හාරත ළකුණ හරාම් එකක්, මුස්ලිම් පූජකයන් විරෝධය පායි

සජිත් ප්‍රේමදාසගේ නව පක්ෂය වන සමගි ජන බලවේගය සහ එහි ලකුණ “හදවත” මේ වන විට අභියෝග ගණනාවකට මුහුණ පා ඇත . සෞදි අරාබිය මුස්ලිම් ජනයාගේ මහගෙදරයි. ප්‍රොපට් මොහොමඩ් උපන්නේ එහිය. සෞදි අරාබියේ ආගමික කටයුතු පිළිබදව ක්‍රියා කරන පොලීසියක් ඇත. මුතෙව්වා ලෙසින් හදුන් වන්නේ ඔවුන්ය Committee for the Promotion of Virtue and the Prevention of Vice. පුද්ගලයන්ගේ චර්යාවන් , වාණිජ කටයුතු , ජන මාධ්‍ය මෙකී නොකී සියල්ල පිළිබදව නිර්නායක පනවන්නේ ඔවුන්ය.

ඔවුන්ගේ නිර්නායක වලට අනුව හදවත ලකුණ අකැප නොහොත් ” හරාම්” සලකුණකි. වෙළද ප්‍රචාරණය සදහා හදවත ළකුණ යොදාගැනීම තහනම්ය .විලාසිතාවක් ලෙස හදවත ලකුණ ප්‍රින්ට් කර එන රෙදි පිළි සෞදි ආගමික පොලීසිය විසින් නිරන්තරව වාරණය කරනු ලබයි. කරුණු එසේ හෙයින් මුස්ලිම් ආගමික නායකයන් කිහිපදෙනෙකු සජිත්ගේ පක්ෂයේ නව ලකුණ පිළිබදව විරෝධය දක්වා ඇත. සළකුණ ”හරාම්” හෙයින් මුස්ලිම් ජනයාගේ ඡන්දය සජිත්ගේ පක්ෂයට නොලැබෙනු ඇති බවට ඔවුන් අණතුරු අගවා ඇත