ගෝඨාගේ අනියම් එකටත් තානාපති ධූරයක් ලැබෙයි

By තුෂාරා වන්නිආරච්චි

ගෝඨා රාජ්‍ය ආයතන සදහා ප්‍රධානීන් පත්කිරීමට කමිටුවක් පත් කළේය. එම කමි‍ටුවේ සාමාජිකයන් හය දෙනෙකු විය . ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් කාන්තාවන් වන නමුත් මෙම කමිටුවේ එක් කාන්තාවක්වත් සිටියේ නැත .විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා පිරිසෙන් 70%ක් කාන්තාවන් වන නමුත් ගෝඨාගේ කමිටුවේ එක් කාන්තාවක්වත් සිටියේ නැත. අවසානයේ කමි‍ටුවේ සාමාජිකයන් මෙන්ම ඔවුන් පත්කළ පුද්ගලයන්ද දූෂිතයන් විය

රාජ්‍ය ආයතන වලට පමනක් නොව විදේශ තානාපතිවරුන් ලෙස පත් කළේද  දුෂිතයන්ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කළේ  මල්රාජ් ද සිල්වාය.වනචර දශකයෙදී කොන්සුලර් කාර්යාලය සඳහා යයි ඇමරිකානු ඩොලර් 8000ක මාසික කුලියට සුපිරි නිවසක් ගත්තේය. එම නිවස කිසිම කොන්සියුලර් සේවාවක් සදහා යොදා නොගත් අතර  ගෝඨාගේ පුත්‍රයා එහි පදිංචි වී සිටියේය. ගෝඨා මෙම මගඩිය සිදු කළේ මල්රාජ් සමගය. අමෙරිකාවේ ගෝඨා සතු වත්කම් බලා කියා ගන්නේද  මල්රාජ්ය.

ගෝඨා ප්‍රංශයේ සහ යුනෙස්කෝවේ ශ්‍රී ලංකාවේ තානාපති ලෙස පත්  කළේ ඊවා වනසුන්දරය . 2015 දී මිග් ගනුදෙනු විමර්ශනය සම්බන්ධයෙන් ගෝඨා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කළේ  වනසුන්දරය. ගෝඨා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කර ඇත්තේ සී.ඒ. චන්ද්‍රප්‍රේම ය. ගෝඨා පුම්බන පොත් සෙට් එකක් ලියුවේ මොහුය. ඒ අනුව ගෝඨා ගැන පොත් ලියූ එකාටත් තානාපති ධූර ලැබුණි.

තක්කඩින්ට, දූෂිතයන්ට, ගජයන්ට පමනක් නොව ගෝඨා සිය අනියම් භාර්යාවටද තානාපති කමක් දුන්නේය. මනෝරී ’වියත් මග’ වැඩසටහන් මාලාවේ ප්‍රධාන සංවිධායකවරියක් ලෙසද  කටයුතු කළේය. ගෝඨාගේ සමාජ ජාලා හැසිරවීම භාරවූයේද ඇයටය. ගෝඨාගේ උෂ්ණය ඇඟට ගත් මනෝරී අනෙකුත් සමාජ ජාලා ක්‍රියාකාරීන් සමග ගැ‍ටුම් ඇති කර ගත්තාය. හාන්සි වීම පමනක් ප්‍රගුණ කර සිටි මනෝරී ගෝඨාගේ සමාජ ජාලා මෙහෙයුම අල කළාය.

ලලිත් උනම්බුව සමග විවාහ වී සිටි මනෝරි දැන් ඔහුගෙන් වෙන් වී  සිටියි. විකෘති ජීවිතයක් ගෙවන මනෝරී රාත්‍රී සමාජශාලා වලට යාමට ගිජු කමක් දක්වන තැනැත්තියක් ලෙස ප්‍රකටය. මනෝරී වෘත්තියෙන්  අලෙවි ක්ෂේත්‍රයට සම්බන්ධ කාන්තාවකි. ඇයට  භූ දේශපලනය පිළිබද කිසිදු පරිචයක් නොමැත. මනොරී විවෘත්ත වේදිකාවේ සිය  නූගත්කම සහ මුග්ධ භාවය පෙන්වූ අවස්ථා එමටය.  ගෝඨාගේ රෙද්ද කඩන පලවෙනි විදේස් දූතයා මනෝරි උනම්බුව බව නිසැකය