අජිත් ඩෝවාල් ගෝඨා හමුවූයේ තවත් බිලි පූජාවකටද ?

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් ජනවාරි 18 වැනිදා ලංකාවට පැමිණියේය . ඔහු මහින්ද සහ ගෝඨා දෙදෙනාම හමු විය. අජිත් ඩෝවාල් ආරක්ෂක හමුදා සඳහා උපකරණ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකග වූ බව ගෝඨාගේ නිල මාධ්‍ය වාර්තා කර තිබුණි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සඳහා ආයෝජනය කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව දෙරණ වාර්තා කළේය. පෙබරවාරියේදී මහින්ද නඬයක් සමග යලි ඉන්දියාව බලා යාමටද නියමිතය.

අජිත් ඩෝවාල් ආවේ මෝදි පඹ ගාලක පැටලී සිටින විටය

හින්දුත්වාදය උත්කර්ෂයට නැගීම නිසා මෝදි මේ වන විට පඹ ගාලක පැටලී සිටියි. කාෂ්මීරයෙන් ලඬක් වෙන් කිරීම, මුස්ලිම් විවාහ නීතියා සංශෝදනය කිරීම, අයෝධ්‍යා නඩු තීන්දුව අත්පොළසන් වර්ෂාවක් මැද නිම කිරීමට මෝදිට හැකි විය. නමුත් මෝදි ගෙන ආ ජාතික පුරවැසි පනත අභියෝගයට ලක් විය. දශක දෙකකට පමන පෙර අනවසර සංක්‍රමණිකයන් ලක්ෂ ගනනින් ඉන්දියාවට ආහ. අනවසරයෙන් පැමිණි  ඔවුන්ට පුරවැසිභාවය නොලැබුණි. නමුත් ඔවුන්ගේ දරුවන් ඉන්දියාවේ උපත ලද නිසා නිසා පුරවැසිභාවය ලැබුණි. එනම් පුරවැසිභාවය හිමිවූ දරුවන් ඉන්දියාවේ සිටින විට පුරවැසිභාවය නැති දෙමාපියන් පි‍ටුවහල් කිරීමට නියමිතය. මිලියන 2 කට ආසන්න ප්‍රමාණයකට මෙම ඉරණම අත්වෙයි. ඉන් 99% මුස්ලිම් ජාතිකයන් වෙයි. මෙම පනතට එරෙහිව නැග ආ විරෝධතාවලින් සියයකට ආසන්න පිරිසක් මිය ගොස් ඇත.

හිරවී ඇති පුරවැසි පනත ඉදිරියට ගෙන යාමට බිලි පූජාවක් අවශ්‍ය වී ඇත

මෝදි දෙවන ධූර කාලය සදහා තරග කරන විට ඔහුගේ ජනප්‍රියත්වය බොහෝ සෙයින් පිරිහී තිබුණි. නමුත් ලංකාවේ පාස්කු ප්‍රහාරය පැවති තත්වය වෙනස් කළේය. ඉන්දියාවේ ඡන්ද විමසීම  ලංකාවේ මෙන් නොව මාසයක් පුරා දිව යන්නකි. ඡන්ද විමසීම ආරම්භයේදීම පාස්කු ප්‍රහාරය එල්ල විය, මැතිවරණය අවසන් වන තෙක් මෝදි පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගියේය. ගෝඨාගේ  ගොඩ ගියේද පාස්කු ප්‍රහාරය නිසාය. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් වූයේ ගෝඨාගේ කුප්‍රකට බුද්ධි අංශ  සුරේෂ් සලේ සහ ස්වාමිගේ RSS කල්ලියය.

අද යලිත් මෝදිගේ ආන්ඩුව දුෂ්කර අඩියකට වැටී ඇත මිලියන 2ක මුස්ලිම් ජනයා පි‍ටුවහල් කිරීමට මෝදි ගෙන ආ ජාතික පුරවැසි පනත මේ වනවිට හිර වී ඇත. නමුත් කොහේ හෝ අයි. එස් ප්‍රහාරයක් එල්ල වුව හොත් මුස්ලිම් බිල්ලා පෙන්වා පනත ක්‍රියාත්මක කළ හැක.

පාස්කු ප්‍රහාරයෙන් පසු  සම්මත වූ භයානක පනත

අජිත් දොවාල් ලංකාවට පැමිනීමට පෙර දෙසතියක කාලය දැඩි ආන්දෝලනයට ලක් විය .කේරල තමිල්නාඩු බෝඩරයේ පොලිස් මුර පොලකට අයි.එස් ත්‍රස්තවාදීන් යයි කියා ගත් පිරිසක් පහරදී තිබුනි. අවි ආයුධ සමග මුස්ලිම් සටන් කාමීන් 250 කට ආසන්න පිරිසක් අත් අඩංගුවට පත්ව තිබුනි. ප්‍රහාරයක් එල්ල කිරීමට ලංකාවේ පිරිසක් ඉන්දියාවටත් , ඉන්දියාවේ පිරිසක් ලංකාවටත්  පැමිණ ඇති බව බුද්ධි අංශ වාර්තා කර තිබුනි.

ජාතික විමර්ෂණ ඒජන්සිය NIA යනු ත්‍රස්තවාදය මැඩලීම සදහා ඉන්දියාවේ  ක්‍රියාත්මක විශේෂ ඒකකයකි. පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම ඒකකයට කලාපයේ ඕනෑම රටකට පිවිසිය හැකි බලපත්‍රයක් ලැබුනි. ඔවුන්ට එම බලය ලැබුනේ ඉන්දියාවේ සම්මත වූ විශේෂ පනතකිනි. අජිත් දොවෝල් ලංකාවට පැමිනීමට පෙර දෙසතියේ  අයි.එස් භීතියක් ඇවිල ගියේ නිකම් නොවන බව දැන් පැහැදිලිය. එනම් NIA ඒජන්තයන් නිල වශයෙන් මෙරටට පැමින ඇත.

සාරා ගෝඨාගේ බුද්ධි අංශ  සැලේගේ සෙවනේ !

ක‍ටුවාපිටිය බෝම්බකරු පැහැරගෙන ගොස් විවාහ කරගත් සාරා නොහොත් පුලස්තිනී රාජේන්ද්‍රන්  සයිදමරුදු පිපිරීමෙදී වලදී මිය ගිය බව කීවද එය මුසාවකි. ඇයගේ ඩී.එන්.ඒ මියගිය  කිසිවෙකු හා ගැලපුනේ නැත. මරාගෙන මැරෙන ප්‍රහාරකයන්ගේ බිරින්දෑවරුන්ගෙන් අත් අඩංගුවට පත් වූයේ එක් අයෙක් පමනි. එනම් සාරා සමග  මරාගෙන මැරීමට දිවුරූ කාන්තාවන් හය දෙනෙකු නිදැල්ලේ වෙසෙයි. ඔවුන්  කුප්‍රකට සුරේෂ් සැලේ සෙවනේ වෙසෙනවාද නැත හොත් සැලේගේ පාලනයෙන් මිදී ක්‍රියාත්මක වනවාද යන්න අභිරහසකි. නම ගම හෙළිදරව් වී ඇති නිසා ඔවුන්ට සමාන්‍ය ජන ජීවිතයට පිවිසීමට නොහැක. එක්කෝ අවි ගත් ඔවුන්  අවියෙන්ම  නැසීය යුතුය නැත හොත් සිරගෙයි තැපිය යුතුය. ඉන්දියානු NIA ඒජන්තයන් ලංකාවේ ක්‍රියාත්මක වන පසු බිමක ඉන් කුමක් විය හැකිද යන්න කාලය තීන්දු කරනු ඇත

විය හැකි දේ – හොද සහ නරක

එජාප පාලන සමයේ සිදුවූ බිලිපූජා වලට ගෝඨා අත්උදව් දුන්නද අද තත්වය වෙනස්ය. මක්නිසාදයත්  ප්‍රහාරයක්  සිදුවුව හොත් මුලින්ම රෙද්ද කැඩෙනුයේ යුධ විශේසඥ නන්දසේනගේය. එහෙයින් භූමියේ සිදුවන ප්‍රහාරයකට ඇති ඉඩකඩ අඩුය. නමුත් ගුවන් යානාවක් පැහැර ගැනීම , සයිබර් ප්‍රහාරයක්  වැන්නක් විය හැකිය . එවැනි කුමන්ත්‍රණයකින්  දෙපාර්ශවයටම යාහැකි ඉලක්ක බොහෝය.

ගෝඨාට අන්තර්ජාලය සහ දුරකථන ඇමතුම් ස්කෑන් කල හැකි පෙගසස් Pegasus වැනි යාත්‍රණයක් මිලදී ගත හැක. ජාතික හැදුම්පතේ සිට බැංකු ගිණුම දක්වා පුද්ගලික දත්ත සියල්ල පරිඝනක ගත කිරීම  කළ හැක. රජයේ කාර්යාල වල පෝලිම් වල ලැගීම  වෙනුවට  ඇප් එකකින් තම වාරය වෙන් කර ගැනීමට හැකි වනු ඇත.  රජයේ කාර්යාල වලට පමනක් නොව පලාතේ  ඇමති , මන්ත්‍රි  හමු විමටද  ඇප් එකක් දැමිය හැකි නම් අඟනේය. හොද් දේ හොදයි කීමටත් නරක දේ නරකයි කීමටත් අප පසුබට නොවෙමු.

කමල් ගුනේ  නන්දිකඩාල්  පට්ටන්දරය නවතා වැඩට බැසිය යුතුය

හුලගට තරු ගැසූ කමල් ගුනේ ගේ නන්දිකඩාල්  පට්ටන්දරය හුදී ජනයාට පමනක් නොව පොහොට්‍ටු කාරයන්ටද දැන් එපා වී ඇත. ගොඨාගේ හිට් ස්කොඩ් එකට  ලයිසන් දෙන බුද්ධි අංශ පනත නීති ගත කිරීමට පෙර රටේ ආරක්ෂාව වෙනුවෙන් කළ යුතු බොහෝ දේ ඇත. ලංකාවේ මිනිසුන්ගේ දත්ත පරිඝනක ගත කිරීමට පෙර අනවසරයෙන් ලංකාවේ වෙසෙන ලක්ෂ හතරක චීන ජාතිකයන් සම්බන්දව මූලික නීතිය ක්‍රියාත්මක විය යුතුය. චීන ජාතිකයන් මිලදි ගෙන ඇති අති විශාල භූමි ප්‍රමාණය සහ එය මිලදී ගත් ආකාරය ගැන සෙවිය යුතුය. චීන ජාතිකයන්ට ඒසා විශාල භූමි ප්‍රමාණයක් මිලදී ගැනීමට පහසුකම් සැලසූ රාජ්‍ය නිලධාරීන් සහ මැති ඇමතිවරු ගැන පරීක්ෂණ කළ යුතුව ඇත. විදෙස් බුද්ධි අංශ වල පොර පිටියක් වී ඇති  අපේ රට ගැන   මීට වඩා වගවීමෙන් සහ විනිවිධ භාවයෙන් කටයුතු කළ යුතුව ඇත

කීර්ති රත්නායක ලියූ ලිපිය උපුටා ගැනීම ලංකා ඊ නිවුස්