රිය අනතුරෙන් පලා යාමට දප්පුල සහ යසන්ත උදව් කළ හැටි – වැඩ වැරදුනු චම්පිකගේ කථාව

2015 දී එජාපය මෙහෙය වූ ජනාධිපතිවරණය  ප්‍රධාන සටන් පෙරමුණු 2ක් යටතේ ක්‍රියාත්මක විය. මහින්දට එරෙහි දූෂණ චෝදනා නැගීමට එක පෙරමුණක් විය. චම්පික , සජිත් , සිරිසේන , මංගල, හර්ෂ, පී.අජිත් , රාජිත එම ව්‍යාපෘතියේ නියමුවන් විය. බකිංහැම් අශ්වයින් , ලැම්බොගිනි කාර්, ඩුබායි රටේ සැගවූ මුදල් ගැන කෙස් කෙලින් කරන කථා මොවුන් කීහ . 2015 වන විට රට උග්‍ර මූල්‍ය අර්බුධයකට පිවිසෙමින් තිබුනි. රාජපක්ෂලා ලබාගත් බොහොමයක් ණයවල වාරික ගෙවීම ආරම්භ වූයේ 2015 වසරිනි. රනිල් – රවි කථා කලේ කඩා වැටෙන ආර්ථිකය සහ එය ගොඩ නැගීම පිළිබදවය.

එජාපය  ජනයාට දුන් පොරොන්දු ඉ‍ටු කළ හැටි

සිරිසේන හොරු ඇල්ලීම රංජාට බාර දුන්නේය . රංජා හොරු ඇල්ලුවේ අධෝමුඛයෙනි. බකිංහැම් අශ්වයන්, ලැම්බොගිනි කාර්, ඩුබායි ගිණුම් හුදුක් කථාවට පමනක් සීමා විය . චම්පික ,සජිත් , හර්ෂ, අජිත්.පී, සිරිසේන  ජනයාට කී කථා යථාර්ථයක් බවට පත් කිරීමට  අපොහොසත් විය. රනිල් – රවි දුන් පොරොන්දු ඉ‍ටු කිරීම පිරිවැය අධික නමුත් ඔවුන් පොරොන්දු වුනාටත් වඩා හොදින් වැඩේ කළේය . අත්‍යවශ්‍ය  බඩු සියල්ලේම මිළ අඩු කළේය. ගෑස් මිල හරි අඩකින් පමන අඩු කළේය. ලෝක වාර්තාවක් තබමින් ලක්ෂ 14 පමන වූ  රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප රු 10000කින් වැඩි කළේය.

රවී ආලාපාළු ආර්ථිකය කෙලින් කළේය එය චම්පිකට ගැටලුවක් විය

එදා චම්පික ආලාපාලු ආර්ථිකය ලෙස හංවඩු ගැසූ  යාත්‍රණය රවි- රනිල් කෙලින් කළේය . ක්‍රය ශක්තියේ ඉහල යාම පෞද්ගලික අංශයේ ව්‍යාපාර වලටද ධනාත්මක ලෙස බලපෑවේය. 2015- 2017 කාලයේ පෞද්ගලික අංශයද පන ගසා නැගිට්ටේය. බොහොමයක් ව්‍යාපාර සිය වාර්ශික වෙළද ඉලක්කයට වඩා වැඩි පිරිවැ‍ටුමක් ලැබුවේය. ණය වාරික ගෙවමින් , බඩු මිල අඩු කරමින් , පඩි වැඩිකරමින් යහපාලන රජය ඉදිරියට යාම ආන්ඩුවේ සිටි එක්තරා කල්ලියකට ප්‍රශ්නයක් විය. ආන්ඩුවේ සිටි උස හීන්දෑරී  හාදයා  හීන් නූලෙන් එජාපය සහ සිරිසේන කෙටවූයේය.

චම්පික සහ සිරිසේන එකට එක්වී ගේම් ගැසූ හැටි

රාජපක්ෂලාට එරෙහි දේශපාලන ධාරාව තමන් සතු කරගැනීම චම්පිකගේ එකම අරමුන විය. එනම් එජාප කඳවුරය .  චම්පික එහි  බලය ඇල්ලීමට සැලසුම් කලේ එජාපයේ සාමාජිකත්වය ගෙන නොව ඊට පිටින් සිටිමිනි. එම දේශපාලන ධාරාව චම්පිකට නතු කරගැනීමට හැකි වන්නේ ජනයාට එජාපය එපා වූ විටය . චම්පිකට ඉල්ලුමක් ඇතිවන්නේ එවිටය. සිරිසේන සමග එක් වී එජාපය නැති කිරීමට චම්පික කුමන්ත්‍රණය කළේය. රාජපක්ෂලා සහ එජාපය යන දෙපිලම විනාෂ කොට අළුත් බල කඳවුරු දෙකක් හැදීම චම්පිකාගේ සහ සිරිසේනගේ සැලසුම විය.

රිය අනතුරෙන් පලා යාමට චම්පිකට උදව් කළ දප්පුල සහ යසන්ත

එජාපය නැමති මහා වෘක්ෂයෙහි  මුල මරා දැමීම සිරිසේනගේ සහ චම්පිකගේ සැලසුම විය. පස්චාත් බැඳුම් කර කුමන්ත්‍රණය මෙහෙයවා ඇත්තේ චම්පික බව දැන් හෙලිදරව් වී ඇත . ලංකා ඊනිවුස් යොදා ගනිමින් සිරිසේනගේ චරිතය ඝාතනය කිරීමට රවි කුමන්ත්‍රණය කරනාවා කියා සිරිසේනට කේලාම කියා ඇත්තේද චම්පිකය . චම්පිකගේ ලණු කෑ සිරිසේන රවිට සහ  ලංකා ඊ  නිවුස් එකට පහර දුන්නේය. මහ බැඳුම්කරය ගැන සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කළේය. එජාපය විනාශ කිරීමේ කොන්ත්‍රත්තුව දප්පුලට පැවරුවේය. රිය අන්තුරෙන් පලා යාමට චම්පිකට උදව් කළේ දප්පුල සහ යසන්ත කෝඳාගොඩය.

කුමන්ත්‍රණයේ දිග පළල –  මිනිසුන්  බැඳුම්කර  නම ඇහුවේද එජාප කාලයේය

බැඳුම්කර ගණුදෙනුව සිදුවන විට මහ බැංකුව තිබුනේ රනිල් යටතේය. බෑනාට ණය දුන් ලංකා බැංකුව තිබුනේ කබීර් යටතේය. බෑනාට අත් උදව් දුන්නේ මලික් , පී.අජිත්, හර්ෂලාය, සේනසිංහලා  පොත් ලියමින් සුදුහුණු ගෑවේය. නමුත් බැඳුම් කරයේ චූදිතයා වූයේ  රවීය. වෝහාරික වාර්තාව අනුව යහපාලන ආන්ඩුව කාලයේ සිදුවූවා මෙන් හතර ගුණයක පාඩුවක් 2005- 2014 කාලයේ බැඳුම්කර ගණුදෙනුව වලින් සිදුවී ඇත. නමුත් සාමාන්‍ය මිනිසුන්  බැඳුම්කරය යන  නම ඇහුවේ එජාප පාලන සමයේදීය. එජාපය මහා අපරාධයක්  රටට සිදු කොට ඇතැයි   මිනිසුන්ට දැනුනි. පක්ෂය විනාෂ කිරීමට දියත් වූ   කුමන්ත්‍රණයේ දිග පලල මින් වටහා ගත හැක

 එන් ට්‍රස්ට් සමාගම ඉපයූ මුදල් බෙදාගෙනද අවසානය

යහපාලන බැඳුම්කර ගණුදෙනුවෙන් වංචාවක්  වුවද නොවුවද බෑනාගේ සමාගමේ  සියළු වත්කම් අත් හි‍ටුවූයේය. නමුත් රාජපක්ෂලා  බැඳුම්කර ගනුදෙනු කල  එන් ට්‍රස්ට් සමාගම ඉපයූ මුදල් බෙදාගෙනද අවසානය. බැඳුමකරය නිසා රවීගේ මුදල් ඇමති කමට කෙල විය. නව මුදල් ඇමති වූයේ මෝස්තර නීරූපන ශිල්පියෙකු වූ මංගලය. දැන හෝ නොදැන මංගල කුමන්ත්‍රණ කරුවන්ගේ ඉත්තා විය. ඇමති මාරුව සමග  ආර්ථිකය යලි අභාවයට ගියේය. සිරිසේන සහ චම්පික එජාපය විනාෂ කිරීමට ශූක්ෂම ලෙස බැඳුම් කරය යෝදා ගත්තේය. එහි ප්‍රථිපල 2018 පලාත් පාලන මැතිවරණයේදී දැක ගත හැකි විය.

වැලිකඩින් කන චම්පික සහ චූ කොල්ලන්ගෙන් ගුටි කන සිරිසේන

සිරිසේන සහ චම්පික දේශපාලන පක්ෂ 2ක් කිහිල්ලේ ගහ ගෙන සිටියි. නමුත් දෙදෙනාටම ජන පදනමක් නැත. ඔවුන්ට  ජන පදනමක් හදා ගැනීමට නම් පොහොට්‍ටුව හෝ එජාපය හයිජැක් කළ යුතුය. සිරිසේන පොහොට්‍ටුවේ ජනපති අපේක්ෂකයා  හෝ අගමැති අපේක්ෂකයා වීමට නොකළ දෙයක් නැත. දින්නොත්  සජිත්ගේ අගමැති වීම හෝ  පරාජය වුවහොත්   බොරදියේ මාළු බෑම චම්පිකගේ සැලසුම විය. නමුත් ඔවුන්ගේ කුමන්ත්‍රණ ඔවුන්ටම පාරාවල්ලක් වී ඇත. සිරිසේන දැන් ගුටි කන්නේ පොලොන්නරුවේ පොඩි කොල්ලන්ගෙනි.  තව ටික දොහකින් චම්පිකට කන්ඩ වන්නේ වැලිකඩනි