තිබුනේ තනපටයකි (කාන්තා බ්‍රෙසියර් එකක්) .ප්‍රභාකරන්  මියගියා යයි පුවත  ෆොන්සේකාට දැන්වූ විට  ඉන් උද්දාමයට පත් නොවී දිගින් දිගටම කමල් ගෙන් ප්‍රශ්න කළේ එබැවිනි.  ඒ හරහා විද්‍යාමාන වූයේ   නියම සෙන්පතියෙකුගේ ප්‍රතිමූර්තියකි.  ලකුනු දා ගැනීමට ප්‍රභාකරනගේ බොඩිය හොයා ගත්තා යයි උදේ හවා ව්‍යාජ පුවත් නිර්මානය කළ පසුබිමක ෆොන්සේකා කමල්ට ආමන්ත්‍රණය කල ආකාරය හොද වැඩිය.

කමල් ගුනේගේ රෙදි ගැලවෙන හැටි

කමල් ගුණරත්න යනු කැඩෙට් කාලයේ සිටම  වැඩ බැරි ලොසෙකු බව ප්‍රකට කරුනකි. එපමනක් නොව නිල ඇදුමට මුවා වී  අපරධ  සමූහයක් කොට ඇති  අයෙකි. මොවුන් මිලිටරි සපත්තුවෙන් පහල නිළයන් පාගා ගෙන හමුදාවේ රජ කළද නිදහස් සමාජයක කළ හැකි ලබ්බක්  නැත. නිල ඇදුම ගැලවූදා සිට කමල් ලොස් වූයේ එහෙයිනි.  ෆොන්සේකා  හෙලිදරව් කිරීමට සැරසෙන්නේ නිල ඇදුමෙන්  වසා සිටි අපරාධ සමූහය හෝ හුලගට තරු ගැසූ සේවා ඉතිහාසය විය හැක. රජ වීම, සපුමල් කුමාර කථා කෙසේ වෙතත් ලෝකල් අයි.එස් කල්ලිය ඊලග මරාගෙන මැරෙන  ප්‍රහාරය දියත් කළ විට වැඩ බැරි කමල්ගේ යට ඇදුමත් අහිමි වනු ඇත.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්