ඔරුවෙන් හොරෙන් පැමිණි කිලීට රජුන් තැනීම බාර දෙමුද ?

By තුෂාරා වන්නිආරච්චි –

කිලී මහරාජා ප්‍රභාකරන් මෙන් රහසිගත ජීවිතයක් ගත කරන අයෙකි. නමින් මහරාජා වුවද කිලී කල්ල‍ ‍තෝනියෙකි. දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” . ඔරුවලින් ලංකාවට හොරෙන් පැමිනෙන උන්ට කල්ල‍තෝනීන් කියුවේ එහෙයිනි. කිලීගේ මුල් පුරුක් ඉන්දියාවේ සිට ඔරු වලින් හොරෙන් ආවේ දුම්රිය මාර්ග කම්කරුවන් ලෙසිනි. ඉන් පසු සුළු කොන්ත්‍රාත්කරුවන් විය. අනතුරුව පයිප්ප බට කර්මාන්තයට අත ගැසුවේය. යහමින් මුදල් ‍රැස් කරගත් පසු ජන මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසියේය. අවසානයේ දේශපාලනයට අත ගැසුවේය.

ඔරුවෙන් හොරෙන් පැමිනි කිලී රටේ රජුන් තැනීමට අතගසයි

සිරස මාධ්‍ය ජාලයේ සහාය අවශ්‍ය නම් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 3ක් තමාට ලැබිය යුතු බව වරෙක කිලී රනිල්ට කීවේය. මන්ත්‍රී ධූර 3 ට හිලව් වන පරිදි මාධ්‍ය හරහා රනිල් එසවිය හැකි බව කිලී කීවේය. නමුත් රනිල් ඊට එකග නොවීය. කිලී එදා පටන් රනිල්ට පන්න පන්නා පහර දෙයි. සිරිසේන ජනපති වීමත් සමග කිලී හොද කළ දසාවක් ආවේය. කෝටි ගනනක් වටිනා ගුවන් විදුලි සංඛාත නොමිලේ ලබා ගත්තේය. හමුදාවට යුධ උපකරණ ගෙන්වන කොන්ත්‍රාත්  ලබා ගත්තේය. රුසියානු යුධ නැව් ජාවාරමට එරෙහි වූ  ට්‍රැවිස් සින්නයියා මාස 3න් ගෙදර යැවූයේ මොවුන්ය.

තම පවුල කැඩුණු කිලී අනෙකාගේ පවුලටත් එය විය යුතු යයි සිතයි

සිරස මාධ්‍ය භාවිතය ගුජුප්සාජනකය. පවුල් සංස්ථාව කඩා බිද දමා වල්මත් පරපුරක් බිහි කිරීම  සිරස යටි අරමුන බව එහි භාවිතයෙන් මනාව පැහැදිලි වෙයි ,මල නොතලා රොන් ගන්නා සේ කිලී මෙම සාහසික වැඩ පිලිවෙල මෙහෙයවයි. සිය පවුල් ජීවිතය කඩා බිඳ වැ‍ටුනු නිසා එම ඉරනම අනෙකාගේ පවුලටත් අත් විය යුතු යුතු යයි කිලී සිතනවා විය හැක . ලංකාවේ දහස් ගනනක් මිනිසුන් මරා දැමූ තවත් දහස් ගනනක් රෝගී කල ග්ලයිෆෝසෙට් අයිතිකරුවා කිලීය. කිලීගේ සත්ගුණවත් භාවය පෙන්වීමට මීට වඩා උදා හරණ අවශ්‍ය නැත

කිලීගේ බැල්ක්මේල් කලාව

යහපාලන රජය පත්වූ විගස ‘සිරස’ ගාලු මුවදොර පැය විසි හතර පුරා කැමරා අටවාගෙන චීන පෝට් සිටි ව්‍යාපෘතියට විරෝධයක් පෑවේය. රටේ නැති පාරිසරික ගැටලු මවා පෑවේය. සිරස මාධ්‍ය ජාලය පරිසරය වෙනුවෙන්ම කැපවන බව පෙන්වමින් පෝට් සිටි ව්‍යාපෘතියට උදේ සිට රෑ වනතුරු පහර දුන්නේය. කිලී එන පොට තේරුම් ගත් පෝර්ට් සිටි ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක Dr. Lin ඩොලර් මිලියන 25  කොන්ත්‍රාත්තුවක් සිරසට දුන්නේය . මෙය පෝර්ට් සිටියේ ප්‍රතිරූපය ඉහල නැවීම වෙනුවෙන් කළ ව්‍යාපාරික ගණුදෙනුවක් විය.කිලීගේ බ්ලැක් මේල් කලාව ව්‍යපාරික ගණුදෙනුව සඵල කළේය

කිලී යනු  සිය මාධ්‍ය ජාලය හරහා අසද්ද බොරු ජනගත කරන අයෙකි

කිලීට කුට්ටිය ලැබීමත් සමග එතෙක් මහ භයානක ව්‍යාපෘතියක් වූ පෝර්ට් සිටිය එක ‍රැයින් මහා අනර්ග ව්‍යාපෘතියක් විය. එතැන් පටන් කිලී තම මාධ්‍ය ජාලය හරහා පෝර්ට් සිටියට  සුදුහුණු ගෑවේය. සිරස විසින් එම ව්‍යාපෘතිය හැදින්වූයේ ‘රන්බිම ව්‍යාපෘතිය’ වශයෙනි. සිරස ගමින් ගමට ගොස් රන්බිම ව්‍යාපෘතිය ඔස්සේ ගඩොලින් ගඩොල ඉදිවන සාම ස්මාරකයක් ගැන බොරු පම්පෝරියක් ගැහුවේය. ඉදිවන සාම ස්මාරකය නෙළුම් කුළුනට වඩා උස එකක් බව කීවේය. දවස පුරා සිරස පොර්ට් සිටියේ ගුණ වැයුවේය .කිලී යනු  සිය මාධ්‍ය ජාලය හරහා අසද්ද බොරු ජනගත කරන  අමනයෙකි.

පක්ෂය සහ  ආන්ඩුව දෙකම තම යටතට ගැනීමට කිලී මාන බැලුවේය

රටේ අවසනාවට  සජිත් ප්‍රේමදාස එහෙව් කිලීගේ වහලෙක් වීය. කිලී සිය මාධ්‍ය ජාලය  රනිල්ට ගහන විට සජිත් ආශ්වාදයෙන්  බලා සිටියේය. 2015 ලැබුනු  හැට දෙලක්ෂයක  ජනවරම  කිලී  හයි ජැක් කළේය.  රට වල පල්ලට ගියේය,  මිනිසුන් කබලින් ලිපට වැ‍ටුනි. නමුත් සිරිසේන සහ කිලී බිලියනපතියන් විය.  සජිත්, සිරිසේනගේ සහ කිලීගේ අතකොළුවක් විය  . ජනවාරි 8 ජනතා අභිලාෂ ගැන ඔවුන් කිසිවෙක් වද නොවීය. රනිල් ගෙදර යවා පක්ෂය සහ  ආන්ඩුව දෙකම තම යටතට ගැනීම කිලීගේ සැලසුම විය. සිය ප‍ටු අරමුණු වෙනුවෙන් ජනපති අපේක්ෂකත්වය සජිත්ගේ ඇඟේ ගැහුවේය.

නරක වේලාව පැමිනි විට මෝල් ගසුත් පත්තු විය හැක

මහ පොළොවේ මිනිසුන් සඳළුතල කිලී- සජිත් නඬයට අමතක නොවන පාඩමක් ඉගැන්වූයේය. කොතලාවලට අත්වූ ඉරණම කිලී කරා නොපැමිනීමට හේතු නැත . මේ ගත වෙන්නේ බංකොලොත් ගැට්ටේ කිලීගේ අවසන් හෝරා ටිකය. කිලීට ඇත්තේ තව එක කොළයකි . ඒ  සජිත්- ගොඨා ජාතික ආන්ඩුව පමණි . ශෙවාන් ඩැනියෙල් ඇතුලු  බත් බැලයන් පාර්ලීමේන්තු යවන්නෙ ඒ වෙනුවෙනි. ශෙවාන්ට පක්ෂයේ  තනතුරු ඉල්ලන්නේ ඒ වෙනුවෙනි. සිරිසේනත් කිලීගේ කුමන්ත්‍රණයේ සාමාජිකයෙකි. සිරිසේන සංධාන ගැන කථා කරන්නේ සම සභාපති ධූර ඉල්ලන්නේ ඒ වෙනුවෙනි. නමුත් පුරවැසියන් ඊලග ඡන්දයෙදී  ඔරුවෙන් හොරෙන් පැමිණි කිලීගේ  දේශපාලන ගණිකා  ව්‍යාපාරයට තිත තැබීමට සූදානමින් සිටියි

By තුෂාරා වන්නිආරච්චි