අනුර, කිලී ඉල්ලු නායකයා මිස පාක්ෂිකයන් ඉල්ලූ නායකයා නොවේ

කොටළුවා යනු බූරු පියෙකුටත් අශ්ව මවකටත් දාව උපන් සතෙකි. අද මෙරට ව්‍යාපාරිකයන් , දේශපාලනඥයන්  බොහොමයකට ඇත්තේ කොටළු පැටිකිරියකි. උත්පත්තිය කළවං සේම උන්ගේ වැඩද කලවංය. බිස්නස් සහ දේශපාලනය කලවං කරගත් කිලී මහරාජා එවන් කොටළුවෙකි. නමුත් කොටළු කුලේ කිලීගේ ඉලක්ක  පොඩි නැත. ඔහුගේ ඔලුවේ දුවන්නේ රජුන් තැනීම  , ප්‍රධාන දේශපාලන පක්ෂ පාලනය කිරීම වැනි බරසාර ව්‍යාපෘතිය . තමා කල්ල‍තෝනියෙකු නොවුනේ නම මෙරට ජනාධිපති වන බව ඔහු කියයි. නමුත් කොතරම් වයසට ගියද , කොටළුවා අශ්වයෙකු නොවන බවට කියමනක් ඇත.  ව්‍යාපාර සහ දේශපාලනය පටලවා නොගත්තේ නම් ලලිත් කොතලාවල අදටත් යහතින්ය. කිලී යන්නේ කොතලාවල ගිය පාරෙහිය.

ගහට පොත්ත මෙන් වූ  බිස්නස් සහ දේශපාලනය

කිලීගේ බිස්නස් සහ දේශපාලනය ගහට පොත්ත මෙනි. 20 කට  ආසන්න ව්‍යාපාර පෙලක් ඔහු සතුය .කිලී දේශපාලනයට සම්බන්ද වුයේ 70 දශකයේදීය. 70 මුල් භාගයේදී ආර්. ප්‍රේමදාස සේනානායක පැලැන්තියට එරෙහිව කැරලි ගැසුවේය. එකල්හි ප්‍රේමදාස “සමස්ථ ලංකා පුරවැසි පෙරමුණ” නමින් නව දේශපාලන සංවිධානයක් හැදුවේය. ඩඩ්ලි සහ ප්‍රේමදාස කොටවමින් අළුත් පක්ෂයක් හැදීමට උල්පන්දම් දුන්නේ කිලීය. ඊට හිලව් ලෙස  ප්‍රේමදාස   අගමැති වූ පසු  කිලීට උදව් කළේය. ප්‍රේමදාස ජනපති වූ පසු  ඊටත් වඩා උදව් කළේය. BOI ව්‍යාපෘතියක් ලෙස දෙපානම ඉඩම කිලීට දුන්නේ ප්‍රේමදාසය . නමුත් ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය  එන විට කිලී දිය යටින් ගින්දර ගෙන ගියේය.

කිලී සමග පෑහුනේ කොටළු කුලේ ප්‍රේමදාසලා , සිරිසේනලා  පමනි

1994 චන්ද්‍රිකා සුළග  හමන විට කිලී චන්ද්‍රිකාට කිට්ටු විය. ජනධිපතිවරණය ජය ගත් පසු ටෙන්ඩර් කිහිපයක් අයුතු ලෙස ලබා ගැනීමට කිලී උත්සාහ කළේය. මහරාජා කියන විදිහට නටන්න චන්ද්‍රිකා කැමති නොවිය.  එතැන් සිට චන්ද්‍රිකා සහ මහරාජා  හතුරන්  විය. එහි ප්‍රතිඵලයක් ලෙස කිලී රනිල් සමග එකතු විය. 2005දී රනිල්ගෙ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය තමාට බාර දෙන ලෙස කිලී රනිල්ගෙන් ඉල්ලා සිටියේය. සිරසට කොටි ලේබලය වැදී තිබූ නිසා රනිල් ඊට අකමැති විය.එම හේතුව නිසා කිලී මහින්දට  වාසි වන අයුරින් සිය මාධ්‍ය ජාලය හැසිර වූයේය. නමුත් කොටි සිරසට මහින්දගෙන්ද ලංසුවක් නොලැබුනි. කොටළු කුලේ ප්‍රේමදාසලා , සිරිසේනලා  කිලී සමග පෑහුනද  රාජපක්ෂලා, බණ්ඩාරනායකලා, වික්‍රමසිංහලා කිසි දිනක කිලී සමග නොපෑහුනේය .

සුචරිතයට සහ සිරිකොතට ගල් ගැසුවේ කවුද

2010 දී කිලී – රනිල් වෛරය යලි පිළිසකර කළ නොහැකි ලෙස පුපුරා ගියේය. කිලීගේ ගෝලයන් ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීමට රනිල් අකමැති වීම ඊට හේතු විය. එම සිදු වීමෙන් පසු කිලී රනිල්ට එලවා එලවා පහර දුන්නේය. වරෙක රනිල් එලවීමට බලල් අතක් ලෙස කරු භාවිතා කළේය.  තවත් වරෙක සජිත් භාවිතා කළේය. සිරිකොතට  ගල් ගසා හිරේ ගිය 23 දෙනාට  මුදල් ගෙවූයේ කිලීය. අදාල මුදල සිහිවටන සැමරුමක් යයි කියා ගල් ගැසූ උන්ගේ අතටම දුන්නේ සජිත්ය. තතු දන්නා අය කියන්නේ සුචරිතයට ගල් ගැසුවා කියන කථාව අතේ රෝලක් බවත් ඡ්න්ද ගුන්ඩුවක් ලෙස ප්‍රේමදාස විසින්ම ගල් ගසා ගත් බවය. ගල් ගැසූ උන්ට මුදල් ගෙවා ඇත්තේ කිලීය.

කිලීට සුළු දිය පහ වූ රනිල්ගේ උපාය

2015දී රනිල් එලවීමට  කිලී තවත් සැලසුමක් ගැසුවේය. රනිල් ජනපතිවරණයට  ඉදිරිපත් වන්නේ නම් සහාය දීමට කැමති බව කිලී කීවේය. කිලීගේ සැලසුම වූයේ රනිල්ට කෙලවා  පක්ෂයේ බලය ඇල්ලීමය. නමුත්  පක්ෂයද ‍රැකගෙන රටේ අගමැති වීමට රනිල් ශූක්ෂම විය. රනිල්ගේ උපායෙන් කිලී තවත් කුපිත විය. ඔහු සිරිසේන තම දැලට හසු කරගෙන රනිල්ගෙන් පලි ගත්තේය. එජාපය දුර්වල කොට මහින්ද කඳවුරට යලි නැගිටීමට වේදිකාව හැදුවේ කිලීය . එපමනක් නොව කිලී සිරිසේන බලල් අතක් ලෙස යොදා ගනිමින්  මුළු රටේම  බලය ඇල්ලීමේ කුමන්ත්‍රණක්  කළේය. අධිකරණයට , මහ බැංකුවට සහ අගමැති පු‍ටුවට  තම හෙන්චන් පත් කිරීමට කිලී දියත් කළ කුමන්ත්‍රණය ගිය සතියේ හෙලි කළෙමු.

කොතරම් වයසට ගියද කොටළුවා අශ්වයෙකු නොවේ

ශ්‍රී ලංකාව භූදේශපාලන සුළි කුනා‍ටුවක් අභිමුවට පැමිණ ඇති රටකි. කිලී වැනි කොටළුවෙකුට , සජිත් වැනි ගොබිලයෙකුට කළ එහි හැක්කක් නොමැත. රට ගොඩ නැගීම තියා පක්ෂ විපක්ෂ දේශපාලනය රාමුව තුල යමක් කිරීමට මොවුන්ට නොහැක .කිලී සජිත් කල්ලියට ලොකුම ශක්තිය වූයේ සිරිසේනය. නමුත් දැන් සිරිසේනට  ධූරය සහ පක්ෂය යන දෙකම අහිමිය. අර්බුධයක් නිර්මානය කොට බලයට එන්නා එම අර්බුධයෙනම විනාශ  බව කියා ඇත.  සිරිසේන කිලී සමග කල කුමන්ත්‍රණ  වලින් ඔහුත් ශ්‍රිලනිප යන දෙකම විනාශ විය . සජිත් සහ එජාපයට අත්වන්නේද මෙම ඉරණමය . කිලී සමග ගණුදෙනු කළ කිසිම දේශපාලනඥයෙකුට  අගතියක් මිස සුගතියක් අත්වී නැත. එය සනාථ කරන ඓතිහාසික සාක්ෂි එමටය

ජවිපෙට  කෙලවුනේ ඇයි

කිලී සමග කුමන්ත්‍රණ කිරීමට යාම නිසා විනාශ වූයේ එජාපය ශ්‍රීලනිප පමනක් නොවේ. අනුර කුමාර කිලී සමග කළ ගනුදෙණු ජවිපෙ  කඩාවැටීමට  හේතු විය. සෝමවංශගේ   විශ්‍රාමයට   සහ අනුර කුමාර නැගීමට මතවාදය හැදුවේ කිලීය. එකල්හි අනුරගේ ව්‍යාපෘති පැවැත්වුනේ කොළඹ ටවර් රෝඞ්හි ‘ඞී‍්‍රම් වැලී’ හෝටලයේය. එහි බරපැණ දැරුවේ කිලීය. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න නම් අයෙකි. එය ජවිපේ ශාඛාවකි. සිරස මොහු වෙනුවෙන්  අනිවාර්ය  ගුවන් කාලයක් වෙන් කොට ඇත. කැබිනට් ඇමතිවරයෙකුට වත් නැති ගුවන් කාලයක් ඔහුට හිමිය. කිලී ග්ලිෆොසෙට් ඇතුළු විෂ රසායන එකාධිකාරිය මෙහෙය වන්නේ ජවිපෙ අලගුවක් ලෙස යොදා ගනිමිනි. අනුර කිලී ඉල්ලු නායකයා මිස ජවිපෙ පාක්ෂිකයන් ඉල්ලූ නායකයා නොවේ

කිලී යන්නෙ කොයි පාරේ, කොතලාවල ගිය පාරේ

විපක්ෂයේ  දැක්මක් ඇති මිනිසුන්ට සජිත් – කිලී කල්ලිය සමග වැඩ කිරීම දුෂ්කරය. මහපොළොවෙන් මතු වූ චම්පික වැනි අයෙකුට සජිත් වැනි ගොබිලයෙක් සමග වැඩ කිරීම දුෂ්කරය. ඊලග මැතිවරණයෙදී හකීම් , බදුර්දීන්, තොන්ඩමාන් වැනි චරිත අභිබවා අලුත් පිරිසක් බලයට එනු ඇත. කරුණු එසේ හෙයින් විපක්ෂ නායක කාර්යාලයේ බන කියා ජනයා දිනා ගත නොහැක .  ශවේන්ද්‍ර වැනි විකෘතියක් වෙනුවෙන් පෙනී සිට ජනයා දිනා ගත නොහැක. රාජපක්ෂලා ගලවා විසි කරන සරම,බැනියම සහ සිංහල බෞද්ධ ලංකට් එකෙන් ජනයා දිනා ගත නොහැක. පසුගිය කාලය පුරාවට කිලී සජිත් ආරක්ෂා කළේ අන්තංපුර ආරක්ෂකයා මෙනි. නමුත් හෙට රට යන අත අනුව කිලීගේ පැවැත්මද අභියෝගයකි. කිලී යනු මෙරට අවශ්‍යතාවයක් නොවේ, ඔඩු දුවා ගිය පිළිලයකි.

අවධානය පිණිස – ලියුම්කරු මේ වනවිට කිලී මහරාජා ගැන ලිපි 2ක් පල කොට ඇත. එම ලිපි පල වීමත් සමගම කිලී සහ ශෙවාන්ගේ සුරතලියක් වූ කාන්තාවක් ලියුම් කරුට එරෙහිව අභූත චෝදනා නගමින් මඩ ව්‍යාපාරයක්  දියත් කොට ඇත. ඇය ලියුම්කරු වෙත විසි කල මඩ සුද්ද කිරීමට මෙතැන් සිට දින 30 ක කාලයක් ලබා දෙන අතර එය එසේ සිදු නොවුවහොත්  ඊට සමාන ප්‍රතිචාර  කිලීට ශෙවාන්ට සහ ඇය වෙත දැක්වීමට සිදු වනු ඇත  . සළුපට අහසට විසිවූ ඡායා රූප සහ  වොයිස් රෙකෝඩ් වලට මෙරව විශාල ඉල්ලුමක් ඇති බව අමතක නොකල යුතුය.

උපුටා ගැනීම ලංකා ඊ නිවුස්