ෆොනීගේ ආරක්ෂක ඇමති ෆැන්ටසිය සහ ගෝඨාගේ පදක්කම්

මෙවර නිදහස් සැමරුමට  ගෝඨා පැමිනියේ තමන් දිනූ  වික්‍රමාන්විත පදක්කම් පැළඳගෙනය.ඒ පිළිබදව සරත් ෆොන්සේකා දැක් වූ අදහස් මේ වනවිට ආන්දෝලනයට ලක්වී ඇත. පීසා කඩේට අඳින කමිසයට පදක්කම් පැළඳිය නොහැකි බව ෆොන්සේකා කීවේය.

සජිත් රජ වූ දිනක ආරක්ෂක ඇමති ධූරය ලැබේ යයි සිහිනයක ෆොන්සේකා වෙලී සිටියි. නමුත් සජිත් යනු දේශපාලන ගංඟාව තරණය කිරීමට  චම්පික යොදා ගෙන ඇති බූරුවෙකි. ඇග පතට සරිලන පරිදි ෆොන්සේකාගේ මොළය වැඩී නොමැති බව ප්‍රසිද්ධ රහසකි .

ෆොන්සේකා හූමිටි තියන හමුදාව බ්‍රිතාන්‍ය ‍රැජිනගේ මිලිටරියේ කාබන් කොපියකි. නිලධාරියෙකුගේ කඩු සරඹයේ අයන්න  ”අදින් අසි”  වෙයි. කඩුව කොපුවෙන් ගත් සැනින් එය  මුව අභිමුවට ගෙන ආ යුතුය. සිරස් ආකාරයට පිහිටි  කඩුව සිප ගනියි. එමගින් සංකේතවත් කරන්නේ රැජිනට ඇති පක්ෂ පාතීත්වයයි. ගමනේදී උත්තමාචාර අවි පිලිගැන්වීමේදී  කඩුවෙන් කුරුසය සටහන් කරයි. දෙවියන් වහන්සේගේ දාසයෙකු බව එමගින් සංකේතවත් කරයි. දෙවියන් උත්තරීතරය . ‍රැජින නියෝජිතයාය. කඩුව හිමි එම රාජ්‍ය රක්ෂා කරන උන්ටය.

සුද්දාට මෙරට යටත් කරගැනීමට නොහැකි වූයේ හෙලයා සතු වූ අසම සම යුධ කලාව නිසාය  . චිරාත් කාලයක් පැවති හෙල යුධ ශිල්ප මකා දැමීමට සුද්දාට අවශ්‍ය විය.  පරගැති යුධ සරඹ සුද්දා අපට බලෙන් කැවූයේය . අධිකාරියේ සංකේතය වූ ‘විල්කිල්සන්’ කඩුව ,  නිල ඇඳුම්,  සරඹ මේ සියල්ල පරයන්  විසින් හෙලයාට කැවූ ඒවාය.  

අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා මෙරට නාවික හමුදාවක් පැවති බවට සාධක ඇත. මහාවංශය, සම්මෝහවිනෝදනිය, නිකාය සංග‍්‍රහය, පැරකුම්බා සිරිත, රාජාවලිය, ක්වේරෝස්ගේ වාර්තා, බැලදියස්ගේ වාර්තා ඊට සාක්ෂිය.1818 ඔක්තෝම්බර් 5 වන දිනදී එන්ගලන්ත ආණ්ඩුව ගැසට් නිවේදනයක් මගින් අංගම් කලාව තහනම් කළේය . අංගම් කලාව පුහුණුවන්නන්ට දණහිසෙන් පහලට වෙඩි තැබීමට අණ කෙරිනි.

හෙල හමුදාව මුල්ලේරියාවේදි කාලතුවක්කු වලින් සන්නද්ධ වූ පෘතුගීසී හමුදාවට දුවන්ඩ ගැසුවේය. ලක්බිම ගැමුනු, පැරකුම්, විජබාවන්ගේ රණ බිමකි. එකී හෙල සේනාවේ වීර සෙන්පතියන්ට ගම් වර සමග පදක්කම් හිමි විය. ඔවුන් එකී පදක්කම්  පැලඳ  ගත්තේ කෝට් බෑ වල නොවන බව ෆොන්සේකාට මතක් කළ යුතුය.

සරත් ෆොන්සේකා යනු සමාජයක ‍රැකිය යුතු යයි සම්මත අවම ගුණධර්ම වත් නොරකින අශිෂ්ඨයෙකි. 2009 කැම්පේන් එකට ලැබුනු මුදල් ෆොන්සේකාගේ පෞද්ගලික ගිනුම් වල තිබී හමු විය. ඒවා අදටද නඩු භාන්ඩය. ෆොන්සේකා පාර්ලීමේන්තු ආවේ ජාතික ලැයිස්තුවෙනි. ඔහුට එවැනි තනතුරක් දුන්නේ රනිල්ය . නමුත් අද ඔහු රනිල්ට එරෙහිය.

5 වසර ශිෂ්‍යත්ව විභාගයට දියනිය ‍රැගෙන යමින් සිටි පියා වල්  අලි ප්‍රහාරයකට ලක්ව මිය ගිය සිදුවීමක් පසු ගිය ආන්ඩු කාලයේදී වාර්තා විය. එම සිදුවීමෙන් පසු  ෆොන්සේකාට වන ජීවී ඇමතිකම ලැබුනි. ඔහුට අලි මිනිස් ගැ‍ටුමෙන් පීඩාවට පත්ව සිටින මිනිසුන්ට සෙතක් සැදීමට  යුතුකමක් තිබුනි. ෆොන්සේකා විසදුමක් තියා අලි මිනිස්  ගැ‍ටුම වටහා ගැනීමටවත් උත්සාහ නොකළේය . සිහි විකල් වූවෙකු මෙන් නියෝජ්‍ය ඇමතිවූ තෙවරප්පෙරුම සමග ඔට්‍ටු විය .

ෆොන්සේකාගේ චරිත කථාව තුල කොටි ‘නොනවතින ‍රැල්ලේ’ සිට මේජර් ජෙනරාල් කුලතුංගගේ මෙහෙකාරිය දූෂණය කිරීම දක්වා කථා ඇත. චම්පික යටකල සංදීප ගැන පොන්සේකා අවලං කථාවක් කීවේය .යතුරුපැදිය පැයට කිමී 170 ක වේගයෙන් ධාවනය කොට ඇති බවත් සංදීපට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව කීවේය.  අබාධිත  තරුණයා දෙස මානුෂීය කෝණයෙන් නොබැලීම  නිසා එජාපයට ම්ලේච්ඡ හංවඩුවක් වැදුනි . ජනයා හමුවේ  සදාචාර බැඳියාව අහිමි විය.

ෆෝන්සේකා ගෝඨාගේ පදක්කම් ගැන කීවේද හරසුන් අළුගුත්තේරු කථාවකි. අශිෂ්ඨ ෆොන්සේකා වහාම ශිෂ්ඨාචාරගත කළ යුතුය