මූණ සමග තරහ වී නහය කපා ගත් හර්ෂ , සුජීව සහ පී. අජිත්

මහින්දගේ කාලයේ බැදුම්කර ගනුදෙනු සිදුකල විශාලතම සමාගම වූයේ කැපිටල් එලායන්ස් සමාගමය. හර්ෂගේ පුත්‍රයා වැඩ කලේ එම සමාගමෙහිය. එජාප අන්ඩුවක් බිහිවීමත් සමග  බැදුම්කර කොන්ත්‍රාත්තු හර්ෂගේ පුතාගේ සමාගමට නොලැබුනි. එවා ලැබුනේ පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමටය . තමන්ඩ හිතවත් ව්‍යාපාරිකයන් ප්‍රතික්ෂේප කොට විරුද්ධ පක්ෂයේ උන්ට බිස්නස් දෙන ආන්ඩු ලෝකයේ නැත .

එම අවස්ථාවේදී හර්ෂ එජාපයට හිතවත් පර්පෙචුවල් සමාගමට පි‍ටුපා රාජපක්ෂ ආන්ඩුවට ලැදි කැපිටල් එලායන්ස්  වෙනුවෙන් පෙනී සිටියේය. හර්ෂ කිලී මහරාජා සමග එක්ව පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නැති කිරීමට වැඩ කළේය. රනිල්ගේ හිතවතා වූ මහේන්ද්‍රන්  මහ බැංකුවෙන් එලවා එම තනතුර තමා සතු කරගැනීමට සිතුවේය.මේ සියල්ල කළේ පෞද්ගලික න්‍යායපත්‍ර වෙනුවෙනි

බැදුම්කරයේ හර්ෂගේ භූමිකාව සහ හර්ෂගේ නිලබලය  බාවිතා කොට  බිරිඳ   සිදු කොට ඇති මහා පරිමාණ අයථා ගනුදෙනු රැසක් හෙට අනිද්දා හෙළිදරව් කිරීමට නියමිත බව බැසිල්ගේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය අද කියා ඇත.

මේ හා බැදුනු තවත් සිදුවීමක් ඊයේ හිරු බලය වැඩසටහනේදී දැක ගත හැකි  විය. බැදුම්කරය ගැන සුජීව සෙනාසිංහගෙන් ප්‍රශ්න කරන විට සංවේදී වූ ඔහු නැගිට යන්න ගියේය.

බැදුම්කරය ගැන රවිට සහ රනිල්ට  චෝදනා කළ  චම්පිකගේ සහ සජිත්ගේ ගෝලයන්  දැන්වත් ඇත්ත තේරුම් ගත යුතුය. ඔවුන් කී පරිදි මහ බැංකුව කැඩුවේ රවි සහ රනිල් නම් ඊයේ බලය වැඩ සටහනේදී සුජීවට ඩෝං යාමට හේතුවක් නැත

බැදුම්කරයේ විශාල වංචාවක් සිදුවී ඇති බව මුලින්ම කීවේ සිරිසේන සහ සිරස ය . බැදුම්කරය ගැන සෙවීමට කොමිෂන් පත්කළ සිරිසේන අද නිහඩ ඇයි, සිරස නිහඩ ඇයි . ඔවුන් කළ කී දෑ වලින් විනාශ වූයේ ඔවුන්ය . ලංකා නිවුස් ඇප් එදා සිටම කීවේ මෙම කථාවය

බැදුම්කර විකිනීම යනු පුණ්‍ය ගණුදෙනුවක් නොවේ. සමාගම්  ආයෝජනය කරන්නේ ලාභ අපේක්ෂාවෙනි. ඇලෝසියස් කළේද  එවන් ආයෝජනයකි. මේ සියල්ල උඩු යටිකුරු කලේ කිලී සහ සිරිසේනය . බැදුම්කරය හරහා  පොදු සතුරා වූ රනිල් එලවීමට ඔවුන් සිතූහ. මහබැංකුව කැඩුවා යයි කෑ ගැසූ පාක්ෂිකයන් කළේ මූන සමග තරහ වී නහය කපා ගත්තා වගේ වැඩකි